Bayern Munich ප්‍රහාරයෙන් Spurs අන්ත අසරණ වෙයි; Real Madrid බලාපොරොත්තු සුන්

78
Champions League match

2019/20 ශූරයින්ගේ ලීග් (Champions League) පාපන්දු තරගාවලියේ දෙවන දිනය ඊයේ (01) හා අද (02) අලුයම පැවැත්වුණා. තරගාවලිය ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් අතර ප්‍රේක්ෂකයින්ට නොසිතූ අත්දැකීම් රැසකටම මුහුණ දෙන්නට සිදු වුණේ පෙරළි රැසක්ම සිදුවීම නිසයි.

Serge Gnabryගේ ගෝල හතරකින් Tottenham හඬවයි

ප්‍රබල Bayern Munich කණ්ඩායම Tottenham Hotspur කණ්ඩායම ගෝල 7-2ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා. ඒ B කාණ්ඩයේ පැවති තරගයක දී. Serge Gnabry, Bayern වෙනුවෙන් ගෝල හතරක් වාර්තා කළේ Spurs කණ්ඩායමට සුසුම් හෙලීමටවත් ඉඩක් ඉතිරි නොකරමින්. 

තරගයේ පළමු ගෝලය වාර්තා කිරීමට සමත් වුනේ Spurs කණ්ඩායමයි. Son Heung-min තරගයේ ලකුණු සටහන ක්‍රියාත්මක කළ අතර පළමු අර්ධය අවසන් වීමට මොහොතක් ඉතිරි වන තුරුම තරගයේ ගෝල සම වී තිබීම විශේෂත්වයක්.

පසුපසින් හඹා ආ Arsenal ගෝල සම කරයි

Pierre-Emerick Aubameyangගේ හත්වැනි ප්‍රිමියර් ලීග් ……..

12 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ Sonගේ ගෝලයට Joshua Kimmich යාර 20ක සීමාවේ සිට අලංකාර පිළිතුරක් ලබා දීමට සමත් වුනා. ගෝල සම වූ තරගය නැවත Bayern වෙතට හරවා ගන්නට සුපිරි ක්‍රීඩක Robert Lewandowski ක්‍රියාත්මක වුනේ පළමු අර්ධය නිමා වීමට තත්පර කිහිපයක් තිබිය දී. ඔහුත් යාර 20ක සීමාවේ සිට Hugo Lloris පසු කරමින් දැල වෙත යොමු කළේ පෙරමුණත් සමඟම පළමු අර්ධය නිමා කරමින්.   

පසුගිය තරගවාරයේ ශූරයින්ගේ ලීග් තරගාවලියේ අනුශූරයින් වූ Spurs කණ්ඩායම දෙවන අර්ධයේ දී සම්පූර්ණයෙන්ම අන්ත අසරණ වුනා. Gnabry මිනිත්තු තුනක් ඇතුළත ගෝල දෙකක් වාර්තා කළේ ප්‍රතිවාදීන් අන්ත අසරණ කරමින්. එම ගෝල දෙකටම රැක ගැනීමට Llorisට හැකියාවක් නොලැබීම කැපී පෙනුණා.   

Kingsley Coman විසින් Danny Rose හට බාධා කිරීම නිසා 61 වන මිනිත්තුවේ දී Spurs හට දඬුවම් පහරක් හිමි වුනා. Harry Kane එම දඬුවම් පහර සාර්ථක කර ගත්තත් තරගයේ ප්‍රතිඵලයට ලොකු වෙනසක් කරන්නට ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. 83 හා 88 වැනි මිනිත්තුවේ දී Gnabry තවත් අලංකාර ගෝල ද්විත්වයක් වාර්තා කළ අතර එම ගෝල ද්විත්වය මැද්දට Lewandowski 87 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ගෝලයත් එක්වුණා.   

වසර 137ක ඉතිහාසයේ Tottenham කණ්ඩායමක් ප්‍රතිවාදීන්ට ගෝල 7ක් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. 

අවසන් ලකුණු තත්වය: Bayern Munich 7 -2 Tottenham Hotspur

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Bayern Munich – Kimmich 15, Lewandowski 45, 87, Gnabry 53, 55, 83, 88
  • Tottenham Hotspur – Son 12, Kane 61 (P)

Real Madrid ජාමේ බේරා ගනියි

ගෝල 2-0ක් ලෙස Club Bruges කණ්ඩායම හමුවේ පසු පසින් සිටි ප්‍රබල Real Madrid කණ්ඩායම කෙසේ හෝ ගෝල 2-2ක් ලෙස තරගය සම කර ගන්නට සමත් වුනා. තරගය පැවැත්වුණේ A කාණ්ඩයේ තරගයක් ලෙසයි,  

Madrid සිය පළමු තරගයේදී ද PSG හමුවේ ගෝල 3-0ක් ලෙස පරාජය වීම විශේෂත්වයක්.

21 හැවිරිදි Emmanuel Dennis, Bruges වෙනුවෙන් වාර්තා වූ ගෝල ද්විත්වයම තමන් සතු කර ගත්තේ Real Madrid ප්‍රේක්ෂකයින් මවිත කරමින්.  

Percy Tauගේ හරස් පන්දු යොමු කිරීමක් නයිජීරියානු ජාතික Emmanuel Dennis, සුපුරුදු ලෙස වැරදි පාදයේ සිටි Thibaut Courtois පසු කරමින් දැල වෙත යොමු කරන්නට සමත් වුනා. විනිසුරු මුලින් එම ගෝලය Off Side යැයි පැවසුවත් දීර්ඝ VAR විමසුමකට පසුව එම ගෝලය ලබා දීමට විනිසුරු තීරණය කළා.  

Messi නොමැති සති අන්තයක Neymar හා Ronaldo ගෝල වාර්තා කරයි

ලා ලීගා, Bundesliga, Ligue 1 පාපන්දු පිටියත් මේ………

Dennis දඬුවම් පහර චතුරශ්‍රය තුලට පිවිස Courtois හිසට ඉහළින් පන්දුව දැල වෙත පා කර යැව්වේ 39 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායම වෙනුවෙන් දෙවන ගෝලයත් රැස් කරමින්. 

දෙවන අර්ධයේ දී Real කණ්ඩායම ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ සෑහෙන පමාවකින් පසුවයි. Karim Benzema ගේ හරස් පන්දු යොමු කිරීමක් නායක Sergio Ramos දැල් ගත කළ අතර කෙසේ වෙතත් විනිසුරු පවසා සිටියේ එය Offside බවයි. එනමුත් VAR විමසුමකින් පසුව විනිසුරු එම ගෝලය ලබා දීමට තීරණය කළා.  

Bruges නායක Ruud Vormer කහ කාඩ් පත් දෙකකට පසුව පිටියෙන් ඉවත් වූ අතර ලැබුණු නිදහස් පහරෙන් උපරිම ප්‍රයෝජන ගත් Madrid ක්‍රීඩකයෝ තරගයේ ගෝල සම කළා. ඒ Toni Kroosගේ පන්දු යොමු කිරීම Casemiro සිය හිසෙන් දැල් ගත කිරීමත් සමඟයි.  

අවසන් ලකුණු තත්වය: Club Bruges 2 -2 Real Madrid

ගෝල ලබා ගත් ක්‍රීඩකයෝ

  • Club Bruges – Bonaventure 9, 39
  • Real Madrid – Ramos 55, Casemiro 85

බංකුවෙන් පැමිණි Raheem Sterling ජය ගෙනෙයි 

ප්‍රබල Manchester City කණ්ඩායම Dinamo Zagreb ගෝල 2- 0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනේ සෑහෙන මහන්සියකට පසුවයි. C කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය පැවැත්වුණා.

දෙවන අර්ධයේ මැද භාගයේ Riyad Mahrezගේ හරස් පන්දු යොමු කිරීමක් Sterling දැල වෙත යොමු කළේ තරගයේ ප්‍රතිවාදී ග්‍රහණය බිඳිමින්. අනතුරුව 19 හැවිරිදි Foden අවසන් තත්පරයේ දී ද City වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගත්තා.     

කෙසේ වෙතත් CIty කණ්ඩායම අවස්ථා රැසක්ම අපතේ යවා ගත්තේ පහසු තරගයක් අපහසු කර ගනිමින්. Sterling වාර්තා කළේ මෙවර තරගවාරයේ සිය 9 වැනි ගෝලය වීම විශේෂත්වයක් වුනා.

දකුණු කොරියාවට පෙර ශ්‍රී ලංකාව මැලේසියාව සමඟ ගැටෙයි

2022 වසරේ කටාර්හි……..

මේ තරගය සඳහා ආබාධයකට ලක්ව සිටින ප්‍රබල Kevin de Bruyne එක්ව නොසිටීම විශේෂත්වයක් වුනා. 

80% පන්දුව තමන්ගේ අතේ තබාගෙන සිටි City කණ්ඩායම වෙනුවෙන් Sergio Agueroට හා Bernardo Silvaට අවස්ථා රැසක්ම ගිලිහි යාම විශේෂත්වයක් වුනා.

කෙසේ වෙතත් Aguero කිහිප වරක් උත්සහ කිරීමෙන් අනතුරුව පන්දුව දැල් ගත කළත් විනිසුරු පවසා සිටියේ පන්දුව Bernardo Silva ගේ අතේ ගැටුණු බවයි.  

දෙවන අර්ධයේ දී ක්‍රොඑ්ෂියානු ශූර Dinamo කණ්ඩායම ප්‍රබල ආක්‍රමණ කිහිපයක් දියත් කළත් Bernardo Silva වෙනුවට පිටියට පිවිසුණු Sterling තරගය කණපිට හැරවූවා.   

ඒ අනුව C කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වීමටද Manchester City කණ්ඩායම සමත් වුණා.

අවසන් ලකුණු තත්වය: Man. City 2 – 0 Dinamo Zagreb

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ

  • Man. City – Sterling 66, Foden90+5

Juventus කණ්ඩායමට පහසු ජයක්

Bayer Leverkusen කණ්ඩායම ගෝල 3-0ක් ලෙස පරාජය කරමින් Juventus D කාණ්ඩයේ පළමු ස්ථානයට පිවිසුණා.  

Gonzalo Higuain, Jonathan Tahගේ අත්වැරදීමක් ප්‍රයෝජනයට ගනිමින් තරගයේ පළමු ගෝලය වාර්තා කළ අතර Federico Bernardeschi දෙවන ගෝලය වාර්තා කළා. 

Cristiano Ronaldo අවසන් භාගයේ දී තෙවැනි ගෝලයත් දැල් ගත කළේ පහසු ජයක් Juve වෙත ගෙන එමින්.

මිනිත්තු කිහිපයක් යනතුරු පිටියේ ස්ථාවර වීමට එකදු කණ්ඩායමක් හෝ සමත් වූයේ නැහැ. 17 වැනි මිනිත්තුවේ දී අන්දමන්ද වූ Tah විසින් පන්දුව Higuain ඉදිරියටම යොමු කළ අතර ඔහු ස්පර්ශ කිරීම් දෙකකින් පන්දුව ගෝල රාමුවෙන් ඇතුළට යොමු කළා.   

Ronaldo ගේ ප්‍රහාරයක් දෙකක්ම Leverkusen දැල් රකින ක්‍රීඩක නිෂ්ප්‍රභ කිරීම කැපී පෙනුණා. කෙසේ වෙතත් ඔහුට Bernardeschiගේ ගෝලය නම් වළක්වන්නට හැකි වුනේ නැහැ. Higuain හා Ronaldo අතර පන්දු හුවමාරුවකින් පසුව ලබා ගත් Bernardeschi එම ගෝලය වාර්තා කළා.  

Ronaldo ගෝල නැතුවම තරගය අවසන් කරනු ඇති බව පෙනුනත් අවසන් මොහොතේ දී ක්‍රියාත්මක වූ Ronaldo ගෝල රකින්නා ගේ පාද දෙක මැදින් පන්දුව යොමු කරමින් වටිනා ගෝලයක් තමන්ගේ නමට ලියා ගත්තා.

අවසන් ලකුණු තත්වය: Juventus 3-0 Leverkusen

ගෝල වාර්තා කළ ක්‍රීඩකයෝ 

  • Juventus – Higuaín 17, Bernardeschi 62, Ronaldo 89

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<