ඉන්දියාව නවසීලන්තය නිජබිමේ දී ම පච කරයි

269

සංචාරක ඉන්දීය ක්‍රීඩකයෝ කිසිදු අණක් ගුණක් නොමැතිව ප්‍රතිවාදී සත්කාරක නවසීලන්ත ක්‍රීඩකයෝ තම දක්ෂතාවන්ගෙන් මෙල්ල කරමින් තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3ක් අවසාන වෙද්දී 3-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට අද (28) සමත් වූහ.

රෝස දිනයේ දී පාකිස්තානයට ඓතිහාසික ජයක්!

ජොහැන්ස්බර්ග් නුවර, වොන්ඩරස් ක්‍රීඩාංගණයේ දී ඊයේ (27) ක්‍රියාත්මක වූයේ සුප්‍රසිද්ධ රෝස දින එක්දින තරගයකි. පියයුරු පිළිකා පිළිබඳ ජනතාව

නවසීලන්තයේ බේ ඕවල් ක්‍රීඩාංගණයේ දී නිමා වු දෙරට අතර පැවති තෙවැනි තරගයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ නවසීලන්තයට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලැබූ අතර එම ජයග්‍රහණය පන්දු 42ක් ඉතිරිව තිබිය දී ලබා ගැනීම විශේෂ විය.

කාසියේ වාසිය දිනූ නවසීලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස සියලුම දෙනා දැවී ලකුණු 243ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දිය ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 245ක් ලබා ගත්හ.

නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේ රොස් ටේලර් ය. ඔහු පන්දු 106කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ටොම් ලේතම් රැස් කළ ලකුණු සංඛ්‍යාව 51කි. ඔහු පන්දු 64කට මුහුණ දුන් අතර හතරේ සහ හයේ පහර එකක් බැගින් තම ඉනිමට රැස්කර ගෙන සිටියේ ය.

ඔවුන්ගේ ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රොස් ටේලර් සහ ටොම් ලේතම් එක්ව සිව්වැනි කඩුල්ලට ලකුණු 119ක සබඳතාවක් එක් කරමින් තම ඉනිම ගෞරවනීය තත්ත්වයකට ගෙන ඒමට සමත් වූහ.

එංගලන්තයට කොදෙව් දේශයේ දී දැවැන්ත පරාජයක්

රොස්ටන් චේස් ඉදිරියේ සංචාරක එංගලන්ත ක්‍රීඩකයෝ පෑ අදක්ෂතා හේතුවෙන් බාබඩෝස් හිදී අවසන් වූ බටහිර

කඩුලු ලබා ගැනීමේ දී මොහොමඩ් ෂාමි ලකුණු 41කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර බුවනේෂ්වර් කුමාර්, යුස්වෙන්ද්‍ර චාහල් සහ හර්ඩික් පාන්ඩ්‍යා කඩුලු දෙක බැගින් දවා ගත්හ.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන් වෙනුවෙන් සැම කෙනෙක්ම ලකුණු අතරට පිවිසීම නවසීලන්ත ක්‍රීඩකයන්ගේ පරාජයේ ප්‍රබලතම හේතුව විය. ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා සහ නායක විරාත් කෝල් අර්ධ ශතක ලබා ගනිමින් ඉන්දිය ඉනිම පෝෂණය කළ අතර අනෙක් පිතිකරුවෝ ද තම හැකි පමණින් ලකුණු රැස් කළහ.

රෝහිත් ෂර්මා පන්දු 77ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 62ක් රැස් කළ අතර විරාත් කෝලි පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් රැස් කළේය.

ඊට අමතරව තරගය නිමා වන විට අම්බති රායුදු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 40ක් රැස් කරගෙන සිටියේ ය. අනෙක් අන්තයෙන් නොදැවී රැඳී සිටි දිනේෂ් කාර්තික් පන්දු 38ක දී ලකුණු 38ක් රැස් කරගෙන සිටියේ හතරේ පහර 5ක් සහ හයේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

දින තුනක් ඇතුළත ලද පරාජය ගැන චන්දිමාල් කතා කරයි

දින 5ක ටෙස්ට් තරගය දින 3ක් හමාරවීමටත් මත්තෙන් අවසන් වූයේ ශ්‍රී ලංකාවට සුපුරුදු පරාජය යළිත් අත්කර

කඩුලු ලබා ගැනීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 4කට කඩුලු දෙකක් දවා ගනිමින්  ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය.

තරගයේ වීරයා ලෙසින් මොහොමඩ් ෂාමි නම් කෙරුණි.

නවසීලන්තය; සියලුම දෙනා දැවී 243 (49) කෙන් විලියම්සන් 28, රොස් ටේලර් 93, ටොම් ලතම් 51, බුවනේෂ්වර්  කුමාර් 2/46, මොහොමඩ් ෂාමි 3/41, යුස්වේනද්‍රන් චාහල් 2/51, හර්දික් පාන්ඩයා 2/45

ඉන්දියාව; කඩුලු 3ක් දැවී 245 (43) රොහිත් ෂර්මා 62., ෂිකර් ධවාන් 28, විරාත් කෝලි 60, අම්බති රායුදු නොදැවී 40, දිනේෂ් කාර්තික් නොදැවී 38, ට්‍රෙන්ට් බෝල්ට් 2/40

දෙරට අතර පැවැත්වෙන් සිව්වැනි එක්දින ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා හැමිල්ටන් හි දී පැවැත්වීමට නියමිත ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<