එමා ද සිල්වාගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

334

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් වන එමා ද සිල්වා ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ පැවති ආරාධිත මලල ක්‍රීඩා තරගාවලියක දී කවපෙත්ත විසි කිරීමෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවා ඇත.

හිරුනි තවත් ජාතික වාර්තාවක් අලුතින් ලියයි

ඇමරිකාවේ වාසය කරන ශ්‍රී ලංකා මැරතන් ක්‍රීඩිකා හිරුනි විජේරත්න ඇය සතුවම තිබූ……..

එමා පසුගිය වර්ෂයේ ජුනි මාසයේ දී ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්වන් සඳහා සහභාගි වීමට ශ්‍රී ලංකාවට පැමිණි අතර දියගම පැවැත්වූ එම සුදුසුකම් ලබා ගැනීමේ තරග ඉසව්ව පැවති දිනයේ කාලගුණයෙන් බාධා එල්ල වූ නිසා ඇයට මීටර 44.16ක දක්ෂතාවයකින් සෑහීමකට පත්වීමට සිදු විය.

ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය නැවතත් කල්යයි

අප්‍රේල් මස 2 වැනිදා සිට 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ “56 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය” ……..

එම දක්ෂතාවය ඉන්දියාවේ බුවනේශ්වර් හිදී පැවැත්වුන ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට වරම් දිනා ගැනීමට ඇය හට ප්‍රමාණවත් නොවීය.

මීට පෙර කාන්තා කවපෙත්ත විසිකිරීමේ කාන්තා ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ මීටර 47.50ක දක්ෂතාවයක් පෙන්නුම් කළ පද්මා නන්දනී විජේසේකරයි. ඇය එම වාර්තාව පිහිටුවාලමින් 2006 වර්ෂයේ කොළඹ දී පැවැත්වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා කවපෙත්ත විසිකිරීමේ තරග ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

 >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<