හොංකොං හමුවේ ශ්‍රී ලංකා බේස්බෝල් අමාරුවේ වැටේ

116
29th Asian Baseball Championship

ආසියානු බේස්බෝල් සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මෙවර ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලිය රටවල් 8කගේ සහභාගිත්වයෙන් ඊයේ (14) දිනයේ තායිවානයේ දී ආරම්භ විය.

මෙම මස (ඔක්තෝබර්) 20 වැනිදා දක්වා පැවැත්වෙන මෙම ආසියානු බේස්බෝල් ශූරතා තරගාවලිය එළඹෙන 2020 ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියක් ලෙස ද ක්‍රියාත්මක වේ.

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ආසියානු බේස්බෝල් ..

මෙම වසරේ (2019) ශ්‍රී ලංකාවේ දී පැවති බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව සහ අනුශූරතාවය හිමිකර ගත් පාකිස්තානය බටහිර ආසියානු කලාපයෙන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත.

2018 වසරේ හොංකොං හිදී පැවති නැගෙනහිර ආසියානු බේස්බෝල් කුසලානය ජයග්‍රහණය කළ පිලිපීනය නැගෙනහිර ආසියානු කලාපයෙන් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත්ව ඇත. තවද චීනය, ජපානය, දකුණු කොරියාව, තායිවානය (චීන තායිපේ) සහ හොංකොං රාජ්‍යය යන රටවල් සමඟ මෙවර තරගාවලියේ දී තරග වදිනු ඇත.

වර්තමාන ආසියානු බේස්බෝල් ශූරයින් ලෙස මෙවර ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියට පිවිසෙන ජපානය මේ වන විට ආසියානු බේස්බෝල් ශූරයින් ලෙස 18 වරක් අභිෂේක ලබා තිබීම විශේෂත්වයකි.

රටවල් 8 කාණ්ඩ දෙකක් යටතේ මූලික වටයේ දී තරග වදින අතර A කාණ්ඩය සඳහා ජපානය, චීන තායිපේ, හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව තරග වදියි. චීනය, දකුණු කොරියාව, පිලිපීනය සහ පාකිස්තානය B කාණ්ඩය යටතේ තරග වදින කණ්ඩායම් වේ.

තරගාවලියේ දෙවන දිනය ඊයේ (15) නිමාවට පත් වූ අතර මේ දක්වා පැවති තරගවල ප්‍රතිඵලවලට අනුව A කාණ්ඩයේ සහ B කාණ්ඩයේ පෙරමුණ ගැනීමට පිළිවෙළින් ජපානය සහ පිලිපීනය සමත් විය.

තෙවන ස්ථානය ඉන්දියාවට

14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන තරගාවලියේ…

පළමු දිනයේ ප්‍රතිඵල 

දකුණු කොරියාව සහ චීනය 

තරගාවලියේ ආරම්භක තරගය ලෙස දකුණු කොරියාව සහ චීනය තරග වැදුණු අතර තියුණු තරගයකින් අනතුරුව 10 වැනි ඉනිමේ දී ලකුණු 4-5ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට චීනය සමත් විය. (දකුණු කොරියාව 4 – 5 චීනය) 

පිලිපීනය සහ පාකිස්තානය 

දෙවන තරගය ලෙස පිලිපීනය සහ පාකිස්තානය තරග වැදිනි. එහි දී ඉනිම් 7ක් අවසානයේ ලකුණු 11-00ක් ලෙස ඉදිරියෙන් සිටි පිලිපීනයට ජයග්‍රහණය හිමි විය. (පිලිපීනය 11 – 00 පාකිස්තානය) 

තායිවානය සහ හොංකොං

සත්කාරක තායිවානය (චීන තායිපේ) සහ හොංකොං රාජ්‍යය තෙවැනි තරගය ලෙස තරග වැදිනි. එහි දී ඉනිම් 5ක් අවසානයේ ලකුණු 17-02ක් ලෙස තරගය ජයග්‍රහණය කිරීමට සත්කාරක තායිවානය සමත් විය. (තායිවානය 17 – 2 හොංකොං)

Photo Album – Sri Lanka v Pakistan – West Asia Baseball Cup 2019 (FINAL)

දෙවන දිනයේ ප්‍රතිඵල

හොංකොං සහ ශ්‍රී ලංකාව 

හොංකොං රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයෙන් ඉනිම් 9ක් අවසානයේ ලකුණු 5-1ක් ලෙස ඉදිරියෙන් සිටි හොංකොං රාජ්‍යයට ජයග්‍රහණය හිමි විය.

ප්‍රථමයෙන්ම පිතිකරණය අවස්ථාවට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පළමු ඉනිමේ දී කිසිදු ලකුණක් රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදුන් හොංකොං ක්‍රීඩකයින් පිළිතුරු ඉනිමේ දී ලකුණු 2ක් රැස් කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (හොංකොං 2 – 0 ශ්‍රී ලංකාව) 

දෙවන ඉනිමේ පළමුව පිතිකරණයේ නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කඩුලු 3 අවසානයේ එක් ලකුණක් රැස්කර ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිමේ දී හොංකොං ක්‍රීඩකයින්ට එකඳු ලකුණක් හෝ රැස්කර ගැනීමට අවස්ථාවක් ලබා නොදීමට ශ්‍රී ලංකා කණ්ඩායම වග බලා ගත්හ. (හොංකොං 2 – 1 ශ්‍රී ලංකාව)

තරගයේ තෙවැනි ඉනිමේ දී කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට නොහැකි වූ අතර සිව්වැනි ඉනිමේ පළමු පිතිකරණ අවස්ථාවට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම එම ඉනිමේ දී ද ලකුණු රැස්කර ගැනීමට අපොහොසත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොංකොං කණ්ඩායම ලකුණු 3ක් රැස් කරමින් තවදුරටත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් විය. (හොංකොං 5 – 1 ශ්‍රී ලංකාව) 

ඉන්පසු කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කර ගැනීමට අවස්ථාවක් හිමි නොවූ අතර තරගය ලකුණු 5-1ක් ලෙස ජය ගැනීමට හොංකොං රාජ්‍යය සමත් විය. 

බටහිර ආසියානු බේස්බෝල් කුසලානය ශ්‍රී ලංකාවට

මෙවර ශ්‍රී ලංකාවේ දී පැවති 14 වන බටහිර ආසියානු බේස්බෝල් කුසලාන…

ජපානය සහ තායිවානය 

ප්‍රබල ජපාන කණ්ඩායම සහ සත්කාරක තායිවානය අතර පැවති තරගයෙන් ඉනිම් 9ක් අවසානයේ ලකුණු 2 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ජපාන කණ්ඩායමට ජයග්‍රහණය හිමිවිය. (ජපානය 2 – 0 තායිවානය) 

පිලිපීනය සහ චීනය 

දිනයේ අවසන් තරගය ලෙස පැවති පිලිපීනය සහ චීනය අතර තරගයෙන් ඉනිම් 9ක් අවසානයේ ලකුණු 1 – 0ක තියුණු ජයක් හිමිකර ගැනීමට පිලිපීනය සමත් විය. (පිලිපීනය 1 – 0 චීනය) 

දකුණු කොරියාව සහ පාකිස්තානය 

මෙම තරගයේ දී ඉනිම් 7ක් අවසානයේ ලකුණු 12-01ක් ලෙස ඉදිරියෙන් සිටි දකුණු කොරියානු කණ්ඩායමට ජයග්‍රහණය හිමි වූයේ “7 වැනි ඉනිමේ දී ලකුණු 10ක පරතරයක් තිබීම” හේතුවෙනි. (දකුණු කොරියාව 12 – 01 පාකිස්තානය)

තරගාවලියේ තෙවැනි දිනය වන අද (16) දිනයේ දී පිලිපීනය සමඟ දකුණු කොරියාව, චීනය සමඟ පාකිස්තානය, තායිවානය සමඟ ශ්‍රී ලංකාව සහ ජපානය සමඟ හොංකොං රාජ්‍යය තරග වැදීමට නියමිතය. 

මෙවර ආසියානු බේස්බෝල් ශූරතා ශූරතා තරගාවලියේ සියලුම තරග වාර්තා ඔබ වෙත ගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<