ඉන්දීය සංචිතය වෙනස් වෙයි; ක්‍රීඩකයෙක් ඉවතට!

76

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා කඩුලු රකින්නා ලෙස ව්‍රිද්දිමාන් සාහා කැඳවීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ නැගී එන ක්‍රීඩකයෙකු වන රිශාබ් පාන්ට් වෙනුවටය. 

ඉන්දීය නායක විරාත් කෝලි විසින් රෝහිත් ශර්මා ආරම්භක පිතිකරුවෙකු ලෙස නම් කිරීමට තීරණය කර ඇත. ඉන්දීය දකුණු අප්‍රිකා තරගාවලිය ටෙස්ට් තරග තුනකින් සමන්විත වන අතර එය ඊයේ (2) ආරම්භ විය. 

ජයගත යුතුම තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 3ක්!

පාකිස්තානු සංචාරය අරඹමින් පැවති පළමු එක්දින ……..

සංචිතයට කැඳවා ඇති ව්‍රිද්දිමාන් සහා ටෙස්ට් තරගයක් සඳහා ක්‍රීඩා කර ඇත්තේ මීට මාස 18කට පෙරය. ඒ දකුණු අප්‍රිකාවට එරෙහිවය. පසුගිය ඉන්දීය තරගාවලියේ දී රිශාබ් පාන්ට් සුපුරුදු රිද්මයට ළඟා නොවූ නිසා ඔහුට තරමක විවේකයක් ලබා දීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. රිශාබ් මහේන්ද්‍ර සිං දෝණිගේ ආගමනය බවට බොහෝ දෙනා විශ්වාස කරයි. 

ව්‍රිද්දිමාන් සාහාට මීට පෙර ඉන්දීය කණ්ඩායමේ ස්ථානය අහිමි වූයේ ආබාධයක් නිසාවෙනි. එහි දී ඔහුගේ ස්ථානය ‍රිශාබ් පාන්ට් ලබා ගත් අතර ඔහුගේ සුවිශේෂී දක්ෂතා කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිකර දීමට සමත් විය. 

“සාහා හොඳ සූදානමකින් සිටිනවා. ඔහු අපි වෙනුවෙන් තරගාවලිය ආරම්භ කරාවි. ඔහුගේ දක්ෂතා හැමෝටම බලාගන්න පුළුවන් වේවි.” ඉන්දීය නායක විරාත් කෝලි පවසා සිටියා. 

ඉන්දීය කණ්ඩායම මෙම තරගාවලිය ජයග්‍රහණය කළහොත් එය ඔවුන් තම රටේ දී ලබාගන්නා 11 වන තරගාවලි ජයග්‍රහණය වන අතර ඕස්ට්‍රේලියා කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දී තරගාවලි 10ක් ජයග්‍රහණය කරමින් තබා ඇති වාර්තාව අභිබවා යනු ඇත. 

“සාහා තමයි අපි හැමවෙලේම හොඳම ටෙස්ට් කඩුලු රකින්නා විදිහට හඳුනා ගෙන හිටියේ. ඔහු පීඩනය හොඳින් පාලනය කරගෙන අපි වෙනුවෙන් ක්‍රීඩා කලා පසුගිය කාලයේ දී. ඔහුව නැවත කණ්ඩායමට ගේන්න හොඳ අවස්ථාව මේක. මේ වගේ අවස්ථාවක් එනතුරු අපි බලාගෙන හිටියා.”

“ඔහු පන්දුවට පහර දෙන්න ලැබුණු හැම අවස්ථාවකින්ම ප්‍රයෝජනය ගත්තා. ආබාධයක් නිසා ඔහුට කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිදු වුන එක අවාසනාවක්. මම හිතන්නේ සාහා තමයි ලෝකයේ හොඳම කඩුලු රකින්නා. මේ තත්ව යටතේ ඔහු කණ්ඩායමට ඇතුළත් විය යුතුයි.”

ඉන්දීය කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙකු වන රෝහිත් ශර්මා මේ වන විට 32 හැවිරිදි වන අතර ඔහු තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 27ක් පමණි. දකුණු අප්‍රිකානු ‍ටෙස්ට් තරගාවලිය රෝහිත්ට තම දක්ෂතා අතරට පැමිණීමට ප්‍රබල අවස්ථාවක් වනු ඇත. 

“අපේ ආරම්භක පිතිකරුවා රෝහිත්. ඒක විශ්වාසයි” කෝලි මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියා. 

ශර්මා ඉන්දීය එක්දින කණ්ඩායමේ උපනායකයා වන අතර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ සුපුරුදු ආරම්භක පිතිකරුවා වූ ලෝකේශ් රාහුල්ගේ අසාර්ථකත්වය නිසා ශර්මාට ඉන්දීය ආරම්භක පිතිකරුවා ලෙස තම ස්ථානය තහවුරු කරගැනීමට අවස්ථාව උදාවී ඇත. 

“අපි ක්‍රීඩකයන්ට අවස්ථාවන් ලබා දුන්නා පසුගිය තරගාවලිවල දී. රෝහිත්ට ටෙස්ට් තරග සංචිතවල ගොඩක් කල් ඉඳලා ඉන්නවා. මේක තමයි ඔහුට අවස්ථාව දෙන්න හොඳම වෙලාව. ඔහුගේ රිද්මය ඔහු සොයා ගනීවි. ටෙස්ට් තරගවලට අවශ්‍ය ක්‍රීඩා රටාව රෝහිත්ට සොයා ගැනීමට හැකි වේවි. අපිට තේරෙනවා ඔහු ඒ රිද්මය සොයාගතහොත් අපේ මුල් පිතිකරණ ලැයිස්තුව වඩාත් ප්‍රබල එකක් වේවි. රෝහිත් වගේ ක්‍රීඩකයෙක් ආරම්භක පිතිකරු ලෙස නැති වෙන එක ලොකු පාඩුවක්. “

සිංහයින්ට එරෙහි විස්සයි විස්ස සංචිතයට පරණ මුහුණු තුනක්

ශ්‍රී ලංකාවට එරෙහිව එළඹෙන ඔක්තෝබර් 5 ………

ඉන්දීය ටෙස්ට් සංචිතය සඳහා රවීන්ද්‍ර ජඩේජා හා රවිචන්ද්‍රන් අශ්වින් දඟපන්දු ‍යවන්නන් ලෙස එක්ව සිටින අතර තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස හනුමා විහාරි හා වේගපන්දු ‍යවන්නන් දෙදෙනෙකු ද සංචිතයට ඇතුලත්ව සිටී. 

දකුණු අප්‍රිකානු නායකයා වන ෆෆ් ඩූ ප්ලේසීස් නව පරම්පරාවේ ක්‍රීඩකයන් රැසක් සමඟින් තරගාවලියට එක්ව සිටී. අවසන් වරට දකුණු අප්‍රිකාව ඉන්දීය සංචාරයක් සඳහා එක්වූයේ 2015 වසරේ දී ය. තරග හතරකින් සමන්විත වූ එම තරගාවලියේ ජයග්‍රහණය ඉන්දීය කණ්ඩායම සතු වූයේ තරග 3-0ක් ලෙසිනි. 

දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගවල යම් තීරණාත්මක අවධියක් පසු කරමින් සිටින අතර හිටපු නායක හශීම් අම්ලාගේ සමුගැනීමෙන් අනතුරුව වේගපන්දු ‍යවන ක්‍රීඩක ඩේල් ස්ටේන් ද ටෙස්ට් තරගවලින් සමුගත්තේය. 

“අපි 2015 සංචාරයේ දී අත්දැකීම් සහිත පිතිකරුවන් සිටියත් සාර්ථක වුනේ නෑ. වර්තමාන කණ්ඩායමේ නවක ක්‍රීඩකයන් රැසක් සිටිනවා.” ෆෆ් ඩූ ප්ලෙසීස් පවසා සිටියා. 

“මේ නවක ක්‍රීඩකයන් ලොකු සූදානමකින් සිටිනවා. ඔවුන් මේ තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා කරාවි. මේක තමයි නවක නායකයින් වගේම ඩේල් ස්ටේන් වගේ පන්දු ‍යවන්නන්, හශීම් අම්ලා වගේ පිතිකරුවක් සොයාගන්න තියන අවස්ථාව.” 

ෆෆ් ඩූ ප්ලෙසීස් පවසන පරිදි 2015 ඉන්දීය සංචාරය ඔහුට දඟ පන්දු ‍යවන්නන් හැසිරවීම පිළිබඳව මනා අවබෝධයක් ලබාගැනීමට උපකාරි වී ඇත. තවද රිවර්ස් ස්වින්ග් පහර දකුණු ආසියානු තණතිලි වල ප්‍රබල අවියක් වන බව ද ෆෆ් ඩූ ප්ලෙසීස් පවසා සිටියා. 

තරගාවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය 

විරාත් කෝලි (නායක), අජින්කෙයා ‍රහානේ (උපනායක), රෝහිත් ශර්මා, මයාන්ක් අග්‍රවාල්, චෙටාස්වර් පුජාරා, හනුමා විහාරි, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ව්‍රිද්දිමාන් සාහා (කඩුලු රකින ක්‍රීඩක), ඉශාන්ත් ශර්මා, මොහොමඩ් ශාමි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<