මෙවර ඇතුගල්පුර මහා සටනේ ජයග්‍රහණය කා හට ද?

943

විශිෂ්ට තරග වාරයක අත්දැකීම් ද සමඟින් තිස්පස්වැනි ඇතුගල්පුර මහා සටනට හෙට (09) සහ අනිද්දා (10) වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය, කුරුණෑගල මලියදේව විද්‍යාලය පරදවමින් මහා තරග ඉතිහාසයේ සිය පළමු ජය වාර්තා කරන ලකුණු පෙනෙන්නට තිබේ.

මොරටුවේ ක්‍රිකට් උන්මාදය – මොරටු මහා රන් සටන

ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස මොරටුව හැඳින්වීම ඉතාම කාලෝචිත ය, සුදුසු ය. මන්දයත් ලාංකීය …

1959 පැවති පළමු ඇතුගල්පුර සටනේ දී නිස්සංක කුරේ විසින් මලියදේව විද්‍යාලය මෙහෙය වූ අතර සාන්ත ආනා විද්‍යාලය මෙහෙය වීමේ වගකීම මහින්ද යටවර හට පැවරී තිබුණි. 1965 සිට 1979 දක්වා කාල සමය තුල තරගය නොපැවැත්වුනත් 1980 දී තරගය නැවත ආරම්භ කරන ලදි.

තරග පහක ජයග්‍රහණ සමඟින් මලියදේව විද්‍යාලය වැඩි වතාවක් මහා ක්‍රිකට් ගැටුම ජයගෙන ඇති අතර එක වතාවක් හෝ ජයග්‍රහණයේ පහස විඳ නොමැති සාන්ත ආනා විද්‍යාලය මෙවර ජයග්‍රහණයක් සොයා වෙහෙසෙනු ඇත. අවසන් වරට ඇතුගල්පුර සටන ප්‍රතිඵලයක් සහිතව අවසන් වූයේ 2014 දී වන අතර කුසල් ද සිල්වාගේ නායකත්වය යටතේ මලියදේව විද්‍යාලය එම ජයග්‍රහණයට හිමිකම් කියන ලදි.

සාන්ත ආනා විද්‍යාලය

රන්දීර රණසිංහ මෙවර සාන්ත ආනා නායකත්ව භූමිකාවට පන පොවනු ඇත. පාසල් ක්‍රිකට් වාරය පුරා සුපිරි දස්කම් පෙන්වූ පුබුදු ගනේගම රන්දීරට අනගි සහයක් වෙමින් උප නායකත්වයේ වගකීම දරනු ඇත.

වනිත වන්නිනායක කණ්ඩයම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කර ඇති ක්‍රීඩකයා වන අතර මෙවර පාසල් ක්‍රිකට් වාරය පුරා තරග 14ක දී ලකුණු 880ක් වාර්තා කිරීමට ඔහුගේ දකුණත් පිත්ත සමත් විය. ඔහුට අනගි සහයක් වෙමින් තරග 14ක දී ලකුණු 603ක් රැස්කරගෙන සිටින දිනෙත් චන්දිම සාන්ත ආනා පිතිකරණ ලැයිස්තුව බලගන්වනු ඇත.

නායක රන්දීර රණසිංහගේ පිත්තෙන් ලකුණු 820ක් කණ්ඩායමට රැස් කර දී ඇති අතර, ඔහුගේ දකුණතින් යවන වේගපන්දුව 47 වතාවක්ම ප්‍රතිවාදී කඩුලු බිඳ දැමීමට සමත්ව ඇත්තේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා රන්දීර බවට පත්කරවමිනි. රන්දිරට අනගි සහයක් ලබා දෙන උප නායක පුබුදු ගනේගම සිය නායකයාට පමණක් දෙවෙනි වෙමින් මේ පාසල් ක්‍රිකට් වාරය පුරා කඩුලු 42ක් දවා ගැනීමට සමත්ව තිබේ.

සාන්ත ආනා විදුහලේම හිටපු නායකයෙකු වූ චානක එදිරිවීර මෙවර ද සාන්ත ආනා පුහුණුකරු තනතුරේ කටයුතු කරයි.

“වෙලගෙදර දී ක්‍රීඩා කරන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්” – ලංකා ද සිල්වා

මේ අපි ක්‍රම ක්‍රමයෙන් ළඟා වන්නේ පාසල් මහා ක්‍රිකට් තරග සමය වෙතටයි. දිවයින පුරා විසිරුණු පාසල් …

සාන්ත ආනා සංචිතය – රන්දීර රණසිංහ (නායක), පුබුදු ගනේගම (උප නායක), වනිත වන්නිනායක, දිනෙත් චන්දිමාල්, ධනංජය බණ්ඩාර, කවිඳු රණසිංහ, ලක්ෂිත ද සිල්වා, රුවන්ත රන්දික, ක්‍රෙශාන්ත පියතිලක, සුලක්ෂණ මධුසිත්, හිරුෂ ද සිල්වා, අහමඩ් ශෆ්නි, කවිඳු ඒකනායක, ලසිත් වර්ණකුලසූරිය, අවිශ්ක රූපසිංහ, සසික විජේසූරිය, මයාස් මුසම්මිල්, දෙමිත් කුමාරගේ, මුයිස් රෆිල්, පසිඳු තෙන්නකෝන්.

මලියදේව විද්‍යාලය

පාසල් ක්‍රිකට් තරග වාරය පුරා පන්දුවෙන් දස්කම් පෙන්නුම් කළ දුලාජ් රණතුංග මෙවර මලියදේව කණ්ඩායම මෙහෙයවනු ඇත.

මුදිත ප්‍රේමදාස වමතින් පිත්ත හසුරුවමින් මලියදේව ලකුණු පුවරුවට ලකුණු 600ක් එක්කරදී ඇති අතර ධර්මපාල විද්‍යාලයට එරෙහිව ද්විත්ව ශතකයක් හා D. S. සේනානායක විදුහලට එරෙහිව ලකුණු 150ක් රැස් කරමින් මෙවර ක්‍රිකට් සමය තුල ලකුණු 650ක් රැස් කර ගත් දකුණතින් පිත්ත හසුරුවන සුපුන් සුමනරත්න මලියදේවය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවා වේ.

පන්දු යැවීමේ බලකාය මෙහෙය වන නායක රණතුංග මෙවර තරග වාරයේ කඩුලු 60ක් දවාගෙන ඇති අතර, ඔහුට අනගි සහයක් වෙමින් වමතින් චයිනමන් පන්දු යවන සංජිවන් ප්‍රියදර්ශන තරග 15ක් තුල දී ලකුණු 28ක් දවාගෙන තිබේ.

මලියදේවය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් දස්කම් දැක්වූ තුසිත හේරත් මලියදේවයේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.

මලියදේව සංචිතය – දුලාජ් රණතුංග (නයක), කවීන් බණ්ඩාර, සුපුන් සුමනරත්න, සුපුන් නිස්සංක, සංජිවන් ප්‍රියදර්ශන, නිසන්ජය හෙට්ටිආරච්චි, මුදිත ප්‍රේමදාස, බ්‍රයන් කරුණානායක, චලුක අතපත්තු, ගයන්ත වික්‍රමාරච්චි, ශෙරාන් ගුණරත්න, පසිඳු තෙන්නකෝන්, ලකිත රණවක, අංජන සේව්රත්න, විදත් බටපොල, කවීන් මධුරංග, කළිඳු රන්මල්, රවිඳු හිරුෂ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<