ශ්‍රී ලංකාව නවසීලන්තයටත් පරදියි

218

පිලිපීනයේ දී පැවැත්වෙන 19 වන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වටයේ සහභාගී වූ අවසන් තරගය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති අතර එම තරගය තරග වට 3-1ක් ලෙස ජයග්‍රහණය කරන්නට නවසීලන්ත කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව පළමු තරග දෙකම පරාජයට පත්වෙයි

19 වන වරට පැවැත්වෙන ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය වියට්නාමයට එරෙහිව සහ දෙවන තරගය

තරගාවලියේ පළමු තරග දෙක ප්‍රබල දකුණු කොරියානු සහ වියට්නාම කණ්ඩායම් හමුවේ පරාජයට පත්වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගයට පිවිසියේ ලෝක වොලිබෝල් ශ්‍රේණිගත කිරීම්වල 64 වැනි ස්ථානයේ පසුවන නවසීලන්ත කණ්ඩායම පරාජයට පත්කිරීමේ අරමුණ ඇතිවයි.

තරගයට හොඳ ආරම්භයක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයේ පළමු වටය ලකුණු 20-25ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් විය. මෙහි දී වයස අවුරුදු 23න් පහළ ජාතික කණ්ඩායමේ නායිකා තිලිණි වාසනාගේ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශය කැපී පෙනුණි. අනතුරුව දෙවන වටයේ දී ලකුණු 22-20ක් වශයෙන් නවසීලන්ත ක්‍රීඩිකාවන් පෙරමුණේ පසුවූ අතර එම ලකුණු පරතරය අඩුකර ගැනීමට අපොහොසත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එම තරග වටය ලකුණු 25-23ක් ලෙස පරාජයට පත්වන්නට සිදු විය.

තරගයේ තෙවන තරග වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සටන්කාමී ක්‍රීඩා විලාශය තරමක් පසුබෑමකට ලක්වූ අතර ඉන් උපරිම ප්‍රයෝජනය ලබාගත් නවසීලන්ත ක්‍රීඩිකාවන් එම තරග වටය ලකුණු 25-18ක් වශයෙන් ජයග්‍රහණය කිරීමට සමත් විය.

තරගයේ තීරණය අවසන් වටය දක්වා රැගෙන යාමට නම් ශ්‍රී ලංකාව තරගයේ සිව්වන වටය ජයග්‍රහණය කිරීම අත්‍යාවශ්‍ය වූ අතර එම තරග වටයේ දී කණ්ඩායම් දෙකම කරට කර තරග කරන ලදි. එහි දී එක් අවස්ථාවක දී කණ්ඩායම් දෙකම ලකුණු 14 බැගින් ලබා ගනිමින් ලකුණු තත්වය සම මට්ටමේ පැවති නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට දැඩි පීඩනයක් එල්ල කළ නවසීලන්ත ක්‍රීඩිකාවන් එම තරග වටය ලකුණු 25-19ක් ලෙස ජයග්‍රහණය කරමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කර ගන්නට සමත් විය.

තරගයේ පළමු වටය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු ග්‍රහණය කර ගැනීම දුර්වල මට්ටමක පැවති අතර ප්‍රහාර එල්ල කිරීමේ දී ද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතින් සිදුවූ දෝෂ තරගයේ පරාජයට ඉවහල් විය.

pool c (1)

ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලියේ 12 වන ස්ථානය තුළ ස්ථානයක් තහවුරු කර ගැනීමේ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ඔවුන් මීළඟට පැවැත්වෙන හොං කොං කණ්ඩායම සමඟ තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ. 2015 වසරේ දී පැවති තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්කරමින් තරගාවලියේ 13 වැනි ස්ථානය දිනා ගැනීමට හොං කොං කණ්ඩායම සමත් විය.

Results (Day 03)

results day3

 වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට