Home Sinhala රොස් ටේලර් බංගලියන් මෙල්ල කරයි

රොස් ටේලර් බංගලියන් මෙල්ල කරයි

392
රොස් ටේලර්ගේ අලංකාර පිතිහරඹය හේතුවෙන් ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් පිටියේ දී පැවති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (5) නිමා වූ 9 වැනි තරගයේ දී බංග්ලාදේශය පරාජය කරමින් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගැනීමට නවසිලන්තය සමත් විය.

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද …….

කාසියේ වාසිය දිනූ නවසීලන්ත නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටිය පිවිසි බංග්ලාදේශය සියලුම දෙනා දැවී ලකුණු 244ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි නවසිලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8ක් පමණක් දැවී ලකුණු 248ක් වාර්තා කළහ. ඒ තවත් පන්දු 17ක් ඉතිරිව තිබිය දී ය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තම පළමු තරග දෙකම ජයග්‍රහණය කර සිටි නවසීලන්ත සහ බංග්ලාදේශ ක්‍රීඩකයෝ මෙම තරගයට පිවිසියේ තම ස්ථානයන් තව දුරටත් තහවුරු කර ගැනීමේ බලාපොරොත්තුවෙනි. නමුත් පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්තය, නයි නටවන බංගලියන් ඉදිරියේ තම අභිමානය පාවා දුන්නේ නැත.  

ඔවුන්ගේ හඹා යන ඉනිම ආරම්භ කළේ මාර්ටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ ය. ඔවුන් දෙදෙනා එක්ව පන්දු 31ක දී පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 35ක් රැස් කළහ. අනතුරුව ඔවුන්ගේ දෙවැනි කඩුල්ල ලකුණු 55 දී අහිමි විය. ඒ අනුව ආරම්භක පිතිකරුවන් වූ මාර්ටින් ගප්ටිල් (25) සහ කොලින් මුන්රෝ (24) පළමු පවර් ප්ලේ අවස්ථාවේම ක්‍රීඩා විවේකාගාරයට හරවා යැවීමට වමතින් දඟපන්දු යවන ශකීබ් අල් හසන් සමත් විය.

නවසීලන්ත ඉනිමේ ආක්‍රමණික පිතිකරණය ආරම්භ වූයේ තෙවැනි කඩුල්ලේ දී ය. නායක කේන් විලියම්සන් සහ රොස් ටේලර් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 105ක සබඳතාවක් එක් කළේ බංගලියන්ගේ ජයග්‍රහණ සිහිනය දුරස් කරමිනි. කේන් විලියම්සන් පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තේ ය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් ………

නමුත් එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ටොම් ලේතම් කිසිදු ලකුණක් නොදී දවා ගනිමින් බංග්ලාදේශය නැවත තම සිහිනයේ කිමිදෙන්නට විය. ඒ අතර ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් එතෙක් සාර්ථකව ලකුණු අතර සිටි රොස් ටේලර් ද දවා ගැනීමට බංගලියන් සමත් වූහ.

රොස් ටේලර් අද තරගයේ දී තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ 48 වැනි අර්ධ ශතකය රැස් කිරීමට සමත් විය. ඔහු තම ඉනිම නිමා වන විට පන්දු 91කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 82ක් ලබා ගත්තේ ය.

එම කඩුල්ල දැවී යෑමත් සමගින් නවසීලන්ත කණ්ඩායමේ බර කරට වැටුණේ ජේම්ස් නීශාම් සහ කොලින් ද ග්‍රෑන්ඩ්හූම් වෙත ය. ප්‍රබල පිතිකරුවෝ 5 දෙනෙක්ම තම ඉනිම් හැර ගොස් සිටිය දී ඔවුන් දෙදෙනා වෙත පැවරුණ අභියෝගය වූයේ පන්දු 69ක දී ලකුණු 54ක් ලබා ගැනීම ය.

එම ගමන යෑමේ දී ඔවුන් අතර ද ගොඩ නැගුණේ ලකුණු 27ක සබඳතාවක් පමණි. කොලින් ද ග්‍රෑන්ඩ්හුම් පන්දු 13ක දී තම ඉනිම හැර ගියේ ලකුණු 15ක් ලබා සිටිය දී ය. ඊට පසු පන්දු වාරයේ දී ජේම්ස් නීසාම් ද පන්දු 33ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා සිටිය දී තම ඉනිම් හැර ගියේය.

තරගය ජයග්‍රණයෙන් කෙළවර වන විට මයිකල් සන්ට්නර් (17) සහ ලොකී ෆර්ගිසන් (4) නොදැවී පිටියේ රැඳී සිටිය හ.

පන්දු යැවීමේ දී මෙහිදි හසන්, ශකීබ් අල් හසන්, මොහොමඩ් සයිෆුඩීන් සහ මොසඩැක් හොසෙයින් කඩුලු 2 බැගින් දවා ගත්හ.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

පෙර තරගයේ දී ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් නොනැවතී, තම ජාත්‍යන්තර එක්දින තරග පිටියේ හොඳම ඉනිම ද වාර්තා කිරීමේ ගෞරවය සමඟින්  පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ මේ තරගයේ දී ද ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම සමත් වූහ.

එහි දී සුවිශේෂී දක්ෂතා දැක්වූයේ සකිබ් අල් හසන් ය. තම 200 වැනි ජාත්‍යන්තර එක්දින තරගයට සහභාගී වූ ඔහු පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තේ ය. එය ඔහුගේ එක්දින තරග පිටියේ 44 වැනි අර්ධ ශතකයයි.

අනෙකුත් පිතිකරුවෝ දැවැන්ත ඉනිම් ගොඩ නොනැගූව ද ඔවුන් සියල්ලෝම ඉලක්කම් දෙකේ ලකුණු රැස් කරමින් තම කණ්ඩායම ගොඩ නැගීමට දායකත්වය දැක්වීම කැපී පෙණුනි. ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ ලකුණු 50ක් රැස් කළ තෙවැනි කඩුල්ලයි. ඒ ශකිබ් අල් හසන් සහ මුශ්ෆිකර් රහීම් (19) එක්ව ය. යටි පෙළ ශක්තිමත් කරමින් මෙහොමඩ් සයිෆුඩීන් පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා ගත්තේ ය. එය මෙම තරගයේ බංග්ලාදේශයේ  හොඳම පෞද්ගලික දෙවැනි ඉනිම විය.

ජයග්‍රහණයෙන් පස්සේ සමාජ මාධ්‍යවල පල වූ අදහස්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය …….

නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ දී ආරම්භක දකුණතින් පන්දු යවන්නා වන මැට් හෙන්රි ලකුණු 47කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව අවසන් කඩුලු ද්විත්වය පන්දු දෙකක දී දවා ගැනීමට ට්‍රෙන්ට් බෝල්ට් සමත් විය. ඒ වෙද්දී බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඔහුට එරෙහි ව ලකුණු 44ක් ලබා සිටිය හ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගය ලෙසින් හෙට (6) පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර තරගයයි. මෙම තරගය නොටිහැම් හිදී පැවැත්වේ.

Result


Bangladesh
244/10 (49.2)

New Zealand
248/8 (47.1)

Batsmen R B 4s 6s SR
Tamim Iqbal c Trent Boult b Lockie Ferguson 24 38 3 0 63.16
Soumya Sarkar b Matt Henry 25 25 3 0 100.00
Shakib Al Hasan (vc) c Tom Latham b Colin de Grandhomme 64 68 7 0 94.12
Mushfiqur Rahim run out (Tom Latham) 19 35 2 0 54.29
Mohammad Mithun c Colin de Grandhomme b Matt Henry 26 33 3 0 78.79
Mahmudullah c Kane Williamson b Mitchell Santner 20 41 0 0 48.78
Mosaddek Hossain c Martin Guptill b Trent Boult 11 22 0 0 50.00
Mohammad Saifuddin b Matt Henry 29 23 3 1 126.09
Mehidy Hasan Miraz c Tom Latham b Trent Boult 7 9 0 0 77.78
Mashrafe Mortaza c Trent Boult b Matt Henry 1 2 0 0 50.00
Mustafizur Rahman not out 0 0 0 0 0.00


Extras 18 (b 1 , lb 8 , nb 0, w 9, pen 0)
Total 244/10 (49.2 Overs, RR: 4.95)
Fall of Wickets 1-45 (8.3) Soumya Sarkar, 2-60 (13.2) Tamim Iqbal, 3-110 (23.5) Mushfiqur Rahim, 4-151 (30.2) Shakib Al Hasan (vc), 5-179 (37.1) Mohammad Mithun, 6-197 (42.3) Mahmudullah, 7-224 (46.2) Mosaddek Hossain, 8-235 (48.2) Mehidy Hasan Miraz, 9-244 (49.1) Mashrafe Mortaza, 10-244 (49.2) Mohammad Saifuddin,

Bowling O M R W Econ
Matt Henry 9.2 0 47 4 5.11
Trent Boult 10 0 44 2 4.40
Lockie Ferguson 10 0 40 1 4.00
Colin de Grandhomme 8 0 39 1 4.88
Jimmy Neesham 2 0 24 0 12.00
Mitchell Santner 10 1 41 1 4.10


Batsmen R B 4s 6s SR
Martin Guptill c Tamim Iqbal b Shakib Al Hasan (vc) 25 14 3 1 178.57
Colin Munro c Mehidy Hasan Miraz b Shakib Al Hasan (vc) 24 34 3 1 70.59
Kane Williamson c Mosaddek Hossain b Mehidy Hasan Miraz 40 72 1 0 55.56
Ross Taylor c Mushfiqur Rahim b Mosaddek Hossain 82 91 9 0 90.11
Tom Latham c Mohammad Saifuddin b Mehidy Hasan Miraz 0 4 0 0 0.00
Jimmy Neesham c Soumya Sarkar b Mosaddek Hossain 25 33 2 1 75.76
Colin de Grandhomme c Mushfiqur Rahim b Mohammad Saifuddin 15 13 2 0 115.38
Mitchell Santner not out 17 12 2 0 141.67
Matt Henry b Mohammad Saifuddin 6 8 1 0 75.00
Lockie Ferguson not out 4 3 1 0 133.33


Extras 10 (b 0 , lb 0 , nb 1, w 9, pen 0)
Total 248/8 (47.1 Overs, RR: 5.26)
Did not bat Trent Boult,

Fall of Wickets 1-35 (5.1) Martin Guptill, 2-55 (9.6) Colin Munro, 3-160 (31.1) Kane Williamson, 4-162 (31.6) Tom Latham, 5-191 (38.3) Ross Taylor, 6-218 (42.5) Colin de Grandhomme, 7-218 (43.3) Jimmy Neesham, 8-238 (46.3) Matt Henry,

Bowling O M R W Econ
Mashrafe Mortaza 5 0 32 0 6.40
Mehidy Hasan Miraz 10 0 47 2 4.70
Mustafizur Rahman 7.1 0 48 0 6.76
Shakib Al Hasan (vc) 10 0 47 2 4.70
Mohammad Saifuddin 7 0 41 2 5.86
Mosaddek Hossain 8 0 33 2 4.12




>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<