ආසියානු ශූරතාවයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

654

එළඹෙන අප්‍රේල් මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත “23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය” සඳහා සහභාගී වීමට නියමිත සංචිතය ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව වාර්තා වේ.

නිමාලි, හිමාෂ, ෂෙලින්ඩා, චතුරංග, සුගන්ධි ප්‍රථම ස්ථානවලට

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ දෙවන අදියරේ තරගාවලිය අද (22) සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාවට වූයේ ජාතික, පාසල් හා ජාත්‍යන්තර…

16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතය තෝරාපත් කරගෙන තිබෙන්නේ පසුගිය දා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති තේරීම් තරගාවලියේ දක්ෂතා සැලකිල්ලට ගනිමිනි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් ක්‍රීඩකයින් 14 දෙදෙනෙකුට අමතරව තවත් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් තෝරා ගැනීමට අදහස් කර ඇත්තේ මීටර 400 සහය දිවීමේ කාන්තා ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගී කරවීමේ අරමුණෙනි. කාන්තා මීටර 400 සහය දිවීමේ ඉසව්ව සඳහා නදීකා රාමනායක, නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න යන ක්‍රීඩිකාවන් නම් කර ඇති අතර ඔවුන්ට අමතරව දිල්ෂි කුමාරසිංහ, උපමාලි රත්නකුමාර යන ක්‍රීඩිකාවන් දෙදෙනා ද සංචිතයට එකතු කර ගැනීමට අපේක්ෂාවෙන් පසුවේ.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා තෝරා ගැනීමේ තරග ඇරඹේ

23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග මාර්තු 22 වැනි සිකුරාදා සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. මේ සදහා ක්‍රීඩකයන්….

මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය නියෝජනය කරන ක්‍රීඩකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් පරිසාධන මට්ටමක් නියම කර තිබූ  අතර එම පරිසාධන මට්ටම අභිබවා යාමට බොහෝ ක්‍රීඩකයන්ට නොහැකි වූ නිසාවෙන් පරිසාධන මට්ටම කරා ළඟා වූ හා ඒ ආසන්නයට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳව ද මෙහි දී අවධානයක් යොමු කර ඇත. පළමු තෝරාගැනීමේ තරගාවලිය පෙබරවාරි මාසයේ දින දෙකක් පුරාවට පැවැත්වූ අතර දෙවන තෝරාගැනීමේ තරගය මාර්තු මස 22 වැනිදා පවත්වන ලදි.

දෙවන තෝරා ගැනීමේ තරගාවලියේ දී නිමාලි ලියනාරච්චි විසින් මීටර් 800 කාන්තා ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූයේ විශිෂ්ට කාලයක් වාර්තා කරමිනි. එහි දී ඇය විසින් දැක්වූ දක්ෂතාවය 2:02.65කි.  

එමෙන්ම ඔලිම්පික් හා පොදු රාජ්‍යමණ්ඩලීය ක්‍රීඩා උළෙලට ද සහභාගී වූ සුමේද රණසිංහ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මීටර 76.65ක දුරක් වාර්තා කරමින් පරිසාධන මට්ටම ඉක්මවා යාමට සමත් විය. විනුජ සුරංජන් මීටර 100 ඉසව්වෙන් සංචිතයට නම් කර ඇති අතර ඔහුගේ අතේ ඇතිවී ඇති ආබාධ තත්වයක් නිසා ඔහු ක්‍රීඩා කරනවා ද, නැද්ද යන්න තවමත් නිශ්චිත නැත.

ආසියානු ශූරයින්ට සෙවන සදන කලීෆා

ඛනිජතෙල් වලින් ලෝකයේම ඩොලර් උදුරා ගනිමින් මිලියන 2.4ක ජනගහනයක් පෝසත් කරන කටාර් රාජ්‍ය මෙවර 2019 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සත්කාරකත්වය දරණු ලබයි.

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයට යන අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම

පිරිමි

හිමාෂ එෂාන් (මීටර 100), විනොජ් සුරන්ජ (මීටර 100), සුමේද රණසිංහ (හෙල්ල විසිකිරීම), රුසිරු චතුරංග (මීටර 800), දනුෂ්ක පියරත්න (දුර පැනීම), ප්‍රසාද් විමලසිරි (දුර පැනීම), හේමන්ත කුමාර (මීටර 1500), ග්‍රේෂන් ධනංජය (තුන් පිම්ම), අජිත් ප්‍රේමකුමාර (මීටර 400)

කාන්තා

නදීකා රාමනායක (මීටර 400/ 4X400, නිමාලි ලියනාරච්චි (මීටර 800/ 4X400), ගයන්තිකා අබේරත්න (මීටර 800/ 4X400), විදූෂා ලක්ෂානි (තුන් පිම්ම), නිලානි රත්නායක (මීටර 3000 බාධක දිවීම)

නිල නොලත් ක්‍රීඩිකාවන්

දිල්ෂි කුමාරසිංහ (4X400), උපමාලි රත්නකුමාරි (4X400)

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<