අනුක් ප්‍රනාන්දු බදුරලිය දිනවයි

Major Club Limited Over Tournament 2022

208

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති Kalutara Town Club සහ Baduraliya අතර තරගයේ දී Baduraliya ක්‍රීඩකයෝ කඩුලු 5ක පහසු ජයක් ලබා ගත්තා.

මග්ගොන Surrey ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Baduraliya ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසි Kalutara ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 148ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් Baduraliya ක්‍රීඩකයෝ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 149ක් ලබා ගත්තේ තවත් පන්දුවාර 21.3ක් ඉතිරිව තිබිය දී.

Kalutara කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ තරිඳු සිරිවර්ධන. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගත්තා. කඩුලු ලබා ගැනීමේ දී රුචිර කෝෂිත සහ ලසිඳු අරෝෂ කඩුලු 2 බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී Baduraliya කණ්ඩායම වෙනුවෙන් නායක අනුක් ප්‍රනාන්දු පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා. ඔහු ගිහාන් රූපසිංහ සමඟින් එක් වෙමින් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38ක දී ලකුණු 50ක් ලබා ගත්තා. ගිහාන් රූපසිංහ පන්දු 21ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තා.

කඩුලු ලබා ගැනීමේ දී කෞෂාන් කුලසූරිය ලකුණු 27කට කඩුලු 2ක් දවා ගත්තා.

  • Kalutara Town Club – කඩුලු 8ක් දැවී 148 (50) කෞෂාන් කුලසූරිය 21, තරිඳු සිරිවර්ධන 46, දිනෙත් ජයකොඩි 24, රුචිර කෝෂිත 2/36, ලසිඳු අරෝෂ 2/22
  • Baduraliya SC – කඩුලු 5ක් දැවී 149 (28.3) විහාන් ගුණසේකර 23, Zahid Mansoor 27, අනුක් ප්‍රනාන්දු නොදැවී 39, ගිහාන් රූපසිංහ 22, කෞෂාන් කුලසූරිය 2/27

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<