Home Sinhala රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

රෝහිත් හා චාහල් දකුණු අප්‍රිකානුවන් අසරණ කරයි!

240

2019 ලෝක කුසලාන තරගාවලියේ අටවැනි තරගය අද (05) එංගලන්තයේ සවුත්හැම්ප්ටන් හිදී සාර්ථකව නිමාවට පත්විය. දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතර පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් වාර්තා කරමින් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.

මාලිංග, කුසල්, ප්‍රදීප් තුන් කට්ටුවෙන් සියලු දෝෂ දුරු වෙයි

කුසල් ජනිත් පෙරේරාගේ සටන්කාමී ඉනිමත්, වේගපන්දු යවන්නන්ගේ දක්ෂතාත් හේතුවෙන් අද (4) කාඩිෆ්…

කාසියේ වාසිය ජයග්‍රහණය කළ දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන් ඒඩ්න් මාක්රම් වෙනුවට හෂීම් අම්ලා හා ලුන්ගි න්ගිඩි වෙනුවට ටබ්රේස් ශම්සි කණ්ඩායමට කැඳවා තිබුණි. පෙර පැවති තරග දෙකම පරාජයට පත් වීම නිසා මෙම තරගය ජයග්‍රහණය කිරීම දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉතා වැදගත් විය.

හෂීම් අම්ලා සමඟින් ක්වින්ටන් ඩි කොක් දකුණු අප්‍රිකානු ඉනිම ආරම්භ කළ අතර ජාස්ප්‍රිට් බුම්රාගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඔවුන් දෙදෙනාම ක්‍රීඩාගාරයේ නරඹන්නන් බවට පත් වීමට වැඩි වේලාවක් ගත නොවීය.

ඉන්පසු නායක ෆෆ් ඩු ප්ලෙසිස් හා වෑන් ඩර් ඩසන් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ඉහළ දැමීමට යම් උත්සහයක නිරත වුවද, බුම්රාගේ හා බුවනේෂ්වර් කුමාර්ගේ මනා පාලනයකින් යුතු පන්දු යැවීම ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල කළේය.

තරගයේ 20 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ යුස්වේන්ද්‍ර චාහල් එම පන්දුවාරය තුළ දී ඩු ප්ලෙසිස් හා වෑන් ඩර් ඩසන් දවා ගැනීමත් සමඟ ඉන්දියාව යළිත් තරගයට අවතීර්ණ විය.   දකුණු අප්‍රිකානුවන් තව තවත් අසරණ කරමින් කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ ජේ. පී. ඩුමිනි ලකුණු 3කට දැවී යන විට ඔවුන්ගේ ලකුණු පුවරුව දැක්වූයේ කඩුලු 5කට ලකුණු 89ක් ලෙසිනි.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

ඉන්පසු පිටියේ එක් වූ ඩේවිඩ් මිලර් හා ෆෙලුක්වායෝ බිඳ වැටුණු ඉනිම ගොඩ ගැනීමට උත්සහ කළ ද, ඉන්දීය දඟපන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ රිසි සේ ලකුණු රැස් කිරීම ඔවුන්ට අපහසු කරුණක් විය.

දකුණු අප්‍රිකානු ලකුණු පුවරුව ලකුණු 158ක් වන විට මිලර් හා ෆෙලුක්වායෝ ද පිටියෙන් ඉවත් කිරීමට චාහල් සමත් විය.

අනතුරුව පිටියේ එක් වූ ක්‍රිස් මොරිස් හා කගීසෝ රබාඩා ලකුණු 66ක සම්බන්ධතාවයක් සමඟින් තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම රැගෙන ගිය අතර එහි දී මොරිස් පන්දු 34ක දී ලකුණු 42ක් රැස් කළේ හතරේ පහර 2ක් හා එක් හයේ පහරක් සමඟිනි. ඔහුට අනගි සහයක් ලබා දුන් රබාඩා පන්දු 35ක දී නොදැවී ලකුණු 31ක් රැස් කළේය.

මොරිස්ගේ හා රබාඩාගේ සබඳතාවය නිසා පන්දුවාර 50 අවසානයේ දී දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී ලකුණු 227ක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා ජයග්‍රහණය කළු ද? සුදු ද?

ඔව් ශ්‍රී ලංකාව ICC පූර්ණ සාමාජික කණ්ඩායමක් පරාජය කර තිබේ. මාස 7කට පසුව ශ්‍රී ලංකාව ටෙස්ට්…

පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකානු පිතිකරුවන් සිය ග්‍රහණයට නතු කර ගත් යුස්වේන්ද්‍ර චාහල් කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව බුම්රා හා බුවනේෂ්වර් කුමාර් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියේය.

මෙම තණතීරුවේ ලකුණු 227ක ඉලක්කය පසු කිරීම එතරම් පහසු කරුණක් නොවන බව ඉන්දීය ඉනිම ආරම්භයේ සිටම දක්නට ලැබුණි.

ශිකර් ධවාන් ලකුණු 8කට දවා ගැනීමට රබාඩා සමත් වූ අතර ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 54ක් වන විට විරාත් කෝලි ද ලකුණු 18කට ෆෙලුක්වායෝ හමුවේ දැවී ගියේ දකුණු අප්‍රිකානුවන්ට තරගය පිළිබඳ යම් බලාපොරොත්තුවක් ජනිත කරමිනි.

නමුත් රෝහිත් ෂර්මා සිය අත්දැකීම් හා දක්ෂතාව මනා ලෙස උපයෝගී කර ගනිමින් එක් අන්තයක සිට සෙමෙන් එහෙත් නියමිත දල ලකුණු වේගය පවත්වා ගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ සිය 23 වැනි ශතකය ද වාර්තා කරමිනි.

ලොකේෂ් රාහුල් හා මහේන්ද්‍ර සිං දෝනි ඉතා හොඳ සහයෝගයක් රෝහිත් ෂර්මා වෙත ලබා දුන් අතර අවසානයේ පන්දුවාර 47යි පන්දු 3ක දී කඩුලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර යෑමට ඉන්දියාව සමත් විය.

ඒ වන විට නොදැවී ක්‍රීඩා කරමින් සිටි රෝහිත් ෂර්මා ලකුණු 122ක් හා හර්දික් පාන්ඩ්‍යා ලකුණු 15ක් රැස් කරගෙන සිටියේය.

ත්‍රස්ත ප්‍රහාරය ආශීර්වාදයක් කර ගත් බංග්ලාදේශය මෙන්…

දිනය 2015 මාර්තු 15 වැනි සිකුරාදා ය. නවසීලන්තයේ ක්‍රයිස්ට් චර්ච් නුවර මුස්ලිම් බැතිමතුන් තම දේව…

පන්දු යැවීමේ දී රබාඩා කඩුලු 2ක් ද මොරිස් හා ෆෙලුක්වායෝ අතරේ එක් කඩුල්ල බැගින් ද බෙදී ගියේය.

ලකුණු 122ක් ලබා ගත් රෝහිත් ෂර්මා තරඟයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.

මෙම තරගාවලියේ තවත් තරගයක් හෙට (06) ඕස්ට්‍රේලියාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර නොටිංග්හැම් දී පැවැත්වීමට නියමිත ය.

Result


South Africa
227/9 (50)

India
230/4 (47.3)

Batsmen R B 4s 6s SR
Hashim Amla c Rohit Sharma b Jasprit Bumrah 6 9 1 0 66.67
Quinton de Kock c Virat Kohli b Jasprit Bumrah 10 17 1 0 58.82
Faf du Plessis b Yuzvendra Chahal 38 54 4 0 70.37
Rassie van der Dussen b Yuzvendra Chahal 22 37 1 0 59.46
David Miller c & b Yuzvendra Chahal 31 40 1 0 77.50
JP Duminy lbw b Kuldeep Yadav 3 11 0 0 27.27
Andile Phehlukwayo st MS Dhoni b Yuzvendra Chahal 34 61 2 1 55.74
Chris Morris c Virat Kohli b Bhuvneshwar Kumar 42 34 1 2 123.53
Kagiso Rabada not out 31 35 2 0 88.57
Imran Tahir c Kedar Jadhav b Bhuvneshwar Kumar 0 2 0 0 0.00


Extras 10 (b 1 , lb 3 , nb 0, w 6, pen 0)
Total 227/9 (50 Overs, RR: 4.54)
Fall of Wickets 1-11 (3.2) Hashim Amla, 2-24 (5.5) Quinton de Kock, 3-78 (19.1) Rassie van der Dussen, 4-80 (19.6) Faf du Plessis, 5-89 (22.6) JP Duminy, 6-135 (35.3) David Miller, 7-158 (39.3) Andile Phehlukwayo, 8-224 (49.2) Chris Morris, 9-227 (49.6) Imran Tahir,

Bowling O M R W Econ
Bhuvneshwar Kumar 10 0 44 2 4.40
Jasprit Bumrah 10 1 35 2 3.50
Hardik Pandya 6 0 31 0 5.17
Kuldeep Yadav 10 0 46 1 4.60
Yuzvendra Chahal 10 0 51 4 5.10
Kedar Jadhav 4 0 16 0 4.00


Batsmen R B 4s 6s SR
Shikhar Dhawan c Quinton de Kock b Kagiso Rabada 8 12 1 0 66.67
Rohit Sharma not out 122 144 13 2 84.72
Virat Kohli c Quinton de Kock b Andile Phehlukwayo 18 34 1 0 52.94
Lokesh Rahul c Faf du Plessis b Kagiso Rabada 26 42 2 0 61.90
MS Dhoni c & b Chris Morris 34 46 2 0 73.91
Hardik Pandya not out 15 7 3 0 214.29


Extras 7 (b 0 , lb 3 , nb 0, w 4, pen 0)
Total 230/4 (47.3 Overs, RR: 4.84)
Fall of Wickets 1-13 (5.1) Shikhar Dhawan, 2-54 (15.3) Virat Kohli, 3-139 (31.3) Lokesh Rahul, 4-213 (46.1) MS Dhoni,

Bowling O M R W Econ
Imran Tahir 10 0 58 0 5.80
Kagiso Rabada 10 1 39 2 3.90
Chris Morris 10 3 36 1 3.60
Andile Phehlukwayo 8.3 0 40 1 4.82
Tabraiz Shamsi 9 0 54 0 6.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<