නවසීලන්ත T20 ලෝක කුසලාන සංචිතය නිකුත් වෙයි

287
New Zealand Cricket

එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත නවසීලන්ත ක්‍රිකට් සංචිතය අද (10) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කළා. එම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපුරුදු ලෙස ලබා දී තිබෙන්නේ Kane Williamson වෙතයි.

එම T20 ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතයම ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත T20 තරගාවලිය සඳහාත් ක්‍රීඩා කිරීමට නවසීලන්තය සූදානමින් සිටිනවා. එසේම ඉදිරි මාසයේ දී පැවැත්වීමට නියමිත බංග්ලාදේශ (විස්සයි විස්ස) සහ පාකිස්තානු (එක්දින සහ විස්සයි විස්ස) තරගාවලි සඳහා Tom Lathamගේ නායකත්වයෙන් යුත් සංචිත දෙකක් නම් කර තිබෙනවා.

>>නවසීලන්තය වසර 18කට පසුව පාකිස්තානයට<<

කෙසේ වෙතත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන Ross Taylor හා තුන් ඉරියව් ක්‍රීඩක Colin De Grandhomme මෙම සංචිතයට නම් නොකිරීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

Adam Milne ලෝක කුසලාන සහ ඉන්දීය තරගාවලියට යන සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත්තේ ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සඳහායි. මෙවර T20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව නවසීලන්ත කණ්ඩායම ඉන්දීය සංචාරයක ද නිරත වීමට නියමිතයි.

තවත් ක්‍රිකට් පුවත්:

එම ඉන්දීය සංචාරයේ දී ඔවුන් T20 තරග 3කට ක්‍රීඩා කරන අතර ටෙස්ට් තරග දෙකක් ද එම සංචාරයට ඇතුළත්ව තිබෙනවා. කෙසේ නමුත් එම ටෙස්ට් තරගාවලියට අදාළ සංචිතය ඔවුන් විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

Tom Lathamගේ නායකත්වයෙන් යුත් නවසීලන්ත කණ්ඩායම මේ මස 23 වැනිදා බංග්ලාදේශය බලා පිටත්ව යන අතර T20 ලෝක කුසලානයට නම් කළ කිසිඳු ක්‍රීඩකයෙකු එම සංචාරයට ඇතුළත්ව නොසිටීම විශේෂත්වයක්.

නවසීලන්තය නම් කළ සංචිතයන් පහත පරිදි වෙනවා.

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන T20 සහ පාකිස්තානය සමඟ පැවැත්වෙන එක්දින තරගාවලි සඳහා,

Tom Latham (c) (wk), Finn Allen, Hamish Bennett, Tom Blundell (wk), Doug Bracewell, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry (එක්දින තරග සඳහා පමණයි), Scott Kuggeleijn, Cole McConchie, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Ben Sears (විස්සයි විස්ස සඳහා පමණයි), Blair Tickner, Will Young

බංග්ලාදේශය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා,

Tom Latham (c) (wk), Finn Allen, Todd Astle, Hamish Bennett, Tom Blundell (wk), Mark Chapman, Colin de Grandhomme, Martin Guptill , Matt Henry, Daryl Mitchell, Ajaz Patel, Ish Sodhi, Ben Sears, Blair Tickner, Will Young

2021 T20 කුසලානයට සහ ඉන්දීය T20 තරගාවලිය සඳහා,

Kane Williamson (capt), Todd Astle, Trent Boult, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Martin Guptill, Kyle Jamieson, Daryl Mitchell, Jimmy Neesham, Glenn Phillips, Mitchell Santner, Tim Seifert (wk), Ish Sodhi, Tim Southee, Adam Milne (injury cover)

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<