හිමාෂට හා ගයන්තිකාට නව ඉසව්

378

ආසියානු මලල ක්‍රීඩා ශුරතාවය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විටත් දිවයිනෙන් පිටත් වී ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන තරග කාල සටහන ඊයේ (17) දිනයේදී නිකුත් කර ඇත. ඒ අනුව අද දින වනවිට තරග කරුවන් දෙදෙනෙකු සඳහා නව තරග ඉසව් දෙකක් හිමිව ඇත.

කලීෆා Track එක උණුසුම් කරන්නට සියල්ල සූදානමින්

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය මෙම මස 21 වැනිදා දෝහා කටාර් හිදී…..

හිමාෂට මීටර 200 වගකීම

හිමාෂ එෂාන් ක්‍රීඩකයා ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ මීටර 100 ඉසව්වට සුදුසුකම් ලබා ගත්තේ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති සුදුසුකම් ලබා ගැනීමේ වටයෙන් අනතුරුවය. හිමාෂගේ මීටර 100 ඉසව්වේ හොඳම කාලය ලෙස වාර්තා වන්නේ තත්පර 10.22කි. ඊයේ දින නිකුත් වූ නව තරග කාල සටහන අනුව හිමාෂ එශාන්ට මීටර 200 ඉසව්වට සහභාගී වීමට සිදුවනු ඇත. එයට හේතුව ලෙස දක්වන්නේ මීටර 100 ඉසව්ව දෙවන දිනයේදීම අවසන් වන නිසාය. හිමාෂට මීටර 200 ඉසව්වට සහභාගී වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන්ද අවසර ලැබී ඇත.

ඔහු මීටර 200 ඉසව්වේ වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ තත්පර 21.17කි. ඔහු එම දක්ෂතාවය දක්වා ඇත්තේ 2014 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවයේදීය. ඔහු පසුගිය වසරේ (2018) සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී මීටර 200 ඉසව්ව තත්පර 21.12ට නිම කළත් සුළගේ වේගය බලපෑම නිසා එම වාර්තාව අහෝසි විය.

හිමාෂ එෂාන් තරග වදින තරග කාල සටහන

Day 1 Qatar Time SL Time Event Gender Phase
21st 18:26 8.56pm 100m Men Round 1
Day 2
22nd 17:45 8.15pm 100m Men Semi Final
22nd 20:20 10.50pm 100m Men Final
Day 3
23rd 9:40 12.10pm 200m Men Round 1
23rd 16:55 17:25 200m Men Semi Final
Day 4
24th 17:48 8.18pm 200m Men Final

 

ආසියානු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “23…..

ගයන්තිකාට මීටර 1500 වගකීම

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ගයන්තිකා අබේරත්න මීටර 800 ඉසව්ව සඳහා සහභාගී වීමට තීරණය කර තිබූ අතර ඊයේ දින නැවත අලුත් වූ තරග කාල සටහනට අනුව  ගයන්තිකාට මීටර 1500 ඉසව්වේ වගකීමද පැවරී ඇත.

ඇය මීටර 1500 ඉසව්වේ වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ මිනිත්තු 4.18.07 කි. එම තරග ඉසව්ව සඳහා මෙම වසරේ ඇය වාර්තා කළ හොඳම කාලය ලෙස වාර්තා වන්නේ මිනිත්තු 4.20.22කි. ගයන්තිකා එම දක්ෂතාවය වාර්තා කරනු ලැබුවේ මෙම වසරේ (2019) පෙබරවාරි මස තිබූ තෝරාගැනීමේ  තරග වට වලදීය.

ගයන්තිකා අබේරත්න තරග වදින තරග කාල සටහන

Day 1 Qatar Time SL Time Event Gender Phase
21st 8:30 11.00am 800m Women Round 1
Day 2
22nd 18:58 9.28pm 800m Women Final
Day 4
24th 18:06 8.46pm 1500m Women Final

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට අරුණ නැත්තේ ඇයි?

කටාර් රාජ්‍යයේ දී 23 වැනි වරටත් පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා…

ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අප, 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තරග ප්‍රතිඵල, ඡායාරුප, වීඩියෝ දසුන් එසැණින් ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටී. 23 වන ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ සියලු තොරතුරු පහසුවෙන්ම දැනගන්න ThePapare.com වෙබ් අඩවියේ  #AAC19 වෙත පිවිසෙන්න.

        >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<