Home Sinhala ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 2-1කින් ජය ගනී

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 2-1කින් ජය ගනී

Sri Lanka Women tour of Bangladesh

7
Sri Lanka Women tour of Bangladesh

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-1ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (25) සමත් වුණා.

Rajshahi හි Shahid Kamruzzaman ක්‍රීඩාංගණයේ දී දෙරට අතර පැවැති 3 වැනි හෙවත් අවසන් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 7කින් ජයග්‍රහණය කරන අතර ඔවුන් එම ජයග්‍රහණය වාර්තා කරන්නේ ඉනිමේ තවත් පන්දු 21ක් ඉතිරි ව තිබියදීයි.

දෙරට අතර පැවැති පළමු තරගයේ දී සත්කාරක ක්‍රීඩිකාවන් වෙතින් කඩුලු 3ක පරාජයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඊට පසුව පැවැති තරග ද්විත්වය ජයග්‍රහණය කරමින් මෙම ජයග්‍රහණය සැමරුවා.

>>ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය 1-1ක් සේ සම කරයි<<

අද තරගයේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිදු වෙනසක් නොමැතිව පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම කැඳවා තිබූ අතර බංග්ලාදේශ කණ්ඩායම තරගයට පිවිසෙන්නේ වෙනස්කම් 2ක් සහිතවයි. ඒ අනුව ‍පෙර තරගයට ක්‍රීඩා කළ Rabeya Khan සහ Juairiya Ferdous වෙනුවට Fargana Hoque සහ Fahima Khatun එම කණ්ඩායමට නම් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවිශා දිල්හාරි, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, මල්කි මදාරා, ඉනෝකා රණවීර සහ නිමාශා මීපගේ.

 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nigar Sultana (නායිකාව සහ කඩුලු රකින්නිය), Fargana Hoque, Sharmin Akhter, Sarmin Sultana, Sobhana Mostary, Shorna Akter, Fahim Akatun, Ritu Moni, Nahida Akter, Marufa Akter සහ Sultana Khatun

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 213ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Sobhana Mostary. ඇය පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා. ඊට අමතර ව නායිකා Nigar Sultana පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 65ක් ද එක් කරමින් බංග්ලාදේශයට ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

ඔවුන් දෙදෙනාට අමතර ව Sharmin Akhter පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද සහ Ritu Moni පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 48කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව නිමාෂා මීපගේ කඩුලු ද්විත්වයක් ද, චමරි අතපත්තු සහ මල්කි මදාරා කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමට අසාර්ථක ආරම්භයක් උරුම කර දෙමින් පළමු කඩුල්ල ලකුණු 19 දී නැවත හරවා යැවීමට බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. ඔවුන්ගේ පළමු ගොදුර බවට පත් වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය දැවී යන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 10ක් ලබා සිටියා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි ඉමේෂා දුලානි හා එක් වූ අනෙක් ආරම්භක පිතිකාරිනී හසිනි පෙරේරා 2 වැනි කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ ඉමේෂා දුලානි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. මෙම අර්ධ ශතකය ඇය මෙම තරගාවලියේ රැස් කරන ලද 2 වැනි අර්ධ ශතකය වන අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.

ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව ඉනිමේ 3 වැනි කඩුල්ලට හසිනි පෙරේරා දැවී යන අතර ඒ වෙද්දී ඇය පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා. එය ඇයගේ පළමු පෙළ තරග 66ක හොඳම ඉනිම බවට ද පත් වුණා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී හර්ෂිතා සමරවික්‍රම පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 44ක් ද සහ හංසිමා කරුණාරත්න නොදැවී ලකුණු 2ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Marufa Akter ලකුණු 49කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Sobhana Mostary කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 8ක් දැවී 213 (50.0) Sharmin Akhter 25, Nigar Sultana 40, Sobhana Mostary 74, Ritu Moni 20, නිමාශා මීපගේ 2/40, කවීෂා දිල්හාරි 3/48
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 214 (46.3) හසිනි පෙරේරා 95, ඉමේෂා දුලානි 56, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 44, Marufa Akter 2/49

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – හසිනි පෙරේරා (ශ්‍රී ලංකාව)

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – ඉමේෂා දුලානි (ශ්‍රී ලංකාව)

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය මේ මස 28 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

Result
Bangladesh Women
213/8 (50)
Sri Lanka Women
214/3 (46.3)
Batsmen R B 4s 6s SR
Fargana Hoque Pinky b Chamari Athapaththu 11 26 1 0 42.31
Sarmin Sultana run out (Imesha Dulani) 17 29 3 0 58.62
Sharmin Akhter b Nimasha Meepage 25 36 3 0 69.44
Nigar Sultana c Hansima Karunaratne b Kavisha Dilhari 40 90 1 0 44.44
Sobhana Mostary c Harshitha Samarawickrama b Malki Madara 74 80 8 0 92.50
Shorna Akter c Hansima Karunaratne b Nimasha Meepage 3 3 0 0 100.00
Fahima Khatun b Kavisha Dilhari 7 10 0 0 70.00
Ritu Moni c Nilakshika Silva b Kavisha Dilhari 20 16 3 0 125.00
Nahida Akter not out 6 10 0 0 60.00
Extras 10 (b 0 , lb 0 , nb 0, w 10, pen 0)
Total 213/8 (50 Overs, RR: 4.26)
Bowling O M R W Econ
Malki Madara 9 1 48 1 5.33
Nimasha Meepage 10 1 40 2 4.00
Chamari Athapaththu 9 0 35 1 3.89
Inoka Ranaweera 10 1 32 0 3.20
Kavisha Dilhari 10 0 48 3 4.80
Nilakshika Silva 2 0 10 0 5.00

Batsmen R B 4s 6s SR
Hasini Perera c Rabeya Khan b Sobhana Mostary 95 131 13 0 72.52
Chamari Athapaththu c Nigar Sultana b Marufa Akter 10 15 2 0 66.67
Imesha Dulani c & b Marufa Akter 56 79 7 0 70.89
Harshitha Samarawickrama not out 44 51 8 0 86.27
Hansima Karunaratne not out 2 4 0 0 50.00
Extras 7 (b 2 , lb 1 , nb 1, w 3, pen 0)
Total 214/3 (46.3 Overs, RR: 4.6)
Bowling O M R W Econ
Marufa Akter 10 0 49 2 4.90
Sultana Khatun 10 2 31 0 3.10
Nahida Akter 7 0 28 0 4.00
Ritu Moni 6 0 30 0 5.00
Fahima Khatun 7 0 36 0 5.14
Shorna Akter 4.3 0 25 0 5.81
Sobhana Mostary 2 0 12 0 6.00

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<