නැගෙනහිරෙන් බස්නාහිරට ප්‍රහාරයක්; දකුණට පහසු ජයක්

නිදහස් කුසලාන පාපන්දු ශූරතාවය 2022

123

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන නිදහස් කුසලාන – සිලෝන් පළාත් ලීගයේ අද (15) පැවති තරගවලින් ජයග්‍රහණ ලබා ගන්නට දකුණ සහ නැගෙනහිර පළාත් කණ්ඩායම්වලට හැකි වුනා.

දකුණු පළාත් ක්‍රීඩකයින් හමුවේ ඌව ක්‍රීඩකයින් පරාජය වෙද්දී, බස්නාහිර පරාජය ලැබුවේ නැගෙනහිර හමුවේයි.

දකුණු සහ ඌව පළාත් අතර තරගය

ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී අද (15) සවස පැවති තරගයෙන් ගෝල 3-1ක පහසු ජයක් ලබා ගැනීමට දකුණු පළාත් කණ්ඩායමට හැකි වුනා.

තරගයේ ආරම්භක ගෝලය දකුණු පළාත් ක්‍රීඩකයින්ට පරිත්‍යාග කිරීමට ඌව පළාත් ක්‍රීඩකයින් කටයුතු කළේ 10 වැනි මිනිත්තුවේ දී පැති පහරක් මගින් පැමිණි පන්දුවක් ගෝල රකින ක්‍රීඩක රුවන් අරුණසිරිගේ පාදයේ වැදී ගෝලය තුළට යොමු වීමත් සමඟයි.

එම ගෝලයට ප්‍රති උපකාරකයක් ලෙස 30 වැනි මිනිත්තුවේ දී Own goal ගෝලයක් තුළින් ඌව කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කිරීමට දකුණු පළාත් ක්‍රීඩකයින්ට සිදු වුනේ එන්. රාජපක්ෂ විසින් වැළැක්වීමට උත්සහ දැරූ පන්දුවක් තමන්ගේම ගෝලයට එල්ල වීම නිසාවෙනි.

එම අර්ධයේ තවත් ගෝල රැස්කිරීමට කණ්ඩායම් ද්විත්වයටම නොහැකි වීම නිසාවෙන් ගෝල 1-1ක් ලෙස පළමු අර්ධය සමව අවසන් වුනා.

තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් කණ්ඩායම් ද්විත්වයම පිටියට පිවිසියත් තරගයේ තෙවැනි Own goalය වාර්තා කිරීමට ඌව ක්‍රීඩක චතුර පොන්නප්පෙරුමට සිදුවීම නිසාවෙන් දකුණු පළාත තරගයේ පෙරමුණට පැමිණියා.

ඌව කණ්ඩායමින් ලැබූ ගෝලයෙන් නිසි රිද්මය ලබා ගත් දකුණු පළාත වෙනුවෙන් 75 වැනි මිනිත්තුවේ දී තෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට කේෂාන් දුමිඳුට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: දකුණු පළාත 3-1 ඌව පළාත

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • දකුණ: එන්. රාජපක්ෂ 30’ (Og), කේෂාන් දුමිඳු 75’
  • ඌව: රුවන් අරුණසිරි 10’ (Og), චතුර පොන්නප්පෙරුම 60’

බස්නාහිර සහ නැගෙනහිර පළාත් අතර තරගය

මාතර කොටවිල ක්‍රීඩා සංකීර්ණයේ දී අද (15) සවස පැවති මෙම තරගයෙන් බස්නාහිර පරදවා ගෝල 3-0ක පහසු ජයග්‍රහණයක් අත්විඳීමට නැගෙනහිර ක්‍රීඩකයින්ට හැකි වුනා.

තරගය ආරම්භයේ සිටම දෙපිලේම ක්‍රීඩකයින් ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් තරග වදිනු දක්නට ලැබුනත්, එම අර්ධය තුළ දී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට කිසිවෙකුට හැකි වුනේ නැහැ.

ගෝල ලබා ගැනීමේ අරමුණින් දෙවැනි අර්ධයට පිවිසි නැගෙනහිර වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට රිෆ්කාන් මොහොමඩ් සමත් වුනේ 67 වැනි මිනිත්තුවේ දී ලැබූ නිදහස් පහරක් සාර්ථකව අවසන් කරගනිමිනුයි.

එතැන් පටන් තරගයේ පාලනය සියතට ගන්නට, නැගෙනහිර වෙනුවෙන් 85 වැනි මිනිත්තුවේ දී එම්. මුස්තාක් දඬුවම් රාමුවෙන් පිටත සිට පන්දුව අලංකාර පහරක් මගින් ගෝලයට යොමු කරන්නට සමත් වුනා.

ඉන් කෙටි වේලාවකට පසු නැවතත් නැගෙනහිර වෙනුවෙන් ක්‍රියාත්මක වූ M. Munsif තරගයේ තෙවැනි ගෝලය වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළා.

අවසන් ලකුණු තත්වය: නැගෙනහිර පළාත 3-0 බස්නාහිර පළාත

ගෝල රැස්කළ ක්‍රීඩකයින්,

  • නැගෙනහිර: රිස්කාන් මොහොමඩ් 67’, එම්. මුස්තාක් 85’, Munsif 89’

තරගාවලියේ මෙතෙක් පැවැත්වූ තරගවලට අනුව එක් එක් කණ්ඩායම් ලබා ගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව,

තරගාවලියේ ඉදිරි තරග පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<