“ඉන්දියාවට එරෙහි ජයග්‍රහණය හරි විශේෂයි” – නවසීලන්ත පුහුණුකරු

249
INDvNZ
(Times Of India)

නවසිලන්ත කණ්ඩායම තරු පිරුණු ඉන්දියාවට එරෙහිව තරග වදින්නට හොඳින් සූදානම් වූ බවත්, කණ්ඩායම තරගයේ දී දැඩි නිර්භීත බවක් හා අධිෂ්ඨානයක් පෙන්වූ බවත් නවසීලන්ත පුහුණුකරු Gary Stead පවසා සිටිනවා.

2021 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව හා නවසීලන්තය අතර පැවති තරගය නවසීලන්තය ජය ගත්තේ කඩුලු අටකින්. ඒ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවත් ඉහළට රැගෙන යමින්.

කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් අතර ඉන්දීය පිතිකරුවන් එකා පිට එකා නැවතත් ක්‍රීඩාගාරයට හරවා යවමින් ඉන්දීය ඉනිම ලකුණු 110කට සීමා කරන්නට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුනා.

මම හිතන්නේ පන්දු යැවීම ඉතා විශිෂ්ටයි. මම හිතන්නේ මගේ ජිවිත කාලය තුළ දැකපු හොඳම විස්සයි විස්ස පන්දු යැවීම වෙන්න පුළුවන්”, Stead ‘Stuff.co.nz’ වෙත පවසා තිබුණා.

ඉන්දියාව වගේ සුපිරි ක්‍රීඩකයින්ගෙන් පිරුණු කණ්ඩායමක් ලකුණු 110කට සීමා කරනවා කියන්නේ හරිම විශේෂ දෙයක්. ඒ වගේම මම හිතනවා පිතිකරණයත් ඉතා හොඳ මට්ටමක තිබුණා.”

ඉන්දීය පිතිකරුවන්ට අවසන් පන්දුවාර ක්‍රීඩා කරන්නට අවස්ථාව ඉතිරි නොකර කඩුලු දවා ගැනීම නවසීලන්ත සැලැස්ම වූ බව Stead පවසා සිටිනවා. “අපි නිර්මාණය කළ සැලැස්මවල් වලට අනුව ක්‍රීඩා කළා. ඒ වගේම නුවණැති විදියට ක්‍රීඩා කළා”. දඟපන්දු යවන ක්‍රීඩක Ish Sodhi කඩුලු දෙකක් දවා ගන්නට සමත් වුනේ තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්.

ඔහු Virat Kohli හා Rohit Sharmaගේ කඩුලු දෙක දවා ගන්නට සමත් වුනේ නවසීලන්තයට ප්‍රබල වාසියක් ගෙනෙමිනුයි. වේගපන්දු යවන ක්‍රීඩක Trent Boult ලකුණු 20කට කඩුලු 3ක් දවා ගත්තා.

දඟපන්දු යවන්නන් ඉන්දියාවට ලකුණු රැස් කරන්නට ඉඩක් ලබා දුන්නෙම නැහැ. මම හිතන්නේ හයවැනි පන්දුවාරයේ සිට ඔවුන් පන්දු 71ක් යවා තිබුණා හතරේ හයේ පහරක් ලබා නොදී. පිතිකරුවන්ට හොඳ තණතිල්ලක එය ඉතා විශේෂ දක්ෂතාවයක්.”

මම හිතන්නේ Rohit පළමු පන්දුවේ දී ම දැවී යන්නට ඉතා ආසන්න වීමෙන් පෙනෙනවා අපේ පන්දු යවන්නන්ගේ නිර්භීත බව හා උත්සාහය. අපි දැනන් සිටියා රෝහිත් ශර්මාට පිටියෙන් ඉවතට යන්නට පන්දුවට පහර දෙන්න පුළුවන් කියලා.”

Times Of India ඇසුරින්

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<