දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියෙන් ලංකාවට පදක්කම් දෙකක්

148

භූතානයේ තිම්පු නගරයේ රෝයල් ගෝල්ඩ් කෝර්ස් හිදී පැවැත්වූ දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වූ නිලානි රත්නායක හා ලයනල් සමරජීව ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත්ව ඇත.

එමා ද සිල්වාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන එමා ද සිල්වා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක දී කවපෙත්ත…

එසේම කණ්ඩායම් තරග ඉසව්වල දී කාන්තා අංශයේ සමස්ත ශූරතාවයත්, පිරිමි අංශයේ දෙවන ස්ථානයත් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. පිරිමි කණ්ඩායම් ශූරතාවය දිනා ගනු ලැබුවේ ඉන්දීය කණ්ඩායම විසිනි.

පළමු වරට පැවැත්වූ මේ තරගාවලිය සඳහා භූතානයට අමතරව ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය, මාලදිවයින යන රටවල් නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී විය.

මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු සහභාගී විය. නිමාවූ ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගී වූ සමන්ත පුෂ්පකුමාර එම තරගාවලිය තුළ දී ආබාධයකට ලක්වීම නිසා මෙම තරගාවලියට සහභාගී වූයේ නැත.

හිරුනි තවත් ජාතික වාර්තාවක් අලුතින් ලියයි

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජේරත්න ඇය සතුවම තිබූ කාන්තා අර්ධ මැරතන් ඉසව්වේ ජාතික වාර්තාව අලුත් කරන්නට සමත් විය.

පුෂ්පකුමාර සමඟින් ආසියානු රට හරහා දිවීමේ තරගාවලියට සහභාගි වූ නිලානි රත්නායක භූතානයේ පැවති මෙම තරගාවලියෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. කාන්තා කණ්ඩායම් ඉසව්ව නියෝජනය කරමින් ඇය සමඟින් තරග වැදුණු අනූශා ළමාහේවා සිව්වැනි ස්ථානය දිනාගත් අතර ලක්මිණි අනුරාධි එහි 6 වන ස්ථානය දිනා ගන්නා ලදි. ඒ නිසාවෙන් කාන්තා කණ්ඩායම් අංශයේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි විය.

පිරිමි කණ්ඩායම නියෝජනය කළ ලයනල් සමරජීව මෙහි 3 වන ස්ථානය දිනාගෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝකඩ පදක්කම් දිනාගත් අතර එස්. චන්ද්‍රදාසන් හා ඩී. එරන්ද පිළිවෙළින් එහි සිව්වැනි හා පස්වැනි ස්ථානයන් දිනා ගනිමින් සමස්ත පිරිමි අංශයේ  දෙවන ස්ථානය දිනා ගත්තේ ඉන්දීය කණ්ඩායමට පමණක් දෙවැනි වෙමිනි.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<