විරෝධය නොතකා විදෙස් ක්‍රීඩකයින් මෙරටට

405

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ලසිත ගුණරත්න මහතාගේ පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා දේශීය රග්බි පිටිය තවත් තරගකාරී කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රග්බි ආයතනය එළඹෙන ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ දී විදේශ ක්‍රීඩකයින් කණ්ඩායම්වලට ඇතුලත් කර ගැනීමට අවසර ලබා දී තිබේ.   

“විස්විදු” ශූරතාවයේ අවසන් සතියට ප්‍රබල කණ්ඩායම් 4ක්

අන්තර් විශ්වවිද්‍යල රග්බි ශූරතා තරගාවලිය මේ වන විට අවසානය දක්වා පැමිණෙමින් තිබේ…

මේ අවස්ථාව හිමිවන්නේ පසුගිය තරග වාරයේ අවසන් ස්ථානවලට පත්වූ කණ්ඩායම්වලට වන අතර ඒ අනුව CR&FC, යුධ හමුදා, ගුවන් හමුදා හා පොලිස් කණ්ඩායම්වලට ඉදිරියේ දී ඇරඹෙන 2018-19 ඩයලොග් ලීග් රග්බි තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයින් ඇතුලත් කර ගැනීමේ අවස්ථාව හිමි වනු ඇත.

“ශ්‍රී ලංකා රග්බි තරගාවලියේ පැවති කවුන්සිල රැස්වීමක දී අපි ඊයේ (29) නීතිමය තීරණයක් ගත්තා ලකුණු සටහනේ පහළින්ම සිටින කණ්ඩායම් හතරට විදෙස් ක්‍රීඩකයින් ඇතුලත් කර ගැනීමට අවස්ථාව දෙන්න.” ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ලසිත ගුණරත්න මහතා ප්‍රකාශ කළේය .

“එයාලට අවස්ථාව  තිබෙනවා දැන් තීරණය කරන්න, ඔවුන්ට ක්‍රීඩකයින් අවශ්‍ය ද නැද්ද කියලා, ක්‍රීඩා සමාජ තීරණය ගත යුතුයි” ඔහු තව දුරටත් ප්‍රකාශ කළේය.

එක් කණ්ඩායමකට ඇතුලත් විය හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව හා පළමු පහළොස් දෙනා ඇතුලත ක්‍රීඩා කළ හැකි ක්‍රීඩකයින් සංඛ්‍යාව තවමත් තීරණය කර නැත.

“අපි තීරණය ගත්තා පමණයි, ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ගණන හා ගිවිසුම්ගත වන ක්‍රීඩකයින් ගණන තීරණය කිරීම තරගාවලි කමිටුවට භාරයි, ක්‍රීඩා සමාජවලට කමිටුව සමඟ සාකච්ඡා කර කරන දෙය තීරණය කළ හැක”

මේ අතර පසුගිය තරග වාරයේ ලකුණු සටහනේ 4 වන ස්ථානයට පත්වූ CH&FC කණ්ඩායම අවසන් කණ්ඩායම් හතරට පමණක් මේ අවස්ථාව ලබා දීමේ තීරණය පිළිබඳ අප්‍රසාදය පල කර තිබෙනවා.

“සියලු කණ්ඩායම්වලට අවශ්‍ය කුසලානය දිනන්න, නමුත් කණ්ඩායම් හතරක් ඉන්නවා විදේශ ක්‍රීඩකයින් සමඟින් ක්‍රීඩා කරන, එය අසාධාරණයි.” යැයි එම ක්‍රීඩා සමාජයේ ඉහළ නිලධාරියෙකු අදහස් දක්වා සිටියේය.

දකුණු කොරියාව හමුවේ ශ්‍රී ලංකාවට නොසිතූ අභියෝගයක්

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ රග්බි කණ්ඩායම සහභාගී වූ දෙවන කාණ්ඩ වටයේ …

“මේ නිසා ලීග් තරගාවලිය අසමතුලිත වේවි, මේ ආකෘතියේ තිබෙන තරගකාරී බව නැති වේවි” ඔහු තවදුරටත් පැවසීය.

ThePapare.com, CH&FC කණ්ඩායමේ මෙම අදහස ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති තුමාගෙන් විමසා සිටි අතර සභාපතිතුමා ප්‍රකාශ කර සිටියේ කවුන්සිලය මෙම තීරණය ගෙන තිබෙන්නේ ක්‍රීඩාවේ උන්නතිය සඳහා බවයි.

“CH&FC කණ්ඩායම පමණක් නොවෙයි අනෙක් ක්‍රීඩා සමාජත් මේ පිළිබඳ සිය අදහස් පළකර තිබෙනවා, නමුත් ක්‍රීඩාව සංවර්ධනය කරන්න ශ්‍රී ලංකා රග්බි ආයතනයට කළ යුතු දේ කරන්න වෙනවා.”

විදේශ ක්‍රීඩකයින් 2012-13 තරගවාරයේ දී දේශීය තරග බිමට අවතීර්ණ වූ අතර 2014-15 තරගවාරය වන තෙක් ඔවුන් ශ්‍රී ලංකා තරග බිමේ ක්‍රීඩා කරන ලදි. Chirstopher Cleote, Setafanou Cakcau හා David Halifonua වැනි ප්‍රබල ක්‍රීඩකයින් එම කාල සමය තුල දී දේශීය තරග බිමේ ක්‍රීඩා කරන ලදි.

කිහිප වතාවක්ම විදේශ ක්‍රීඩකයින් දේශීය තරග බිමට ගෙන ඒම පිළිබඳ කතිකාවතක් ඇති වුනත් මේ වනතුරු විවිධ බාධක නිසා එම තීරණය ක්‍රියාත්මක වූයේ නැත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<