Baseball සංගමයේ මුලසුන නිශ්ශංක සේනාධිපතිට

261
Nissanka Senadhipath elected as Sri Lanka Baseball President

Sri Lanka Amateur Baseball/ Softball සංගමයේ නව සභාපති ලෙස මේජර් නිශ්ශංක සේනාධිපති සහ නව විධායක උපසභාපති ලෙස අසංග සෙනවිරත්න යන මහත්වරුන් ඊයේ (31) වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගෙන පැවති එම සංගමයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී තේරී පත්ව ඇත.

මීට පෙර ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සේනාධිපති මහතා එතුමාගෙ පරිපාලන කාලසීමාව තුළ දී පැසිපන්දු ක්‍රීඩාව මෙරට ප්‍රමුඛතම ක්‍රීඩාවක් බවට පත් කිරීමට විශාල මෙහෙයක් ඉටු කළ අතර යුරෝපයේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් සහභාගි කරගනිමින් මෙරට තුළ පැසිපන්දු තරගාවලි සංවිධානය කරමින් පැසිපන්දු ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන ඒමට ද එතුමා සමත් විය.

තවද විධායක උපසභාපති ලෙස පත් වූ අසංග සෙනවිරත්න මහතා ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ හිටපු සභාපතිවරයා ලෙස කටයුතු කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සත්සාමාජික රග්බි පිටියේ 02 වැනි ස්ථානයට ගෙන ඒමට ඔහුගේ පරිපාලන සමයේ සමත් වූ අතර හිටපු රග්බි ක්‍රීඩකයෙකු මෙන්ම දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වූ එතුමා වර්තමාන ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ද උපසභාපති ලෙස කටයුතු කරයි.

තවත් ක්‍රීඩා පුවත්;

නව මුහුණු හතකින් සමන්විත මෙම අලුතින් පත්වූ Baseball සංගමයේ පරිපාලන කමිටුවේ ලේකම් වශයෙන් Flight Lieutenant සංඛ අබේවික්‍රම මහතා ද, හිටපු ලේකම් රජිත් රත්නායක මහතා හිටපු උපසභාපති Air Commodore සුජීවන් සෙනවිරත්න මහතා සමඟ උපසභාපති ධුර දරනු ඇති අතර පසුගිය වසර 35කට ආසන්න කාලයක් මුළුල්ලේ Baseball ක්‍රීඩාව ප්‍රවර්ධනය කරමින් මහඟු සේවයක් ඉටු කළ මනෝජ් ප්‍රනාන්දු මහතා නව විධායක සභාපති ලෙස ද පත් වී ඇත.

Sri Lanka Amateur Baseball සංගමය විසින් සංවිධානය කළ මුල්ම ජාත්‍යන්තර Baseball තරගාවලිය පසුගිය වසරේ පැවති අතර එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ප්‍රබල පකිස්තාන කණ්ඩායම පරදවා ශූරයන් ලෙස අභිෂේක ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා Baseball කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙල සහ ආසියානු Baseball ශූරතාව සඳහා ද සහභාගි විය.

Sri Lanka Amateur Baseball සංගමය විසින් Baseball ක්‍රීඩාව දිවයින් පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් පසුගිය සතියේ දී මහනුවර, ලග්ගල සහ මාතලේ කේන්ද්‍ර කරගනිමින් පුහුණු වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ අතර ඒවාට අමතරව ජාතික ඔලිම්පික් කමිටුවේ මූල්‍ය සහය යටතේ කීර්තිමත් පුහුණුකරුවෙකු සහ උපදේශකයෙකු වන Andrea D’Auriaගේ මෙහෙය වීම යටතේ පුහුණුකරුවන් 80ක් සහභාගි කරගනිමින් නේවාසික පුහුණු කඳවුරක් ද පැවැත්වීමට නියමිත ඇත.

2020/21 වසර සඳහා පත්වූ පරිපාලන කමිටුව

Hon. President Nissanka Yapa Senadipathi
Hon. Executive Vice President Asanga Senevirathne
Hon. Executive Vice President Manoj Fernando
Hon. Vice President Sujeevan Senarathne
Hon. Vice President Rajith Rathnayake
Hon. Secretary Sanka Abeywickrma
Hon. Assistant Secretary Dilen Fernando
Hon. Treasurer Akila Premathilaka
Hon. Coordinator Pubudu Kodikara
Hon. Chairman Men’s Senior League Chanaka Rukshan Rathnayake
Hon. Chairman Little League Nuwan Thilina Jayasinghe
Hon. Chairman / Chairperson Ladies Baseball & Softball Sugath Dissanayake
Hon. Director Men’s Senior League Chathuranga Ranasinghe
Hon. Director Little League Chamath Srinika
Hon. Director / Directress Ladies Baseball & Softball Bhanuka Senarath

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<