Home Sinhala ආධුනික ස්කොට්ලන්තයෙන් ප්‍රබල නවසීලන්තයට හොඳ සටනක්

ආධුනික ස්කොට්ලන්තයෙන් ප්‍රබල නවසීලන්තයට හොඳ සටනක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

195

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සහ ස්කොට්ලන්තය අතර පැවති තරගය ලකුණු 16කින් ජය ගැනීමට නවසීලන්තය අද (3) සමත් වුනා.

ඩුබායි හිදී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ස්කොට්ලන්තය පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මේ  තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

නවසීලන්තය – Martin Guptill, Daryl Mitchell, Kane Williamson (capt), Devon Conway (wk), Glenn Phillips, Jimmy Neesham, Mitchell Santner, Adam Milne, Tim Southee, Trent Boult, Ish Sodhi

ස්කොට්ලන්තය – Kyle Coetzer (capt.), George Munsey, Matthew Cross (wk), Richie Berrington, Calum MacLeod, Michael Leask, Chris Greaves, Mark Watt, Safyaan Sharif, Alasdair Evans, Brad Wheal.

නවසීලන්ත  ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසි Martin Guptill සහ Daryl Mitchell පන්දු 25ක් තුල ලකුණු 35ක ආරම්භක සබඳතාවයක් ගොඩනංවා සිටිය දී, ලකුණු 13ක් ලබා සිටි Mitchell පිටියෙන් ඉවත් කිරීමට Sharif සමත් වුනා. එම පන්දුවාරය තුලම Kane Williamsonගේ කඩුල්ල ද දවා ගත් ස්කොට්ලන්තය ඉතාමත් හොඳින් නවසීලන්තය දෙසට තරගයේ පීඩනය යොමු කළා.

පන්දුවාර 6කුත් පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 52ක් ලබාගෙන සිටි නවසීලන්ත ලකුණු සටහන නිසි අවසානයකට රැගෙන යාම වෙනුවෙන් සිව්වැනි කඩුල්ල සඳහා පිටියේ එක්වුණු Guptill සහ Glenn Phillips ලකුණු 105ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ඔවුන්ගේ අන්තයේ තිබූ පීඩනය හරවා ස්කොට්ලන්තය දෙසට යොමු කළා.

නවසීලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ආරම්භක පිතිකරු Guptill සිය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබා ගත් 18 වැනි ශතකය වාර්තා කරගෙන ලකුණු 91ක් ලබා ගත්තා. පන්දු 53ක දී වාර්තා වුනු ඔහුගේ එම සටන්කාමී ඉනිමට 4 පහර 6ක් සහ 6 පහර 7ක් ඇතුළත් වුනා.

ඔහුගේ එම 4 සහ 6 පහර හැර අනෙක් නවසීලන්ත පිතිකරුවන්ගෙන් වාර්තා වුනේ 4 පහර 2ක් සහ එක් 6 පහරක් පමණයි. පන්දු යැවීමේ දී Sharif සහ Wheal අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා. Phillips ලකුණු 33ක් ලබා ගත්තා.

නවසීලන්තය ලබා ගත් ලකුණු 172කට පිළිතුරු ලබා දීම වෙනුවෙන් පිටියට පැමිණි ස්කොට්ලන්ත මුල්පෙළ පිතිකරුවන් ඔවුන්ගේ ලකුණු සටහන සඳහා ඉතාමත් හොඳ අඩිතාලමක් සකස් කර දුන්නා. ඒ අනුව Cross ලකුණු 27ක්, Munsey ලකුණු 22ක් සහ නායක Coetzer ලකුණු 17ක් ලබා ගත්තා.

Powerplay පන්දුවාර 6ට පසුව නවසීලන්තය නැවත වරක් ඔවුන්ගේ දෙසට තරගයේ වාසිය හරවා ගත් අතර අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි Leask වේගවත් පිතිකරණයක නිරත වෙමින් ඔවුන්ගේ දෙසට තරගයේ වාසිය ගැනීමට උත්සහ කළත්, එය සාර්ථක වුනේ නැහැ.

Leaskගේ නොදැවුණු වර්ණවත් ඉනිම ලකුණු 42*කින් වර්ණ ගැන්වුණු අතර ඔහු පන්දු 20ක දී 4 පහර සහ 6 පහර 3ක් එල්ල කරමින් අවසන් පන්දුවාර කිහිපය තුල නවසීලන්ත පන්දු යවන්නන්ට දැඩි අභියෝගයක් එල්ල කළා.

අවසානයේ දී ඔවුන් සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 5ක් දැවී ලබා ගත්තේ ලකුණු 156ක් පමණයි. පන්දු යැවීමේ දී Boult ලකුණු 29කට කඩුලු 2ක් දවා ගත්තා.

ලකුණු සාරාංශය,

නවසීලන්තය – 172/5 (20): Martin Guptill 93, Glenn Phillips 33, Safyaan Sharif 2/28, Brad Wheal 2/40.

ස්කොට්ලන්තය – 156/5 (20): Michael Leask 42, Matthew Cross 27, George Munsey 22, Trent Boult 2/29.

තරගයේ වීරයා – Martin Guptill (නවසීලන්තය)

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


New Zealand
172/5 (20)

Scotland
156/5 (20)

Batsmen R B 4s 6s SR
Martin Guptill c Calum MacLeod b Brad Wheal 93 56 0 0 166.07
Daryl Mitchell lbw b 13 11 0 0 118.18
Kane Williamson c Matthew Cross b Safyaan Sharif 0 4 0 0 0.00
Devon Conway c Matthew Cross b Mark Watt 1 3 0 0 33.33
Glenn Phillips c Chris Greaves b Brad Wheal 33 37 0 0 89.19
James Neesham not out 10 6 0 0 166.67
Mitchell Santner b 2 3 0 0 66.67


Extras 20 (b 0 , lb 5 , nb 0, w 15, pen 0)
Total 172/5 (20 Overs, RR: 8.6)
Bowling O M R W Econ
Brad Wheal 4 0 40 2 10.00
Safyaan Sharif 4 0 28 2 7.00
Alasdair Evans 4 0 48 0 12.00
Mark Watt 4 0 13 1 3.25
Chris Greaves 3 0 26 0 8.67
Michael Leask 1 0 12 0 12.00


Batsmen R B 4s 6s SR
George Munsey c & b Ish Sodhi 22 18 0 0 122.22
Kyle Coetzer c Tim Southee b Trent Boult 17 11 0 0 154.55
Matthew Cross b Tim Southee 27 29 0 0 93.10
Richie Berrington c Devon Conway b Ish Sodhi 20 16 0 0 125.00
Calum MacLeod b Trent Boult 12 15 0 0 80.00
Michael Leask not out 42 20 0 0 210.00
Chris Greaves not out 8 10 0 0 80.00


Extras 8 (b 0 , lb 2 , nb 0, w 6, pen 0)
Total 156/5 (20 Overs, RR: 7.8)
Bowling O M R W Econ
Trent Boult 4 0 29 2 7.25
Tim Southee 4 0 24 1 6.00
Adam Milne 4 1 36 0 9.00
Mitchell Santner 4 0 23 0 5.75
Ish Sodhi 4 0 42 2 10.50