හතේ හත වැදී සිටි ලංකාවට කුසල් පිහිට වුන හැටි

663

අවසන් වසර 2ක කාලය තුල දී විස්සයි විස්ස තරග අංශයේ දී ඉන්දියාව හමුවේ හතේ හත වැදී සිටි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පරාජිත ගමනට තිත තැබීම වෙනුවෙන් පන්දු 37ක දී දියත් කරන ලද ලකුණු 66ක සුවිශේෂී ඉනිම, තම ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කරන ලද හොඳම ඉනිම ලෙස තමා විශ්වාස කරන බව කුසල් පෙරේරා අවධාරණය කරයි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වා සිටින වමත් කසකරුවා ජයග්‍රහණයකින් තරගාවලියට අවතීර්ණ වීමට අවස්ථාව උදාවීම නිසා කණ්ඩායමේ විශ්වාසවන්ත භාවය ඉතා ඉහළ තත්ත්වයකට පැමිණ තිබෙන බව ද සඳහන් කර සිටියි.

කුසල්ගේ සංදර්ශනයෙන් ශ‍්‍රී ලංකාවට ජයග්‍රාහී ආරම්භයක්

පන්දු 37ක දී කුසල් පෙරේරා රැස් කරන ලද ලකුණු 66ක අනුකම්පා විරහිත ඉනිම ප‍්‍රධාන කොට, 70 වැනි …

ආබාධ හේතුවෙන් වසරකට ආසන්න කාලයක දී තම මව්බිමේ දී තරගයට ක්‍රීඩා කිරීමට අපොහොසත් වුන කුසල් පෙරේරා නැවතත් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වූ පළමු තරගයේ දී ම තරගයේ වීරයා බවට පත්වෙමින් එ් සුවිශේෂී ජයග්‍රහණය ශ‍්‍රී ලංකාවට අත්කර දීම ද කැපී පෙනෙයි. කුසල්ගේ ඉනිම ප්‍රධාන කොට ලද ජයත් සමඟ ඉන්දියාව හමුවේ මුහුණ දී තිබූ විස්සයි විස්ස තරග 7ක පරාජිත ගමනට තිත තැබීමට ද ශ‍්‍රී ලංකාවට අවස්ථාව උදා විය.

අවසන් මාස කීපයේ දී ම ආබාධවලට ලක්වෙලා හිටියේ. මේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් මම හොඳින් පුහුණුවීම් සිදු කළා. සහභාගි වුනා ක්‍රීඩා සමාජ තරග කිහිපයේදීත් මම හොඳින් ක්‍රීඩා කළා. පළමු තරගයේ දී ම ලකුණු අතරට පැමිණීමට හැකි වීම නිසා මගේ විශ්වාසයත් ඉතා ඉහළ තලයකට පැමිණිලා තියෙනවා” යැයි සඳහන් කරන 26 හැවිරිදි කුසල් ”මම ක්‍රීඩා කරලා තියෙන ඉනිම අතරින් හොඳම ඉනිම මෙය බව විශ්වාස කරනවා” යැයි තරගාවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී සඳහන් කර සිටියේය.

තහනම් උත්තේජන ලබා ගත් බවට කරන ලද පරීක්ෂණ වාර්තාවක් වැරදී යෑමෙන් අසාධාරණ ලෙස තරග තහනමකට ලක්ව සිටි කුසල් පසුව පාදයේ මස් පිඬු ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් වී සිටීමට සිදු විය. එ් අනුව කුසල් තම මව්බිමේ දී ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ වසරක පමණ කාලයකින් පසුව වන අතර එම තරගයේ දී ම දක්ෂතා අතරට පැමිණ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.

දෙවැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුවේ සිට පන්දුවට පහර දුන් කුසල් පෙරේරා, වොෂිංටන් සුන්දර් හමුවේ එල්ල කරන ලද හයේ පහරත් සමඟ සිය ලකුණු ලබා ගැනීම ආරම්භ කළේය. කුසල්ගේ පිත්තෙන් දැඩි අසරණතාවකට පත්වූ පන්දු යවන්නා වූයේ ශරදුල් ඨාකූර් වන අතර ඔහු විසින් ක්‍රියාත්මක කරන ලද තරගයේ තෙවැනි පන්දුවාරයේ දී හයේ පහරක් සහ තවත් හතරේ පහර 5ක් සමඟ ලකුණු 27ක් උදුරා ගැනීමට කුසල් සමත් විය. එම පන්දුවාරයට ලද ලකුණු 27 හේතුවෙන් පවර් ප්ලේ පන්දුවාර 6 දී ලකුණු 75 ක් රැස් කර ගැනීමට ශ‍්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවූ අතර එය තරගයේ වැඩි වාසි ශ‍්‍රී ලංකාව නැඹුරු වූ හැරවුම් ලක්ෂය බවට පත්විය.

”ඒක මෙතන කියන්න බැහැ. අනිත් කැප්ටන් ලා ඉන්නවනේ.” – චන්දිමාල්

ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් සමරුවට සමගාමීව ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සහභාගීත්වයෙන් …

මේ වගේ තරගයක දී ලකුණු 175ක් හඹා යනවා කියන්නේ ලේසි පහසු දෙයක් නොවෙයි. පවර් ප්ලේ අවස්ථාවේ දී අපි උපරිම ශක්තියෙන් ලකුණු ලබාගෙන තිබුණා. අපිට හොඳ ආරම්භයක් ලැබුණා. එ්ක ඉනිමේ ගොඩනැංවීමට පහසු වුනා. නමුත් එවැනි සාර්ථක ආරම්භ හැම විටම ලබාගත නොහැකියි. එ්ක නිසා ඉනිමේ පළමු පන්දුවාර 6 ඉතාම වැදගත් වෙනවා” යැයි පවසන කුසල් ”මැද පෙළින් කඩුලු කිහිපයක්ම දැවී ගියා. එ් කියන්නේ මැද පෙළින් අපි සකස් කරලා තිබුණ සැලසුම් හරියට ක්‍රියාත්මක වුනේ නෑ. එ්ත් සමස්තයක් විදියට ගත්තම තුන් ඉරියව්වෙන්ම අපි මේ තරගයේ දී හොඳින් ක්‍රීඩා කළා. ජයග්‍රහණයකින්ම තරගාවලිය ආරම්භ කරන්න ලැබීම ගැන අපි සෑහීමකට පත්වෙනවා” යැයි කුසල් පවසයි.

පළමු පන්දුවාර 6 දී ම අපේ ජය ඔවුන් ඩැහැගත්තා” – ශිකර් ධවාන්

පීඩිත ඉන්දියාව බංග්ලාදේශය හමුවේ කෙසේ මුහුණ දෙයි ද….?

ශ‍්‍රී ලංකාව හමුවේ ලද කඩුලු 5ක පරාජය පිළිබඳව අදහස් දක්වා සිටි ඉන්දීය පිලේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්, පවර් ප්ලේ අවස්ථාවේ දී තම කණ්ඩායමට වඩා ශ‍්‍රී ලංකාව ඉදිරියෙන් සිටීම තරග පරාජයට බලපෑ බව සඳහන් කර සිටියේය.

පළමු පන්දුවාර 6 දී ම තරගයේ ජය ඔවුන් අපෙන් ඩැහැගත්තා. එපමණක් නොවෙයි හය වැනි පන්දුවාරයෙන් පසුවත් ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය නැවැත්තුවේ නැහැ. ඔවුන් ඉනිම මැදින් පන්දු යවපු දඟපන්දු යවන්නන්ටත් ලකුණු 10කට වැඩිය රැස් කිරීමට සමත් වුනා. එයට තණතීරුවේ වූ මන්දගාමී ස්වභාවයත් බලපෑවා” යැයි ධවාන් පවසයි.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ ධවාන් මංගල විස්සයි විස්සයි ශතකයට ලකුණු 10ක් තිබිය දී කඩුල්ල අහිමි කරගත්තේය. කෙසේ වෙතත් දැවී යන විට විස්සයි විස්ස තරග අංශයේ ඉහළම ලකුණු සංඛ්‍යාව දක්වා සිය ලකුණු 90ක ඉනිම පරිවර්තනය කර ගැනීමට ඔහු සමත්ව සිටියේය.

එ් වගේම ඔවුන් අපේ පළමු කඩුලු දෙක දෙවැනි පන්දුවාරයේ දී ම දවා ගැනීමට සමත් වුනා. එ්ක අපේ ඉනිමට ලොකු අලාභයක් වුනා. අපි අතින් කඩුලු දැවී ගියේ නැත්නම් අපිට වේගයෙන් ලකුණු අතරට පැමිණිය හැකියි. නමුත් අද වුනේ කඩුලු නොදී ක්‍රීඩා කිරීමට. එ්ක පළමු පන්දුවාර 6 දී වේගයෙන් ලකුණු ලබා ගැනීමට බලපෑවා. මා හිතන විදියට අපි ලකුණු 10ක් පමණ අඩුවෙනුයි ලබා ගත්තේ” යැයි ධවන් පවසයි.

මෙම තරගයේ දී ශ‍්‍රී ලංකා පිල පළමු පන්දුවාර 5 අවසානයේ දී ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වුවද ඉන්දීය පිලට රැස්කර ගත හැකි වූයේ කඩුලු 2ක් දැවී ලකුණු 40ක් පමණි.

නිදහස් කුසලාන ක‍්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දීය කණ්ඩායම සහභාගි වන දෙවැනි තරගය අද (8) බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ දී ප .ව. 7 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ශ‍්‍රී ලංකාව හමුවේ ලද අනපේක්ෂිත කඩුලු 5ක තරග පරාජය හේතුවෙන් නොසිතූ පීඩනයකට ලක්වී සිටින ඉන්දියාව මෙම තරගයට තරමක තැතිගැන්මකින් අවතීර්ණ වනු ඇත. තරුණ ක්‍රීඩකයන් වැඩි සංඛ්‍යාවක් සමඟින් මෙම තරගාවලියට පැමිණි ඉන්දීය පිලේ වැඩි වගකීමක් නායක රෝහිත් ෂර්මා සහ සුරේෂ් රයිනා වෙත පැටවී තිබීම ද ඔවුන්ට අතිරේක පීඩනයක් ගෙන දෙන්නකි. එමෙන්ම පළමු තරගයේ දී ඉන්දීය පන්දු යවන්නන්ගේ පන්දු රිද්මයක් ගොඩ නගා ගැනීමට අපොහොසත් වීම ඔවුන් මුහුණ දී තිබෙන අනෙක් අභියෝගය වේ.

කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම ද තමන් සතු ප‍්‍රබලම තුරුම්පුව වන ශකීබ් අල් හසන් රහිතව තරගයට අවතීර්ණ වීම ඉන්දීය පිලේ සතුටට කරුණක් වනු ඇත. ශකීබ් නොමැති බංග්ලාදේශ පිල මෙහෙයවීම මහමුදුල්ලා රියාද්ගේ කර මත පැටවී තිබේ. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය අතරතුර දී ඇඟිල්ලේ ආබාධයට ගොදුරු වූ ශකීබ් තවමත් සුව අතට පත් නොවීම ඔහුට මෙම තරගාවලිය ද අහිමි වීමට හේතු වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<