CPL වලට කොරෝනා බාධාවක් නෙමෙයි

77

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන සුප්‍රසිද්ධ “කැරිබියන් ප්‍රිමියර් ලීග්” විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සුපුරුදු පරිදි මෙම වසරේ අගෝස්තු මාසයේ දී පැවැත්වීමට ඊයේ (22) දිනයේ දී රැස්වූ එම තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර ඇත.

රජයේ කොරෝනා මර්දනයට SLC සහයට එයි

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා වයිරස………………..

එහි දී ඔවුන් අවධාරණය කර සිටියේ තරගාවලිය  කල් දැමීම වැනි බැරෑරුම් තීන්දුවක් ගැනීමට මත්තෙන් තවදුරටත් ඒ පිළිබඳව පුළුල් අධ්‍යයනයක නිරත විය යුතු බවයි. covid-19 හෙවත් නව කොරෝනා වසංගත තත්වය නිසාවෙන් මේ වන විට ක්‍රිකට් ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ ක්‍රීඩා තරගාවලි රැසක් දින නියමයකින් තොරව කල් දැමීමට සිදුව ඇත. 

ක්‍රීඩකයින්ගේ සහ ඔවුන්ට නන් අයුරින් සහය පළකර සිටින සෙසු පුද්ගලයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙවැනි ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට බොහෝ තරග සංවිධායකවරුන් පෙළඹ ඇත. 

“අපි පසුගිය සතිය පුරාවටම වෛද්‍ය උපදේශකවරුන්ගේ මඟ පෙන්වීම යටතේ මේ රෝග තත්වයේ හැසිරීම මොන විදියට වෙනස් වෙයි ද කියන එක ගැන සාකච්ඡාවක නිරත වුනා. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය එක්කත් අපි මේ පිළිබඳව කතා කළා. ඊට පස්සෙ තමයි අපි අවසන් තීරණයකට එළඹුණේ තරගාවලිය පැවැත්වෙන දින වකවානුවල ලොකු වෙනස්කම් කිරීමේ අවශ්‍යතාවක් තාමත් පැන නැඟිල නැහැ කියලා.” 

“නමුත් ඉදිරියේ දී මොන වගේ තත්වයක් උදා වෙයි ද කියලා අපි දන්නෙ නැහැ. ඒක නිසා සිද්ධ වෙන වෙනස්වීම් ගැන අපි හැම වෙලාවෙම හොඳ අවධානයකින් ඉන්නේ.”

පාකිස්තාන ක්‍රීඩකයෙකුට ජීවිත කාලයටම ක්‍රිකට් අහිමි වන ලකුණු

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (20) අනාවරණය කළ තරග පාවාදීමේ චෝදනා නිසා පාකිස්තාන…………..

මේ අතර ලොව අංක එකේ විස්සයි විස්ස තරගාවලිය ලෙස විරුදාවලිය ලත් “ඉන්දීය ප්‍රිමියර් ලීග්” ක්‍රිකට් තරගාවලිය අප්‍රේල් මස 15 වැනිදා දක්වා කල් දැමීමට දැනටමත් පියවර ගෙන තිබේ. තවද ඒ හා සමගාමීව පැවැත්වීමට නියමිතව තිබූ එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ද අතරමඟ දී නතර කර දැමීමට කටයුතු කිරීම මෙහි දී වඩාත් කැපී පෙනුනි. 

මැයි 28 වැනිදා දක්වා එංගලන්ත කණ්ඩායම සහභාගී වන සියලුම තරග සංචාර සහ තරග කල් දැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය මේ වන විටත් අවශ්‍ය වැඩපිළිවෙළ සකස්කර ඇත. තරග කාලසටහන අනුව දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග ආරම්භ වීමට නියමිතව තිබුණේ එළඹෙන අප්‍රේල් මස 12 වැනිදා සිටය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<