Crusaders ආධිපත්‍යය බිඳ වැටෙයි; Hurricanes ඉතිහාසය අළුත් කරයි!

187

Investec Super Rugby Aotearoa 2020 තරගාවලිය යටතේ පැවති තවත් එක් තරගයක් අද (25) දින ක්‍රයිස්ට්චර්ච් නුවර කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වූ අතර එම තරගය නිමාවට පත්වූයේ සත්කාරක Crusaders කණ්ඩායමේ අපරාජිත ගමන් මඟට නැවතීමේ ලකුණ තබමිනි. 

Blues නිලංකාර කරමින් Hurricanes වෙලිංටන් පිටිය කළඹයි

ඉකුත් සති කිහිපයේ දී පැවති තරග සියල්ලම ජය ගනිමින් ඉතාමත් හොඳ මානසික මට්ටමකින් පසු වූ Hurricanes කණ්ඩායම, ලකුණු 32-34ක් ලෙසින් තියුණු සටනකින් අනතුරුව ජය අත්පත් කරගත්තේ තරගාවලිය උණුසුම දෙගුණ තෙගුණ කරමිනි.

තරගය ආරම්භ වී මිනිත්තු 3ක් ගත වීමට ප්‍රථමයෙන් ලකුණු පුවරුවට ජීවය ගෙන ආ Hurricanes ක්‍රීඩකයින් උදා වූ දඬුවම් පහර අවස්ථාවෙන් උපරිම ඵල නෙලා ගත්තේ පීඩනය ප්‍රතිවාදීන් දෙසට යොමු කරමිනි. ඊට මැනවින් පිළිතුරු ලබා දුන් Crusaders ක්‍රීඩක Richie Mo’unga දඬුවම් පහරක් ද සමඟින් අපූර්ව ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ තම කණ්ඩායමේ ස්ථාවරය මැනවින් විදහා පාමිනි. (Crusaders 10 – 03 Hurricanes)

ප්‍රබල Crusaders කණ්ඩායමෙන් එල්ල විය හැකි අභියෝගයට හොඳින් සූදානම්ව පැමිණ සිටි Hurricanes ක්‍රීඩකයින් කල්යල් බලා පහර දීම ආරම්භ කළේ වින්ග් ක්‍රීඩක Wes Goosen විසින් වාර්තා අගනා උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව පෝෂණය වීමත් සමඟිනි. ප්‍රවර්තනය සාර්ථක කරගනිමින් අනගි සහයක් ලබා දුන් Jordie Barrett, 29 මිනිත්තුවේ දී ලැබුනු දඬුවම් පහර අවස්ථාව නිවැරදිව ඉලක්කය අතරින් ස්ථාන ගත කළේ තරගයේ පෙරමුණ යලි Hurricanes කණ්ඩායම සතු කරමිනි. (Crusaders 10 – 13 Hurricanes) 

මොහොතකට හදගැස්ම නැවැත්වූ Highlanders ජයග්‍රහණය!

උපක්‍රමශීලීව ප්‍රතිවාදී ආරක්ෂක වැට ආක්‍රමණයට සැලසුම් සකස් කළ Crusaders පසුපෙළ දැකුම්කළු ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් නැවතත් තම කණ්ඩායම ලකුණු අතරට රැගෙන ආවේ George Bridgeගේ වෑයමට නිසි වටිනාකමක් එකතු කරමිනි. 

නමුත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුම තවදුරටත් ශක්තිමත් කරමින් Hurricanes ක්‍රීඩක Wes Goosen, දිනයේ වාර්තා කළ දෙවන උත්සාහක දිනුමත් තම නම ඉදිරියෙන් සටහන් කරගත්තේ තෙවන වරටත් උදා වූ දඬුවම් පහර අවස්ථාව Jordie Barrett විසින් සාර්ථකව ගෝල කණු අතරින් පා කර හැරීමට ප්‍රථමයෙනි. (Crusaders 17 – 21 Hurricanes) 

පළමු අර්ධයේ ලකුණු තත්වය: Crusaders 17 (2T,2C,1P) – 21 (2T,1C,3P)

දෙවන අර්ධය ආරම්භ වීමෙන් අනතුරුව කණ්ඩායම දෙකම දඬුවම් පහර අවස්ථාව බැගින් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කිරීමේ කර්තව්‍යයෙහි නිරත වූ අතර Hurricanes කණ්ඩායම වෙනුවෙන් Peter Umaga Jensen ධවල රේඛාව අභිබවා ගමන් කරමින් තීරණාත්මක ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කළේ තියුණු අවසානයකට මඟ පාදා දෙමිනි. (Crusaders 20 – 31 Hurricanes)

ක්‍රීඩක ආදේශ අඩු කරන්න ලෝක රග්බි සැලසුම් කරයි

ඉන් අනතුරුව ලකුණු පරතරය පහත හෙළමින් Crusaders ක්‍රීඩක Quinten Strange උත්සාහක දිනුමකින් Hurricanes ක්‍රීඩකයින්හට සංග්‍රහ කළේ තම ආධාරකරුවන්ගේ නොමඳ දිරිගැන්වීම් මධ්‍යයේය. කෙසේනමුත් 74 වන මිනිත්තුවේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු Off-side වරදට හසුවීම නිසාවෙන් ලැබුනු දඬුවම් පහර හරියාකරව එල්ලය වෙත යොමු කළ Jordie Barrett, Hurricanes කණ්ඩායම ජයග්‍රහණය පෙනෙන තෙක් මානයට රැගෙන ඒමට සමත් විය. (Crusaders 27 – 34 Hurricanes) 

අත්‍යාවශ්‍යම මොහොතේ දී Crusaders ක්‍රීඩක Sevu Reece වාර්තා කළ උත්සාහක දිනුමෙන් අනතුරුව තරගයේ ජයග්‍රහණය යළි කණ්ඩායම දෙක අතරේ දෝලනය වීමට පටන් ගත් නමුත් Richie Mo’unga එල්ල කළ ප්‍රව‍ර්තනයෙහි පා පහර ඉලක්කයෙන් ඉවතට ඇඳී යාමත් සමඟ Crusaders අපරාජිත ගමන් මඟ එතැකින් අවසන් විය. (Crusaders 32 – 34 Hurricanes) 

අවසන් ලකුණු තත්වය – Crusaders 32 (4T,3C,2P) – 34 (3T,2C,5P) Hurricanes 

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ: 

  • Crusaders  – Richie Mo’unga (1T, 3C, 2P), George Bridge (1T), Sevu Reece (1T), Quinten Strange (1T) 
  • Hurricanes – Wes Goosen (2T), Jordie Barrett (2C, 5P), Peter Umaga Jensen (1T) 

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<