ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. කෙසේ නමුත් දැනටමත් ශ්‍රී ලංකාව 2-0ක් ලෙස තරගාවලිය පරාජය වී අවසන්ව තිබෙන නමුත් පූර්ණ තරගාවලි පරාජයකින් ගැලවීමට නම් හෙට (6) පැවැත්වෙන අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගය කෙසේ හෝ ජය ගත යුතුය.
නවසීලන්තය ක්‍රීඩකයෝ එකපෙළට ආබාධවලට; අලුත් අයෙක් තරගාවලියට
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඊයේ (3) මහනුවර …..
කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් කිහිප දෙනෙක් (කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, මාර්ටින් ගප්ටිල් හා ලුකී ෆර්ගසන්) ආබාධවලට ලක්ව තිබෙන නිසා දෙවන තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම් දෙකට සාපේක්ෂව හෙට තරගයේ දී ක්‍රීඩා කරන කණ්ඩායම් හි නිසැකව වෙනස් වනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කළ මෙන්ඩිස් ආබාධයකට ලක්ව තිබෙන නිසාවෙන් ධනුෂ්ක ගුණතිලක හෙට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. නවසීලන්ත ආරම්භක පිතිකරුවෙක් වන මාර්ටින් ගප්ටිල් වෙනුවට සංචිතයට අලුතින් පැමිණි තුන් ඉරියව් ක්‍රීඩක හමිෂ් රදර්ෆර්ඩ් හෙට ඔවුන්ගේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණෙනු ඇත.
මුහුණට මුහුණ
2006 වසරේ සිට පැවත එන ශ්‍රී ලංකා – නවසීලන්ත විස්සයි විස්ස ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා තරග 18ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී තිබෙන අතර එයින් තරග 10ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී, ශ්‍රී ලංකා කණ්ඩායම තරග 6ක ජය තහවුරු කරගෙන තිබේ. තවද එක් විස්සයි විස්ස තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරගයක් ප්‍රතිඵලයක් සහිතව අවසන් වී ඇත.
වැදගත් දත්ත
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර වසර 13ක් තිස්සේ පැවති විස්සයි විස්ස තරගවලින් වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා ලෙස තිලකරත්න ඩිල්ශාන් පෙරමුණේ පසුවෙයි. ඔහු නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 14කට සහභාගී වී ලකුණු 324ක් ලබාගෙන ඇත්තේ 32.40ක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ ලසිත් මාලිංග විසිනි. ඔහු නවසීලන්තය සමඟ විස්සයි විස්ස තරග 14කට ක්‍රීඩා කරමින් දවා ගෙන ඇති කඩුලු ගණන 15ක්.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
කුසල් ජනිත් පෙරේරා

නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග හතරක් ක්‍රීඩා කර තිබෙන කුසල් පෙරේරා එහි දී ලකුණු 118ක් ලබාගෙන ඇත්තේ එක් අර්ධ ශතකයක් සමඟින් 23.60ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි.
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 22
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්

තරග දෙකේ දී ම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් බවට පත්වෙමින් පන්දුවට පහර දුන් ග්‍රෑන්ඩ්හෝම් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 27ක දී ලකුණු 364ක් ලබාගෙන ඇත්තේ 20.22ක් වැනි ලකුණු දල ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 2ක් ඇතුළත් අතර ශ්‍රී ලංකාවට එරෙහිව තරග 2ක් ක්‍රීඩා කර තිබෙන ඔහුගේ දල ලකුණු ලබා ගැනීම සාමාන්‍ය 51.50ක් වැනි ඉහළ මට්ටමක පවතී.
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 103
ක්‍රිකට් පිටිය අතික්‍රමණය කළ ‘සූලු’ වීරයා
එවර ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂීම දස්කම් අතර සිටි ක්‍රීඩකයා….
නිරෝෂන් දික්වැල්ල

සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ තරග 20කට සහභාගී වෙමින් එක් අර්ධ ශතකයක් සමඟින් රැස්කරගෙන තිබෙන සමස්ත ලකුණු සංඛ්‍යාව 400ක්. (ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 21.05)
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 72
රොස් ටේලර්

ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89ක දී ලකුණු 1627ක් ඔහු විසින් ලබාගෙන ඇත්තේ 26.24ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු අතරට අර්ධ ශතක 5ක් ඇතුළත්.
දකුණතින් පිත්ත හසුරුවන ඔහුගෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රවේගකාරී මෙන්ම ආක්‍රමණශීලී පිතිකරණයක් අපේක්ෂා කිරීමට හැකියාව තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 24.42කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබෙන්නේ 109.70කට ආසන්න ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගෙනයි.
- පළමු විස්සයි විස්ස තරගයේ දැක්වූ දස්කම් – ලකුණු 48
තර්ජනාත්මක පන්දු යවන්නන්
ලසිත් මාලිංග

ඔහු දැනට ලොව වැඩිම විස්සයි විස්ස කඩුලු ප්‍රමාණයක් දවා ගත් ක්‍රීඩකයා වන අතර ජාත්‍යන්තර විස්සයි විස්ස කඩුලු 100ක් දවා ගත් පළමු ක්‍රීඩකයා බවට පත්වීම සඳහා මාලිංගට ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි.
මාලිංග මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 75ක දී කඩුලු 99ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දු වාරයකට දල වශයෙන් ලකුණු 7.31ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
වයස අවුරුදු 36ක් වන මාලිංග නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරග 14ක දී කඩුලු 15ක් දවාගෙන තිබෙන්නේ 23.80ක පමණ කඩුලු දවා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 23කට කඩුලු 2යි, ලකුණු 39කට කඩුලු 0යි.
ටිම් සවුති

- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 20කට කඩුලු 2ක්, ලකුණු 18කට කඩුලු 2යි
ඉම්තියාස්, මිලාන්, අයන සහ චතුර දක්ෂතා අතරට
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ….
ඉසුරු උදාන

ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීම සිය හොඳම පන්දු යැවීම ලෙස සටහන් කර ඇති උදාන එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 8.62ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත.
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 28, ලකුණු 38කට කඩුලු 0, ලකුණු 18කට කඩුලු 1
මිචෙල් සැන්ට්නර්

මොහු විස්සයි විස්ස තරග 33ක දී කඩුලු 35ක් දවා ගැනීමට සමත් වී ඇති අතර ඔහුගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.14ක් ලෙස දැක්වේ. සැන්ටනර් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 7.25ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත.
වමතින් දඟපන්දු යවන මේ ක්‍රීඩකයාගේ එක් තරගයක හොඳම පන්දු යැවීමේ ලෙස සටහන්ව ඇත්තේ 4/11කි. ශ්‍රී ලංකාවට එරෙහිව මෙතෙක් විස්සයි විස්ස තරග 4ක් ක්‍රීඩා කර තිබෙන සැන්ටනර් විසින් කඩුලු 4ක් දවාගෙන ඇත.
- තරගාවලියේ දැක්වූ දස්කම් – ලකුණු 24, ලකුණු 22කට එක් කඩුල්ලයි, ලකුණු 34කට කඩුලු 0යි.
පල්ලෙකැලේ තණතීරුව හා අවට කාලගුණය

වේගපන්දු යවන්නන්ට සහ පිතිකරුවන් හට වැඩි වාසියක් ගෙන දෙන ලෙස තෙවැනි විස්සයි විස්ස තරගය සඳහා පල්ලෙකැලේ තණතීරුව සකස් කර ඇත. මේ තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දු රැකීම වඩාත් සුදුසුය.
තරගය පැවැත්වෙන කාලය අතරතුර ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කිරීමට හැකි අතර සෙල්සියස් අංශක 22-26 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කිරීමට හැකිය.
අවසන් විස්සයි විස්ස තරග පහේ ප්‍රතිඵල
- ශ්‍රී ලංකාව – L, L, L, L, L
- නවසීලන්තය – W, W, W, L, W
(*අවසන් වරට ක්‍රීඩා කර තරගය පළමුව සටහන් කර ඇත. W – ජයග්‍රහණයන් L – පරාජයන්,)
විස්සයි විස්ස සංචිතයන්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල (උපනායක), අවිශ්ක ප්‍රනාන්දු, කුසල් ජනිත් පෙරේරා, දනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, වනිඳු හසරංග, අකිල දනංජය, ලක්ෂාන් සඳකැන්, ඉසුරු උදාන, කසුන් රාජිත, ලහිරු කුමාර, ලහිරු මධුසංක.
නවසීලන්තය – ටිම් සවුති (නායක), ටොඩ් ඇස්ටල්, ටොම් බෘස්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, සෙත් රාන්ස්, හමිෂ් රදර්ෆර්ඩ්, රොස් ටේලර්, කොලින් මන්රෝ, ටිම් සයිෆර්ට් (කඩුලු රකින්නා), ඉෂ් සෝදී, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.
තෙවැනි විස්සයි විස්ස තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – ලසිත් මාලිංග (නායක), නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, අවිශ්ක ප්‍රනාන්දු, ලහිරු මධුසංක, දසුන් ශානක, වනිඳු හසරංග, ඉසුරු උදාන, කසුන් රාජිත, අකිල දනංජය.
නවසීලන්තය – ටිම් සවුතී (නායක), හමිෂ් රදර්ෆර්ඩ්, කොලින් මන්රෝ, රොස් ටේලර්, ටීම් සෙයිෆර්ට්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ඉෂ් සෝදී, සෙත් රාන්ස්, මිචෙල් සැන්ට්නර්, ස්කොට් කුගලයින්, ඩාර්ලි මිචෙල්.
අවසන් නිගමනය
ජාත්‍යන්තර විස්සයි විස්ස කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම හයවැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4333ක් සමඟින් ප්‍රසාද ලකුණු 255ක් දිනා ගෙනයි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 9 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4297ක් සමඟ ප්‍රසාද ලකුණු 226ක් සමඟිනි. කෙසේ නමුත් හෙට පැවැත්වෙන තරගය යම් හෙයකින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සටහනට තවත් ලකුණු 4ක් එකතු වේ.
ශ්‍රේණිගත කිරීම්වලින් ද නවසීලන්තය පෙරමුණේ පසුවෙයි. නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව උක්ත දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය පන්දු රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු වෙනවා. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය 2-1ක් ලෙස අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා තරගාවලියේ සියලුම තරග සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















