Home Sinhala සැම්පාගේ කඩුලු 5 දස්කම නිසා ඕස්ට්‍රේලියාවට සුපිරි ජයක්

සැම්පාගේ කඩුලු 5 දස්කම නිසා ඕස්ට්‍රේලියාවට සුපිරි ජයක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

867

2021 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය අතර පැවති තරගයෙන් කඩුලු 8ක සුපිරි ජයක් වාර්තා කර ගැනීමට ඕස්ට්‍රේලියාව අද (04) සමත් වුනා.

ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක Adam Zampa සිය ජාත්‍යන්තර T20 ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම සහ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් දැක්වූ දෙවැනි හොඳම T20 පන්දු යැවීමේ දස්කම දක්වමින් ලකුණු 19කට කඩුලු 5ක් දවාගෙන මේ තරගයේ වීරයා වුනා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියාව පළමුව පන්දු යැවීමට තීරණය කළා.

තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

  • බංග්ලාදේශ – Mohammad Naim, Liton Das, Soumya Sarkar, Mushfiqur Rahim, Mahmudullah (capt), Afif Hossain, Shamim Hossain, Mahedi Hasan, Taskin Ahmed, Mustafizur Rahman, Shoriful Islam.
  • ඕස්ට්‍රේලියාව – David Warner, Aaron Finch (capt), Mitchell Marsh, Steven Smith, Glenn Maxwell, Marcus Stoinis, Matthew Wade (wk), Pat Cummins, Mitchell Starc, Adam Zampa, Josh Hazlewood.

Mitchell Starc ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීම ආරම්භ කළ අතර ආරම්භයේ සිටම ඉතාමත් හොඳ සැලසුමකට අනුව පන්දු යැවීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් සමත් වුනා. බංග්ලාදේශ ඉනිමේ පිතිකරුවන් තිදෙනෙක් හැරෙන්නට අනෙක් කිසිදු පිතිකරුවෙක් හට ලකුණු 10 සීමාව අභිබවා යාමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු Shamim Hossain ලකුණු 19ක් ලබාගත්තා.

බංග්ලාදේශ මුල් කඩුලු කිහිපය ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන්නන් විසින් දවා ගත් අතර අවසානයේ දී Adam Zampa සිය ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීමේ දස්කම පෙන්නුම් කරමින් ලකුණු 19කට කඩුලු 5ක් දවාගත්තා.

එය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ ජාත්‍යන්තර T20 තරගය ක්‍රීඩකයෙක් දැක්වූ හොඳම දස්කම් අතර දෙවැනි තැන දිනා ගත්තා. අවසානයේ දී බංග්ලාදේශ කණ්ඩායමට සිය නියමිත පන්දුවාර විස්ස තුල හෝ ඔවුන්ගේ කඩුලු රැකගැනීමට අවස්ථාවක් නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස පන්දුවාර 15ක දී ඔවුන්ගේ ඉනිම ලකුණු 73කට සීමාවුනා.

පිළිතුරු ඉනිම දියත් කළ ඕස්ට්‍රේලියාව සිය ප්‍රසාද ලකුණු සටහනේ දල ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දමා ගැනීම සඳහා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත්තා.

Finch සහ Warner ලබා දුන් සාර්ථක සහ වේගවත් ආරම්භය නිසා පන්දුවාර 6කුත් පන්දු 2ක් අවසානයේ ඔවුන්ට ලකුණු 74 ඉලක්කය හඹා යාමට හැකියාව ලැබුණා. Finch ලකුණු 40ක් ලබාගෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වුනා.

මේ ලබා ගත් ජයග්‍රහණයත් සමඟ පළමු කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ඕස්ට්‍රේලියාවට හැකියාව ලැබුණා.

ලකුණු සාරාංශය,

  • බංග්ලාදේශය – 73 (15): Shamim Hossain 19, Adam Zampa 5/19, Josh Hazlewood 2/08, Mitchell Starc 2/11.
  • ඕස්ට්‍රේලියාව – 78/2 (6.2): Aaron Finch 40, Aaron Finch 18.

තරගයේ වීරයා – Adam Zampa (ඕස්ට්‍රේලියාව)

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Australia
78/2 (6.2)

Bangladesh
73/10 (15)

Batsmen R B 4s 6s SR
Mohammad Naim Sheikh c Josh Hazlewood, b Pat Cummins 17 16 0 0 106.25
Liton Das b Mitchell Starc 0 1 0 0 0.00
Soumya Sarkar b Josh Hazlewood, 5 8 0 0 62.50
Mushfiqur Rahim lbw b Glenn Maxwell 1 2 0 0 50.00
Mahmudullah c Matthew Wade b Mitchell Starc 16 18 0 0 88.89
Afif Hossain c Aaron Finch b Adam Zampa 0 4 0 0 0.00
Shamim Hossain c Matthew Wade b Adam Zampa 19 18 0 0 105.56
Mehidy Hasan Miraz lbw b Adam Zampa 0 1 0 0 0.00
Taskin Ahamed not out 6 11 0 0 54.55
Mustafizur Rahman c Steve Smith b Adam Zampa 4 9 0 0 44.44
Shoriful Islam c Aaron Finch b Adam Zampa 0 2 0 0 0.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 73/10 (15 Overs, RR: 4.87)
Bowling O M R W Econ
Mitchell Starc 4 0 21 2 5.25
Josh Hazlewood, 2 0 8 2 4.00
Glenn Maxwell 2 0 6 1 3.00
Pat Cummins 3 0 18 0 6.00
Adam Zampa 4 0 19 5 4.75


Batsmen R B 4s 6s SR
David Warner b Shoriful Islam 18 14 0 0 128.57
Aaron Finch b Taskin Ahamed 40 20 0 0 200.00
Mitchell Starc not out 16 5 0 0 320.00
Glenn Maxwell b 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 1, w 2, pen 0)
Total 78/2 (6.2 Overs, RR: 12.32)
Bowling O M R W Econ
Taskin Ahamed 3.2 0 36 1 11.25
Mustafizur Rahman 2 0 32 0 16.00
Shoriful Islam 1 0 9 1 9.00