රජයේ කොරෝනා මර්දනයට SLC සහයට එයි

78

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යමින් පවතින නව කොරෝනා වයිරස තත්ත්වයෙන් (COVID-19) ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම වෙනුවෙන් රජය විසින් ගෙන යනු ලබන වැඩපිළිවෙළට සහය දැක්වීමක් ලෙස රුපියල් මිලියන 25ක මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනාධිකාරිය අද (23) තීරණය කර තිබේ.

කොරෝනා වසංගත තත්වය නිසා තවත් ක්‍රිකට් තරග රැසක් කොට උඩට

මේ දිනවල ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද වේගයෙන් පැතිරෙමින් යන නව කොරෝනා ……

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා මහතා ඇතුළු විධායක සභාව විසින් මෙම මුදල රජය වෙත ලබා දීම වෙනුවෙන් ඒකමතිකවම තීරණය කර තිබෙන අතර එම මුදල ඉතාමත් ඉක්මනින් රජය වෙත භාර දීමට නියමිතව ඇත.

රට තුළ හට ගෙන තිබෙන සෞඛ්‍ය ගැටලුවල බරපතලකම අවබෝධ කරගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මූල්‍ය ප්‍රදානයට අමතරව ඊට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් රජයට දක්වනු ලබන සහායක් ලෙසින් තවත් වැඩසටහන් කිහිපයක්ම දියත් කිරීමට පියවර ගෙන තිබීම ද විශේෂත්වයක් වේ.

මෙම වසංගත තත්ත්වය මැඬලීමට නම් ජනතාව හැකි තරම් එක්රොක් වන ස්ථානය අවම කළ යුතු වන බවට සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් ජනතාව දැනුවන් කරනු ලබන අතර ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කර තිබූ සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි තාවකාලිකව නැවැත්වීමට පියවර ගෙන තිබේ. 

පාකිස්තාන ක්‍රීඩකයෙකුට ජීවිත කාලයටම ක්‍රිකට් අහිමි වන ලකුණු

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය සිකුරාදා (20) අනාවරණය කළ තරග පාවාදීමේ …

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂාකාරී වන ලෙස ක්‍රීඩාලෝලීන්ව දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න, ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<