ඔලිම්පික් කල් යාම මට අමතර වාසියක් – එලියුඩ් කිප්චොගේ

59

මේ දිනවල ලොව පුරා පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් මේ වසරේ දී පැවැත්වීමට නියමිතව තිබූ 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන වසරේ ජුලි මස දක්වා කල් දැමීමට සංවිධායකයින් පසුගිය දා තීරණය කරන ලදි.

නව ඔලිම්පික් දිනයන්ට බ්‍රිතාන්‍යයේ ප්‍රසාදය

මෙම වසරේ ජූලි මස 24 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී …

මෙම තීරණයට බොහෝ ක්‍රීඩකයන් සිය කැමැත්ත පල කළ අතර නව දින වකවානු නිකුත් වූ පසු බොහෝ ක්‍රීඩකයන් සිය නිවෙස් තුළ සිටම පුහුණුවීම් කටයුතු සිදු කරනු අයුරු දක්නට ලැබුණි. කෙසේ නමුත් මේ පිළිබඳව අදහස් දැක්වූ සුප්‍රකට මැරතන් ධාවන ශූර කිප්චොගේ පැවසුවේ මෙම කල් දැමීමේ තීරණය තමාව පුදුමයට හා කනස්සල්ලට පත් කළ බවයි.

Eliud Kipchoge 2016 රියෝ ඔලිම්පික් උළෙල අතරතුර දී

“මම එය ඇසීමෙන් පුදුමයට හා කනස්සල්ලට පත් වුනා, මොකද මට තවත් වසරක් බලා සිටින්නට වන නිසා. ඒත් නැවත ඒ ගැන සිතා බැලුවම තේරෙනවා මේ පවතින තත්වයත් එක්ක ඒක හොඳ තීරණයක් කියලා. මෙම වයිරසය අපට දැඩි ලෙස බලපෑම් එල්ල කරනවා, ඔලිම්පික් කියන්නේ හැම කෙනෙක්ම සහභාගි විය යුතු තරගාවලියක්. එය බොහෝ දෙනාගේ සිහිනයක්. 

තරගාවලිය කල්දැමීම එක්තරා විදිහක වාසියක්, මොකද අපිට හොඳ ජවයකින් නැවතත් පුහුණුවීම් කරලා තරගය සඳහා සහභාගී වෙන්න පුළුවන් නිසා.” යැයි ඔහු ප්‍රකාශ කර සිටියා.

මැරතන් ධාවන ඉසව්වේ වර්තමාන ඔලිම්පික් හා ලෝක ශූරයා වන කිප්චොගේ එම ඉසව්වේ ලෝක වාර්තාවට ද හිමිකම් කියන අතර කෙන්යානු ජාතිකයෙක් වන ඔහු මේ වන විට 35 වන වියෙහි පසුවේ. බොහෝ දෙනා මෙය ඔහුගේ අවසන් තරගාවලිය ලෙස මත පල කළත් එයට තවත් කල් තිබෙන බවයි ඔහුගේ අදහසයි. 

2004 වසරේ තම දිගුදුර ධාවන ක්‍රීඩා දිවිය ඇරඹූ කිප්චොගේ ඉතා සාර්ථක වසර ගණනාවක් පසුකරමින් තම ක්‍රීඩා දිවියේ සැදෑ සමයට ළඟා වී ඇත. මෙලෙස ක්‍රීඩා ජීවිතයේ අවසාන සමය ගත කරන ක්‍රීඩකයන් රැසක් තම ක්‍රීඩා දිවිය ජයග්‍රහණයක් සමඟින් අවසන් කිරීමට ඉතා නොඉවසිල්ලෙන් බලා සිටී.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<