මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය බලා පිටත් වී අවසන්. එහිදි අයර්ලන්තය සමඟත් තරග වැද නැවතත් ලංකාගමනය තෙක් ජුලි දක්වා රැදි සිටීමට ඔවුන්ට සිදුවෙනවා. කණඩායමේ නායකත්වය සුපුරුදු ලෙස මැතිව්ස් විසින් හොඹවනු ලබනවා.

කෙසේ නමුත් පසුගිය තරග දෙස බලන කල ඒවා ඉතා හොඳ ප්‍රතිඵල අත්කර දුන්නාද කියන තැන විශාල ගැටළුවක් පවතිනවා. එපමණක් නොවේ මෙවර එංගලන්ත සංචාරය සංවාදයට බදුන්වන ස්ථන කිහිපයක්ම අන්තර්ගත වනවා. ඒ අතර කාළගුණ තත්වය, ලාංකික පිතිකරණය, පුහුණු වීම් ආදි දැ පෙරමුනෙහි පසුවනවා. ඉතිං මේ සියල්ල පිළිබඳව  පිළිතුරු සැපයිය හැක්කේ අන්කවර පුද්ගලයෙකුටත් නොව ක්‍රීඩාව පිළිබඳව දක්ෂයෙක් වු අයෙකුට පමණි.

එංගලන්ත අභියෝගය ජය ගතහොත් සියලු දෝෂ නිවාරණයි

ඉතිං මෙවර ThePapare.com මෙහෙය වන Around the Wicket විශේෂාංගය සඳහා එක් කරගනු ගනු ලැබුවේ ශ්‍රී ලංකා නාමයට අභිමානයක් එක් කර දුන්, හිටපු ප්‍රවීන දක්ෂ පිතිකරුවෙකු, ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු සහ එකි මෙකි සියළු දක්ෂතාවයන් පිරිවරා ගත් අසහය චරිතයකි. ඒ අන් කිසිවෙකු නොව 1984 දි ලෝඩ්ස් පිටියේ දි දැවැන්ත ශතකයක් සමඟ ලකුණු 192 වාර්තා කර,  “Lord Sid“ යන අනුවර්ත නාමයෙන් හඳුන්වන සිදත් වෙත්තමුනි මහතා.

ඉතිං සිදත් ඔබව සාදරෙයන් ThePapare.com වෙත පිලිගන්නවා.

Q. සිදත් 1984 සහ අද කාළය සංසන්දනය කරනකොට ශ්‍රී ලංකාවේ ක්‍රීකට් ඉතා පසුබැස්මකට ලක්ව තිබෙනවා. එවැනි වකවානුවකදි එංගලන්ත පන්දු යැවීම හමුවේ හොඳ පහසුකම් නොමැතිව, කෙටි කලක සුදානම් වීමකින් ඔබ වැනි ක්‍රීඩකයෙකුට එක් ටෙස්ට් තරගයකට මුහුණ දෙන්න සිදුවුනා. ඒ අවස්ථවේ ඔබ කුමන ආකාරයකින්ද කටයුතු කලේ?

A. ඇත්තටම ඔබ සදහන් කළා එක ටෙස්ට් තරගයක් කියලා විශේෂනයක්. ඔබ සංචාරයට සහභාගී වන කොට, ඔබට ක්‍රීඩා කිරීමට ඇත්තේ ඒක ටෙස්ට් තරගයක් නම් සැලකිය යුතු කරුණක් වන්නේ, ඔබ කළින් කොපමන හොදින් ක්‍රීඩා කලත් මේ එක තරගය ආසාර්ථක වුනොත් මුළු තරග සංචාරයම අසාර්ථක වුන එකක ලෙස සිතේවි. එවැනි මානසික තත්වයක් යටතේ ක්‍රීඩා කිරීමට සිදුවීම ඇත්තටම ලොකු පීඩනයක්. නමුත් මට හිතෙනවා මේ වගේ ඉක්මනින් සංවිධානය වු එංගලන්ත තරගයකදි සලකා බැලිය යුතු සුවිශේෂිතම දෙය නම් මේවන විට ඇති කාලගුණ තත්වය සහ කොහොමද එවැනි අවස්ථාවක ඔබ තරග කරන්නේ කියන කාරනය.

Wisdon Cricket

“ඕස්ට්‍රේලියවේ ක්‍රීඩා කරන විට පසු පාදයේ ක්‍රීඩා කරත් එංගලන්ත කාළගුණ තත්වයන් හි බෝලය පැත්තට දෝලන වීමට බලන නිසා මම ඉදිරිපාදයේ වැඩිපුර ක්‍රිඩා කළා. “

ඉතිං මෙවර අපේ කණ්ඩායම මැයි මාසයේ මුල පිටත් වුනා. කාළගුණ තත්වයත් ඒතරම් සුභදායක නැහැ. ඉතිං මට හිතෙනවා එවැනි අවස්ථාවක ඇති හොඳම දෙය තමයි එම කාළගුණ තත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීම.


Q.ඇත්තටම මෙවැනි නුපුරුදු කාළගුණ තත්වයක් යටතේ පන්දු යවන්නෙකුට පන්දු යැවීම ඉතා අසිරුයි. ඉතිං පළමුවෙන්ම කියන්න සංචිතයේ සිටින තරුණ, අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ට ඔබ පුහුණුකරුවෙකු නම් ලබා දෙන අවවාදය කුමක්ද?

A. කිසිම සැකයක් නැහැ අපිට ඉන්නවා හොඳ තරුණ පිතිකරුවන් පිරිසක්. ඉතිං මට දෙන්න පුළුවන් හොඳම අවවාදය තමයි මේ මුල් දින කිහිපයේ මේ තිබෙන කාළගුණ තත්වයත් සමඟ හොඳින් පන්දුවට පහර දෙන්න පුහුණු විය යුතුමයි. එය තමයි තරග කාළය තුලදි පන්දුවට පහර දීමට හැකියාව වැඩි දියුණු කරගත හැකි හොඳම මාර්ගය.

මම එංගලන්ත තරගයකට සහභාගී වුනාම නිරන්තරයෙන් කරපු දෙයක් තමයි පුහුණුවීම් අතරතුර කවුරුන් හෝ  සහයට රැගෙන ඔහු විසින් පන්දුව විසි කරවා ගෙන හරි දිගටම පහරදීම සිදු කරන එක. කළින්ම පෙර පුහුණු වීම් වලට සහභාගී වීමෙන් ඔබට හොඳ විශ්වාසයක් ගොඩනඟා ගන්න පුළුවන්. ඒවගේමයි එම කාළගුණයන් හොඳින් අවබෝධ කරගැනීම තුළින් හොඳින් පන්දුවට පහර දිය හැකි.


Q. ඇත්තටම සිදත් ඔබ වරක් “වසරේ විස්ඩන් ක්‍රීඩකයා“ ලෙස තේරීපත් වූවා. ඒ 1985 වර්ෂයේදී. මොනවා හරි විශේෂ ක්‍රමවේදයක් තිබෙනවද සාකච්ඡා කිරීමට උත්සහ දරන මෙම මාතෘකාවට අදාළව සහ විස්සයි විස්ස ක්‍රිකට් කොපමණ ප්‍රමාණයකට තරගයක් වෙනස් කිරීමට සමත් වනවාද සහ එය පිතිකරුවාගේ පිතිකරණ ශෛලියට යම් යම් වෙනස්කම් ඇති කරනවද?

A. ඇත්තටම ඒක අමාරු ප්‍රශ්නයක් රෝෂාන්. ඒ කාළේ සහ අද කාළේ ක්‍රීඩකයෝ සංසන්දනය කරන කොට සැහෙන්න වෙනස්කම් තියෙනවා. පිතිකරුවෝ මීට වඩා ජවයකින් තරගය ආරම්භ කළ යුතුයි සහ පන්දුව ඉතාමත් උඩින් ඈතට යන ලෙස  පහර දීමට අවශ්‍යයි. ඇතැම් අවස්ථාවන්හිදි තරමක් අපහසු පන්දු යවන්නන් හමුවේ ජවයෙන්, ක්‍රියාශීලීත්වයෙන් යුතුව සහ නිවැරදි ක්‍රමශිල්ප අනුගමනය කිරීමට අවශ්‍යයි. ඉතිං  ඒ කාලයේ මේ ආකාරයේ වෙනස්කම් කණ්ඩායමට අවශ්‍ය වුනේ නැහැ. නමුත් අද වන විට නම් එය සෑහෙන වෙනස් විය යුතුයි. මොකද ටෙස්ට්, එක් දින තරග සහ විස්සයි විස්ස තරග වලට එක දිගට පහර දීමට ක්‍රීඩකයින්ට සිදුවනවා. මේ හැම එකක්ම එකිනෙකට වෙනස්. නමුත් මං දකින සුවිශේෂි කරුණ නම් ඔබට හොඳ ටෙස්ට් ක්‍රීඩකයෙකු විය හැකි නම් අනිත් ඒවාටත් ඔබට හොඳින් මුහුණ දිය හැකි. හොඳම උදාහරණය තමයි සංගක්කාර සහ මහේල. ඔවුන්ට හරි ආකාරව මේ ක්‍රිකට් වර්ග තුනම සෙල්ලම් කිරීමට හැකිවුනා. ඉතිං මං විශ්වාස කරනවා හොඳ ශිල්පීය ක්‍රමවේදයන් වැදගත් කියලා. ඔබ දන්නවා ‍අපේ තරුණයන්ට දැන් හොඳ පුහුණුකරුවෙක් සිටිනවා.  ඒ ග්‍රැහැම් ෆෝර්ඩ්. වේගයෙන් ඉගෙන ගන්න තියෙන වැදගත්මකම තමයි මොවුන් එකමුතුව සෙල්ලම් කළ යුතුයි. දැන් වසර කිහිපයක් තිස්සේම ඔවුන් ඉගෙන ගන්නවා ඒ හරහා ඔවුන් හොදින් ක්‍රීඩාකළ යුතුයි. මැතිව්ස්ට දැනෙන්න ඕනි ඔහුට හොඳ ආත්ම විශ්වාසයක් තිබෙනවා කියලා. මොකද ඔහු පසුගිය සංචාර  කිහිපයකදි දක්ෂ ලෙස ක්‍රීඩා කළා. ඒ හැඟිම බොහෝ සෙයින් ඔහුව දිරිමත් කරාවි මේ එංගලන්ත සංචාරයට සහභාගි වන කොට. ඒ වගේම වඩාත් වැදගත්ම දෙය තමයි අප දන්නවා කණ්ඩායම් හැඟීම, කණ්ඩායමේ තියෙන ගැම්ම සහ නිවැරදි ආකල්ප යන දේවල් වලට ලොකු වෙනසක් තරගාවලියකදි කරන්න පුළුවන් කියන කාරණය.


Q. ඇත්තටම මම අහන්න හිටපු ප්‍රශ්නයකටත් ඔබ පිලිතුරු දුන්නා වගේ. ඒ වගේම පාඨක හැමෝමත් කුතුහලයෙන් දැන ගන්න කැමති ඇති මොනවද ඔබ කරන්නේ විස්සයි විස්ස තරඟ ක්‍රීඩා කරනවා නම් සහ මොනවද සිදු කර යුතු වෙනස්කම් පිතිකරුවෙකු ලෙස විස්සයි විස්සේ සිට ටෙස්ට් තරග වෙත ගමන් කිරීමේදි?

A. ඇත්තටම මං හිතන්නේ ඒක තවත් එක ආකල්පයක්. මමත් ටිකක් විතර 20-20 තරග සෙල්ලම් කරලා තියෙනවා ලීග් තරග වලදි. අද විස්සයි විස්ස තරග දිහා බලන කොට අලුත් කිසිම දෙයක් නැහැ වගේ. 20-20 තරග කියන්නේ අවස්ථාවට අනුව ඉක්මනින් හැඩගැසෙමින් ක්‍රීඩා කිරීමක්. කිසිවෙනසක් නැහැ.  ඔබ දන්නවා ගිය විස්සයි විස්ස ශූරතාවලියෙදි සමහර ක්‍රීඩකයන්ගේ ඉතා හොඳ ක්‍රීඩා විලාශය ගැන. දක්ෂ ක්‍රීඩකයෝ පන්දුවට සෘජුව ඉහලින් ඇදි යන්න පහර එල්ල කරනවා. ඒ ආකාරයටම පිටියේ දෙපසටත් ඒ අයුරින්ම සෘජු ලෙස පහර එල්ල කරනවා. අන්න එතන තමයි අපි වරද්ද ගත්ත තැන. අපි කිසිම වෙලාවක සැහීමකට පත්විය හැකි ආකාරයකට පන්දුවකට සෘජු ලෙස උඩින් යන ආකාරයට පහර දුන්නේ නැහැ. ඉතිං මේ එකම ක්‍රීඩාව. විස්සයි විස්ස තරග වලදි හරියට සාමාන්‍ය වාහනයක් SPORTS MODE එකට දාලා යනවා වගේ, ක්‍රීඩා කරද්දිත් ඒ ගියර මාරු කරලා එයට සරිලන පරිදි ක්‍රීඩා කළ යුතුයි.  නමුත් මේ සියල්ලෙම සාමාන්‍ය මට්ටම, සාමාන්‍ය තරග කරන මට්ටමයි. හරියට වාහනයක Normal mode එක වගේ.

අරවින්දත් එක්ක කණ්ඩායම තේරුවා


Q. ඔව් මං ඔබ සමග එකඟවනවා. ඔබ කියන පරිදි දක්ෂ ක්‍රීඩකයෙක් 20-20 තරගවලදීත් හොඳින් සෙල්ලම් කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් මුහුණ දීමට ඇති ගැටළුවක් තමයි දැන් ශ්‍රී ලාංකික ක්‍රීඩාලෝලීන්ගේ තිබෙන පසුබැස්ම. ඔවුන් දැක්කා ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ. ඔවුන්ට ලොකු කළකිරීමක් තිබෙනවා කණ්ඩායම ගැන. සිදත් ඔබ හිතන්නේ කුමක්ද ඒ ගැන?

A. මට කියන්න තියෙන එකම දේ කණ්ඩායම අතඅරින්න එපා. ඔවුන් හොඳින් සෙල්ලම් කරලා තියෙනවා මීට පෙර. ලොකේ ඕනෑම කණ්ඩායමක් වුනත් එහෙමයි. ඔවුන් අත්දැකීම් තුළින් ඉගෙන ගනිමින් ඉදිරියට යනවා. සමහර තැන්වල උස් පහත් වීම් සිදුවෙනවා. කිසිම අවස්ථාවක සාර්ථකත්වයේ ප්‍රස්තාරය හරි කෙළින් පිහිටන්නේ නැහැ. ඉතිං මට හිතෙනවා කණ්ඩායම දැන් යම්කිසි සාර්ථක ගමනක් ආරම්භ කරලා තියෙනවා. මම කලින් සඳහන් කරා වගේම ග්‍රැහැම් කියන්නෙ හොඳ පුහුණුකරුවෙක්. මම ඔහුත් සමඟ වැඩ කරලා තියෙනවා, සංගක්කාර පවා බොහෝසෙයින් ඔහු ගැන කතා කරා. ඒ වගේම අපිට යම්කිසි වාසියක් තිබෙනවා සංගා එංගලන්තයේ සිටින එක. ඉතිං කණ්ඩායමට ඔහුගෙන් අදහස් විමසිය හැකි. ඒ වගේම මහේලත් එහි යෑමට සූදානම් වෙමින් සිටිනවා ඔවුන් සමඟ එකතුවෙන්න. ඉතිං ඔවුන් ඉගෙන ගනිමින් සිටිනවා ඊලඟ පියවරට යෑම සඳහා. ඒ වගේම ක්‍රීඩකයෙකුට එංගලන්ත සංචාරය හොඳම අවස්ථාවක් තමන්ගේ ගෞරවය වර්ධනය කරගැනීමට. ඉතිං අන්තිමට මං කියන්න කැමති කිසිම වෙලාවක විශ්වාසය නැති කරගන්න එපා. ක්‍රීඩාලෝලීන් ඔවුන්ට ටික කාලයක් ලබා දිය යුතුයි.


Q. තවත් මෙහි තිබෙන අතුරු කතාවක් මම තෝරා ගත්තා, ශ්‍රී ලංකා පිතිකරනයේ ඇති දුර්වලතාවය. මට තේරුම් ගන්න බැරි දේ තමයි තරුණ ක්‍රීඩකයින්ගේ තිබෙන පසුබෑමට හේතුව කුමක්ද කියන කාරනය. එය තාක්ෂණික ක්‍රමවේදයේ වැරැද්දක්ද, නැතිනම් ඔවුන් එයට ලඟාවීමේදි ඇති දුර්වලතාවයක්ද, එහෙමත් නැතිනම් ඔවුන් දරා සිටින අධික මානසික පීඩනයද? මම දැන ගන්න කැමති ඔබත් හිටපු පිතිකරුවෙකු ලෙස ඔබ දකින්නේ කුමක්ද මෙහි ඇති ගැටළුව කුමක් කියාද?

A. මම හිතන්නෙ එය දේවල් කිහිපයකම එකතුවක්. තාක්ෂණික ක්‍රමවේද වලත් වරදක් තිබෙනවා. මම දැක්කා පසුගිය තරගවලදි එය දැවැන්ත ලෙස කඩා වැටීමකට ලක්වෙනවා. ඇත්තටම අපේ නවක ක්‍රීඩකයන් පවා බරින් වැඩි පිති භාවිතා කරනවා. පාසල් ක්‍රීඩකයයොත් රාත්තල් 2.8 පමණ බරින් යුතු පිති භාවිතා කරනවා. නමුත් මම හිතන්නේ ඔවුන් ඊලඟ පියවරට යෑමට මත්තෙන් ඉගෙන ගන්න අවශ්‍යයි පළමුව සැහැල්ලු පිත්තකින් ක්‍රීඩා කරන ආකාරය. ඒ හරහා පිතිකරණයේ නිවැරදි කළාව සහ ක්‍රමවේදය අල්ල ගත හැකියි. නමුත් ඒ දේවල් නොකර සිටීම නිසා පිතිකරණයේ තාක්ෂණික ක්‍ර‍මවේද පිතිකරුවන්ගෙන් ගිලිහීමට ලක්වෙලා. ඉතිං අපිට දැන් තිබෙනවා පිතිකරණයේ වැරුද්දක්. අපි එය හදාගන්න කටයුතු කළ යුතුයි. ඒ වගේම අන්තර්ජාතික තරග වලදි සෙල්ලම් කරන කොට ඔබට මුණ ගැහෙනවා දක්ෂ ක්‍රීඩකයෝ. ඉතිං ඔබට සිදුවෙනවා ඔබවම වෙනස් කරගන්න එවැනි තරගවලදි ඔබ දකින, අත්දකින දැ තුලින්. ඒ හරහා ඔබ ප්‍රගතියක් සදා ගනිවි. නමුත් ඔබ එසේ නොකරනවා නම් ඔබව පැත්තකට විසිවේවි. ඔබ ඔබටම ආයෝජනය කරගැනීම සහ නොකඩවා තමන් ක්‍රීඩා කරන ආකාරය දෙසම බලමින් ක්‍රීඩා කිරීම තමයි එකම විසදුම පිතිකරණය ශක්තිමත් කර ගැනීමට.


Q. ඉතිං මම මේ දක්වා ඇසුවේ කණ්ඩායමේ නරක පැති ගැන. නමුත් සාකච්ඡාව අවසන් කරන්න කැමති නැහැ මම කණ්ඩායමේ හොඳ පැති ගැන කතා නොකර. ඔබ මොනවද හිතන්නෙ සිදත් කණ්ඩායමේ තිබෙන හොඳ පැති ගැන?

A. මම සර්ව සුභවාදීව හිතන කෙනෙක්. අප ක්‍රීඩකයන්ට කණ්ඩායමක් විදිහට දැඩිව එකතු වෙලා, දැඩි අධිශ්ඨානයකින් යුතුව ක්‍රීඩා කරන්න පුළුවන්. එවැනි හැඟිමකින් ක්‍රීඩා කරන විට කරන්න බැරි කිසිම දෙයක් නැහැ. ඉතිං මම හිතනවා ශ්‍රී ලංකිකයන්ටත් පොඩි පසුබැස්මක් තිබුනත් ඇත්තටම ඔබ විසින් ඔවුන්ට ටික කාළයක් දිය යුතුමයි.


Q. මම අහන්න කැමති ඔබ ක්‍රීඩාවේ ප්‍රවීනයෙකු ලෙස ඔබේ අත්දැකීම් කිහිපයක්. අපි කතා කරමු ඔබේ ජීවිතයේ තිබෙන සුවිශේෂි සංදිස්ථානයක් වු ලෝඩ්ස් වලදි ඔබ සිදුකර ඒ ශතක වාර්තාකරණය ගැන.

A. ඇත්තටම එයට සැහෙන්න කාලයක් පසුපසට යන්න වෙනවා


Q. නමුත් ඊට කිසිම පාඩුවක් සිදුවන්නේ නම් නැහැ. මොකද ඒ ශතකය ඉතාමත් අනර්ඝයි. ඔබට Lord Sid යන නාමය පවා එකතුවන්නේ එයින්.

A. ඇත්තටම මම මතක් කරන්න අවැසි දෙයක් තමයි ඒ තරගය මට සැහෙන්න ලොකු පීඩනයක් වුනා. මම මගේ පැඩ්ස් සහ හෙල්මටය පැලද තරගයට සුදානම්ව සිටින විට පුද්ගලයෙක් ඇවිත් “ඔබට ලිපියක් තිබෙනවා” කියලා, දෙයක් මට දීලා

Wisdon cricket monthly
Photo Courtesy: Wisdon Cricket

ගියා. මම ඒක ගත්තා. මට දැනුනෙ එය හරියට කාඩ් එකක් වගේ. මමත් “කමක් නැහැ මොකක් තිබ්බත් සෙල්ලම් කරන්න යන්න කලින් මෙය අනිවාර්්‍යයෙන් කියවනවා” කියලා හිතලා මම එය විවෘත කලා. ඒ ලිපිය මගේ මිතුරෙක් වන රොහාන් විජේරත්නගෙන්. ඒකෙ ලියලා තිබ්බා “කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මේක තවත් එක තරගයක් විතරයි. ඉතිං යන්න ගිහිල්ලා නිදහසේ සෙල්ලම් කරන්න” කියලා. ඇත්තටම මම හිතන්නෙ ඒක මට උපකාරයක් වුනා. ඉතිං මම හොඳ හුස්මක් අරගෙන මටම කියා ගත්තා “අයියෝ මේක තවත් එක තරගයක් විතරයි. ගිහිල්ලා සෙල්ලම් කරමු” කියලා.

ඒවගේමයි මට මේ තරගයේ දි පීඩනය නිදහස් කරගන්න උදව් වු දෙවන සිදුවීම තමයි, මම පිත්ත රැගෙන පිටියට යන විට මට ක්‍රීඩා පිටිය දෙසින් ලොකු විරෝධතාවයක් ඇති වුනා. ඒ එවකට සිටපු ශ්‍රී ලංකා විරෝධීන් විසින්. නමුත් පිටියට පිවිසුනු පසු ප්‍ර‍තිවාදීන් පවා මගෙන් ඇහුවා “ඇයි ඒ, මොකක්ද මේ සිද්ධ වෙන දේ“ කියලා. මොහොතකට ඔවුන් සහ මම එක කණ්ඩායමක් වුනා. ඒ වෙලාවෙදි ඇත්තටම මගේ හිතේ තිබ්බ පීඩනය මේ හැමදෙයක්ම සෝඩා බෝතලයක් ඇරියා වගේ නිදහස් වෙලා ගියා. ඇත්තටම ඒකත් ලොකු උදව්වක් වුනා.


Q. ඒ වගේමයි සිදත් ඔබේ වෘත්තීය ගමනේදි ඔබට හමුවු, ඔබට හසුරුවා ගැනීම අපහසු ක්‍රීඩකයො කවුද? ඒවගේම ඔබට හොඳම පන්දු යැව් ක්‍රීඩකයො කවුද?

icc-cricket
Photo Courtesy: ICC Cricket

A. අම්මො 80 දශකයේ සැහෙන්න පිරිසක් හිටියා. ඉන්දියාවෙන් පටන් ගන්නවා නම් කපිල්, පකිස්තානයේ ඉම්භ්‍රාන්, නවසීලන්තයේ හැඩ්ලි, දකුණු ඉන්දීය කොදෙව්වන්ගේ ජුවෙල් ගානර් අම්මෝ ඔහු නම් ආමාරුකාරයෙක්, ඒ වගේම ලිලී හොග් මේ හැම කෙනෙක්ම එකිනෙකට වෙනස් දක්ෂ වේග පන්දු යවන ක්‍රීඩකයින්.

ඉතිං සිදත් ThePapare.com ඔබට බෙහෙවින් ස්තූති කරනවා අප සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වුනාට.

ඔබ සියළු දෙනා දන්නවා සිදත් වෙත්තමුනි යන නම ඇසු පමණින්ම ඔහු කවුරුන්ද යන වග. ඉතිං ඔහුගේ වෘත්තීමය ජීවිතය විශාල ග්ලැසියරයක් නම් එයින් සිනිදු පොත්තක වැනි ප්‍රමානයක් තමයි අප සාකච්ඡා කලේ . ශ්‍රී ලංකාවේ හිටපු දක්ෂ පිතිකරුවෙක්, ජාත්‍යන්තර තරග ගණනාවක් සෙල්ලම් කරපු ක්‍රීඩකයෙක්, ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙක්. ඒවගේම ශ්‍රී ලංකාවට ආඩම්බරයක් එක් කර දුන් පුද්ගලයෙක්. සැබැවින්ම මට ඇති ගැටළුව නම් මට ඔහු ගැන යම් දෙයක් සඳහන් කිරීමට අමතක වූවාද කියන කාරනය.

ඉතිං අපි බලමු සිදත් කීව ආකාරයටම අප කණ්ඩායමට කාලය ලබා දීලා සහ එංගලන්ත සංචාරයට සහභාගි වන්නේ අප කණ්ඩායම රළු කාළගුණ තත්වයන් යටතේ ඉතිං  බලමු ඔවුන් ඉදිරියෙදි ක්‍රීඩාකරන ආකාරය.