ලොව පැරණිතම මැරතන් තරගයටත් කොරෝනාවෙන් බාධා

222
2021 Boston Marathon Postponed

ලබන වසරේ (2021) අප්‍රේල් මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබූ ලොව පැරණිතම මැරතන් තරගය මෙන්ම ප්‍රධාන පෙළේ මැරතන් තරගයක් වන සුප්‍රකට “Boston මැරතන් තරගය” ලබන වසරේ අවසානය තෙක් කල් දැමීමට සංවිධායකයින් තීරණය කර ඇත.

ඒ අනුව එම තරගාවලිය සුපුරුදු කාලසටහනට අනුව අප්‍රේල් මස තුන්වැනි සඳුදා නොපැවැත්වෙන අතර සංවිධායකයින් විසින් අදාළ පාර්ශවයන් සමඟින් සාකච්ඡා කිරීමෙන් අනතුරුව 2021 වසර අවසානයේ දිනයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෙම තීරණය පිළිබඳව දැනුවත් කරමින් බොස්ටන් මලල ක්‍රීඩා සංගමයේ සභාපති Tom Grilk ප්‍රකාශ කර සිටියේ කොරෝනා වසංගතය නිසාවෙන් පනවා ඇති යම් සීමාවන් ඉවත් කරන තුරු මාර්ග ධාවන තරග ඇතුළු විශාල තරගාවලි පැවැත්වීම තහනම් කර ඇති නිසාවෙන් ලබන වසරේ අප්‍රේල් මාසයේ දී මෙම තරගාවලිය පැවැත්වීමට නොහැකි බවයි.

මෙලෙස Boston මැරතන් තරගය ලබන වසරේ අවසානය තෙක් කල් දැමීමත් සමඟ එම වසරේ පැවැත්වීමට නියමිත ප්‍රධාන මැරතන් තරග 6න් අවසානයට පැවැත්වෙන තරගය මෙය වනු ඇති අතර අනෙකුත් මැරතන් තරග සියල්ල නොවැම්බර් මාසය වන විට දී පවත්වා අවසන් කිරීමට නියමිතව ඇත.

තවත් මලල ක්‍රීඩා පුවත්:

1987 වසරේ ආරම්භ වූ මෙම මැරතන් තරගය ලොව පැවැත්වෙන ප්‍රේක්ෂක ආකර්ෂණයෙන් ඉහළම මැරතන් තරගයක් ද වන අතර වාර්ෂිකව මෙම තරගය නියෝජනය කිරීම සඳහා ලොව පුරා රටවල් ගණනාවකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30,000කට අධික පිරිසක් සහභාගි වනු ඇත.

එමෙන්ම මෙම තරගාවලිය නොකඩවා වසර 123ක් පැවැත්වීමට එහි සංවිධායකයින් සමත් වූ නමුත් මෙම වසරේ බලපෑ කොරෝනා වසංගතය නිසාවෙන් මෙවර තරගාවලිය එක් වරක් කල්දැමීමෙන් අනතුරුව අවලංගු කර දැමීමට ඔවුන් කටයුතු කරන ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<