පරාජයේ වේදනාවත් සමඟ දඬුවමක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

673

2021 පන්දුවාර විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැත්වූ තරගයේ දී නියමිත වේලාව තුළ පන්දුවාර 20 යවා නිමා කිරීමට අපොහොසත් වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයන්ට තරග ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙනවා.

ඊයේ (04) පැවති තරගයේ දී නියමිත වේලාවට වඩා එක් පන්දුවාරයක් පිටුපසින් සිටීම නිසාවෙන් බටහිර ඉන්දීය කණ්ඩායමට මෙම දඩ මුදල පැනවීමට එම තරගයේ තරග තීරක ලෙස කටයුතු කළ David Boon තීරණය කර තිබුණා.

ICC Code of Conduct for Players and Player Support Personnel හී 2.2 වගන්තියට අනුව නියමිත කාලය තුළ යැවීමට අපොහොසත් වන සෑම පන්දුවාරයක් සඳහාම සියලූම ක්‍රීඩකයන්ගෙන් තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් අයකර ගැනීමට නියමිතයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක Kieron Pollard විසින් මෙම වරද පිළිගැනීම නිසාවෙන් මෙම සිදුවීම පිළිබඳව නැවත පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයන් හට මෙම දඩ මුදලට යටත් වීමට සිදුවෙනවා.

ඊයේ (04) තරගයේ පිටියේ විනිසුරුවන් ලෙස කටයුතු කළ Aleem Dar සහ Langton Rusere, තෙවැනි විනිසුරුවරයා ලෙස කටයුතු කළ Paul Wilson සහ සිව්වැනි විනිසුරු ලෙස කටයුතු කළ Richard Kettleborough විසින් මෙම චෝදනාව එල්ල කළ තිබුණා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

ICC විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<