ශ්‍රී ලංකා ආසියානු කුසලාන සංචිතයට අවසන් මොහොතේ දී වෙනසක්

ආසියානු කුසලානය 2022

3985

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ආසියානු කුසලානය සඳහා 17 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කර තිබෙනවා.

මීට පෙර නිවේදනය කළ 20 දෙනෙකුගේ සංචිතයට නම් කර සිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේගපන්දු යවන්නා වන දුෂ්මන්ත චමීර පුහුණුවීම්වල දී වම් කකුලට සිදු වූ ආබාධයක් නිසා ආසියානු කුසලානයට සහභාගී නොවන බවට වාර්තා වී තිබෙනවා.

වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර, චමීර වෙනුවට සංචිතයට නම් කර ඇති අතර තේරීම් කමිටුව 20 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කළ ද, එයින් තිදෙනෙකු සූදානමින් සිටින අතිරේක ක්‍රීඩකයන් ලෙස සංචාරය නොකර ශ්‍රී ලංකාවේ නැවතීමට නියමිතයි.

සූදානමින් සිටින ක්‍රීඩකයන්

  1. දිනේෂ් චන්දිමාල්
  2. නුවනිඳු ප්‍රනාන්දු
  3. නුවන් තුෂාර

අවසන් සංචිතය: දසුන් ශානක (නායක). චරිත් අසලංක (උපනායක), දනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<