ලොහාන් සහ රුවින් පන්දු යැවීමෙන් මැජික් පෙන්වයි

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2019/20

84

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (26) දින ආරම්භ විය. 

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුවත් බැරි නැතුවත් බැරි ‘රවී’

“ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක්. ඒ වෙනුවෙන් තිබූ අවස්ථා හරිම සීමිත තැනක තිබුණේ.

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය 

බම්බලපිටියේ දී ක්‍රියාත්මක වූ මෙම තරගයේ පළමු දිනය තුළ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත්වූ සාන්ත පීතර විද්‍යාලයේ රුවින් සෙනෙවිරත්න කඩුලු 7ක් දවා ගන්නා විට පිතිකරණයෙන් දස්කම් දැක්වූ සාන්ත ආනා විද්‍යාලයේ ලසිත් වර්ණකුලසූරිය ලකුණු 78ක් වාර්තා කර ගැනීමට සමත් විය. 

B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයේ නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ලසිත් වර්ණකුලසූරිය සහ දිල්හාර දේශබන්දු ලබා ගත් ලකුණු සවියක් කර ගනිමින් සාන්ත ආනා විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 233ක් දක්වා රැගෙන ගියේය. දකුණතින් පිට දඟපන්දු යවන රුවින් සෙනෙවිරත්න ලකුණු 65කට කඩුලු 7ක් දවා ගත්තේ සාන්ත ආනා පිතිකරුවන් දමනය කරමිනි. 

කෙසේ නමුත් සාන්ත ආනා විද්‍යාලය ලබා දුන් අභියෝගාත්මක ඉලක්කය නොබියව භාරගත් සාන්ත පීතර විද්‍යාලය, තරගයේ පළමු දිනය නිමා වන විට යම් ගෞරවයක් දිනාගෙන සිටින්නේ කිසිවෙක් නොදැවී ලකුණු 40ක් රැස්කර ගෙනයි. 

සාන්ත ආනා විද්‍යාලය : 233 (82.1) ලසිත් වර්ණකුලසූරිය 78, දිල්හාර දේශබන්දු 47, රුවින් සෙනෙවිරත්න 7/65, කනිෂ්ක මදුවන්ත 2/80.

සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 40/0 (16) 

ඉසිපතනය හමුවේ ද මැසනොඩ් අණසක පතුරුවයි

සිංගර් ආයතනය සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල්…………

කොළඹ නාලන්දා විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය 

සුහද කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක නාලන්දා විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පළමුව පිතිකරණය සඳහා පිටියට පිවිසි ඔවුන් පන්දුවාර 67කුත් පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 210ක් රැස්කර ගැනීමට සමත් විය. 

තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන ධර්මාශෝක විද්‍යාලය කඩුලු 7ක් දැවී ලකුණු 89ක් රැස්කර ගෙන සිටින්නේ නාලන්දා විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 121ක් පසුපසින් සිටිමිනි. 

නාලන්දා විද්‍යාල මුල්පෙළ පිතිකරුවන් අසාර්ථක වූ පසුබිමක රවීන් ද සිල්වා (ලකුණු 82) සහ ලක්ෂාන් මායාදුන්නේ (ලකුණු 37) රැස්කර ගත් ලකුණු නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 210ක් දක්වා රැගෙන එන්නට අවස්ථාව උදා විය. එම පළමු ඉනිම සුන්කළ දඟපන්දු යවන ලොහාන් අරෝෂණ දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 52කට කඩුලු 7ක් දවා ගැනීමට සමත් විය. 

නාලන්දා විද්‍යාලය : 210 (67.2) රවීන් ද සිල්වා 82, ලක්ෂාන් මායාදුන්නේ 37, රනිඳු ද සිල්වා 27, අවිශ්ක පෙරේරා 25, ලොහාන් අරෝෂණ 7/52.

ධර්මාශෝක විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 89/7 (28.4) සසිඳු මල්ෂාන් 34, ලොහාන් අරෝෂණ 26, චමෝද්‍ය රාජපක්ෂ 3/15, ජිතේෂ් වාසල 2/26. 


කොළඹ මහානාම විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය 

පළමු දිනය තුළම ඉනිම් තුනක් ක්‍රියාත්මක වූ මෙම තියුණු තරගය කොළඹ CCC පිටියේ දී පැවැත්වෙන අතර මෙය C කාණ්ඩයේ තරගයකි. කාසියේ වාසිය දිනා ගෙන පළමුව පන්දු රැකීමට තීරණය කළ ගුරුකුල විද්‍යාලය හමුවේ මහානාම විද්‍යාලය සියල්ලන්ම දැවී වාර්තා කරගත්තේ ලකුණු 120ක් පමණි. පුල්ශාන් රොහාන් ලකුණු 32ක් රැස්කර ගන්නා විට පවන් රත්නායක සහ පවන්ත වීරසිංහගේ ඉනිම් දෙක පිළිවෙළින් ලකුණු 31කට සහ ලකුණු 28කට සීමා කිරීමට ගුරුකුල විද්‍යාල පන්දු යවන්නෝ සමත් වූහ. 

අනතුරුව සිය පිළිතුරු ඉනිම දියත් කළ ගුරුකුල ඉනිමද ලකුණු 99කට සීමා වීම නිසා ලකුණු 21ක පළමු ඉනිමේ වාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කිරීමට මහානාම විද්‍යාලයට සිදු විය. ගුරුකුල විද්‍යාල පළමු ඉනිම අඩපණ කළ දෙවිඳු කැකිරදෙණිය ලකුණු 24කට කඩුලු 4ක් දවා ගන්නා විට පවන්ත වීරසිංහ කඩුලු 2 දවා ගැනීමට සමත් විය. 

මහානාම විද්‍යාලය : 120 (46.5) පුල්ශාන් රොහාන් 32, පවන් රත්නායක 31, පවන්ත වීරසිංහ 28, රිෂිත සංකල්ප 4/15, සසිත අශාන් 3/15, ප්‍රවීන් නිමේෂ් 2/20 සහ 1/0 (3)

ගුරුකුල විද්‍යාලය : 99 (37.5) ජනිත ෂෙහාන් 24, දෙවිඳු කැකිරදෙණිය 4/24, පවන්ත වීරසිංහ 2/20, ධනුක නිර්මාණ 2/27.  

ආනන්ද – නාලන්ද නවසීලන්ත සුලෝහිත සංග්‍රාමයට දින තීන්දුයි

නවසීලන්තයේ පැවැත්වෙන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය ජනවාරි 19 වන ඉරිදා දිනයේ දී ටකපුනා ක්‍රිකට්…………

මාතර සාන්ත සර්වේසස් විද්‍යාලය සහ තර්ස්ටන් විද්‍යාලය 

කොළඹ තර්ස්ටන් විදුහල් පිටියේ දී පැවති මෙම තරගයේ පළමු දිනය නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන තර්ස්ටන් විද්‍යාලය, සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 132ක් පසුපසින් සිටියි. 

C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් තර්ස්ටන් විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර චිහාන් කළිඳු ලකුණු 50ක් රැස්කර ගන්නා විට පුෂ්පිත ඩිල්ශාන් සහ දිනුජය නිලන්දූව පිළිවෙළින් ලකුණු 41 බැගින් රැස්කර ගනිමින් සාන්ත සර්වේසස් විද්‍යාල පළමු ඉනිම ඔසවා තැබූහ. හිරුදිත් රසාංජන ලකුණු 37කට කඩුලු 4ක් දවාලන ලදි. 

සාන්ත සර්වේසස් විද්‍යාලය : 163 (74.5) චිහාන් කළිඳු 50, පුෂ්පිත ඩිල්ශාන් 41, දිනුජය නිලන්දූව 41, හිරුදිත් රසාංජන 4/37, නවිඳු ප්‍රනාන්දු 3/52, ධනජය සිල්වා 2/20. 

තර්ස්ටන් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) : 31/0 (9) ජයවිහාන් මහවිතාන 21*. 

පළමු දිනයට පැවැත්වූ මෙම තරග සියල්ලම හෙට දෙවන දිනයටත් පැවැත්වේ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<