නිහාල් මෙන්ඩිස් කුසලානය මැසිනෝද් විදුහලට

579
De Mazenod v St.Benedict's - Nihal Mendis Memorial Trophy
තරගාවලියේ කුසලානය සමඟින් ජයග්‍රාහක මැසිනෝද් විද්‍යාලීය නායකයා ©ThePapare.com

කඳාන ද මැසිනොද් විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර ඊයේ (28) දිනයේදී  පැවැති නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන තරගයෙන් ගෝල 02 – 01ක් ලෙස තියුණු ජයක් ලබා ගැනීමට සත්කාරක මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩකයින් සමත් විය.

ආබාධ රැසකින් පෙලෙන ශ්‍රී ලංකා සංචිතයට ආදේශකයන් පහක්

ද මැසිනොද් විද්‍යාලයේ හිටපු පාපන්දු පුහුණුකරුව‍ෙකු මෙන්ම ගුරුවරය‍ෙකුද වූ, නැසීගිය නිහාල් මෙන්ඩිස් මහතානන් සිහිපත් වීම පිණිස, මෙම තරගය සංවිධානය කර තිබුනේ කඳාන ද මැසිනොද් විද්‍යාලය විසිනි.

මැසිනෝද් විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි පැවති මෙම තරඟය, ආරම්භයේ  සිටම ඉතා තියුණු ස්වභාවයක් ගත් අතර, තරඟය ආරම්භ වී මිනිත්තු දෙකක් යන්නටත් මත්තෙන් කඳාන ද මැසිනොද් විද්‍යාලීය ක්‍රීඩක දුෂාන් ෆොන්සේකා ආරම්භක ගෝලය වාර්තා කලේ තරඟයේ උද්වේගකර බව වැඩි කරමිනි. එම ලබා ගත් ගෝලයෙන් ඇති වූ තත්වය, සම කර ගැනීමට බෙනඩික්ට් ක්‍රීඩකයන් ආක්‍රමණශීලී තරඟ රටාව දියත් කරන ආකාරය දක්නට ලැබුණි.

බෙනඩික්ට් ක්‍රීඩකයන්ගේ උත්සාහය මල්ඵල ගැන්වූයේ ජෙරාඩ් වාස් පන්දුව මැනවින් හසුරුවමින් ශෙනාල් කාවින්දට යොමු කිරීමත් සමඟ ශෙනාල් කාවින්ද එය දැල දෙසට එල්ල කිරීමත් සමගය. රොමේෂ් චතුරංග ක්‍රීඩකයා එය වැලැක්වීමට සමත් වුවද නැවත වරක් දැලේ වැදී ආ පන්දුව රයන් ප්‍රනාන්දු විසින් සාර්ථකව මැසිනොද් ගෝල කණු තුළට යැවීමෙන් තරඟයේ තත්ත්වය සම මට්ටමකට ගෙන එන ලදී.

තම පාසල් ක්‍රීඩා පිටියට පැමිණ සිටි මැසිනෝද් නරඹන්නන්ගෙන් ලද දිරිගැන්වීම් හමුවේ ප්‍රභල ලෙස ඉදිරියට ඇදුනු මැසිනොද් කණ්ඩායමේ රංජූ සිල්වා, පහර කිහිපයක්ම දැල දෙසට එල්ල කලද ආරාධිත පාසලේ දැල් රකින්නා පසු කර යාමට තරම් එම පහර කිසිවක් ප්‍රභල නොවීය.

බෙනඩික්ට් ක්‍රීඩකයන්ද මැසිනොද් දැල දෙසට කිහිප විටක්ම ඇදී ආවත්, රොමේෂ් චතුරංගගේ දෑත පසු කර යාමට බෙනඩික්ට් පාසලේ ඉදිරිපෙළ ක්‍රීඩකයන්ට හැකිවූයේ නැත. මැසිනොද් ආක්‍රමණයට පිළිතුරු ලෙස තම ආක්‍රමණය දකුණු දෙසින් එල්ල කල බෙනඩික් ක්‍රීඩකයන්ට සිදු වූයේ මැසිනොද් පසුපෙළ ක්‍රීඩකයන් හමුවේ පරාජට පත් වෙමින් තරඟයේ ප්‍රථම අර්ධය ගෝල  01 01ක් ලෙස සම තත්වයේ අවසන් කිරීමටයි.

ප්‍රථම අර්ධය: ද මැසිනොද් විද්‍යාලය 01 01 ශා. බෙනඩික් විද්‍යාලය

තරඟයේ දෙවන අර්ධයේ දී ප්‍රවේගකාරී තරඟ රටාවකට අවතීර්ණ වූ මැසිනොද් විද්‍යාලීය කණ්ඩායම ආක්‍රමණශීලී තරඟ රටාවක් පෙන්නුම් කරන ලදී.

නරඹන්නන් අමන්දානන්දයට පත් කරමින් 49වන මිනිත්තුවේදී  ප්‍රමුදිත ගුණසේකර  කඳාන මැසිනොද් විද්‍යාලීය කණ්ඩායම 02 01 ලෙස පෙරමුණට ගෙනාවේ ඉතා අලංකාරවත් ආකාරයකින් ගෝලයක් වාර්තා කරමිනි. එම මොහොතේ වාර්තා වූ එම ගෝලය තරඟයේ තීරණාත්මක ගෝලය වනු ඇතැයි ඒ මොහොතේ කිසිවෙක් නොසිතුවද ජයග්‍රාහී ගෝලය වූයේ එම ගෝලයයි.

පෙර ලෙසම ප්‍රමුදිත කිහිප වරක් ඉදිරියට ඇදුනද, අශාන් සංජුල පන්දුව ගෝල කණු තුළට යා නොදී වලක්වා ගැනීමට සමත් විය.

තවත් විටක මැසිනොද් ක්‍රීඩකයන් තුලින් ප්‍රකාශ වූ දුර්වල පන්දු හුවමාරු කිරීම නිසා බෙනඩික්ට් පිල මැසිනෝද් දැල අසලටම පැමිණියද, රොමේෂ්ගේ දක්ශ පන්දු රැකීම හමුවේ ලකුණු පුවරුව වෙනස් නොවී පැවතුණි.

රංජු ක්‍රීඩකයා එල්ල කල කෝනර් පහර, සීමා ඉරෙන් පසු පස සිට රැක ගත්තක් බව රංජු ක්‍රීඩකයා ප්‍රකාශ කිරීමත් සමඟ තරමක උණුසුම් වාතාවරණයක් ඇති වූවද, විනිසුරුවරයා දැඩිව ප්‍රකාශ කර සිටියේ එය ගෝලයක් නොවන බවයි.

නමුත් දෙවන භාගයේ නරඹන්නන් සියල්ලන්ගේම සිත් ඇදඹැඳ තබා ගැනීමට සමත් වූයේ ප්‍රමුදිත ක්‍රීඩකයා එල්ල කල අලංකාර ප්‍රහාරය යි. තරමක් උණුසුම් ද‍ෙවන සිදුවීම ලෙස වාර්ථා වූයේ  69වන මිනිත්තුවේදී රහීම් ඩීන් හා මලිඳු මෙන්ඩිස් අතර ඇති වූ සිදුවීමයි.

මලිඳු, රහීම් ට පහරක් එල්ල කිරීමත් සමඟ කෝපයට පත් මැසිනොද්  නරඹන්නන් පිටියට පැමිණීමෙන් දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වූවද, කෙටි කාලයක් තුල තත්ත්වය පාලනය කර ගැනීමට සංවිධායකයන් සමත් විය. මීට සම්බන්ද වූ  මලිඳු හට රතු කාඩ් පතක්ද,රහීම්ට කහ කාඩ් පතක්ද විනිසුරුවරයා විසින් නිකුත් කිරීමත් සමඟ තරඟය සාමාන්‍ය පරිදි ඇදී ගියේය. එතැන් පටන් බෙනඩික්ට් ක්‍රීඩකයින්ට ක්‍රීඩා කිරීමට සිදු වූයේ ක්‍රීඩකයන් 10 දෙනෙකු සමඟිනි.

අවසන් මිනිත්තු කිහිපයේදී මැසිනෝද් ක්‍රීඩක රවිඳු අතෙහි පන්දුව වැදීම නිසා දඬුවම් පහර කලාපය ආසන්නයේදී බෙනඩික් කණ්ඩායමට නිදහස් පහරක් ලැබුනද, එය නිරෝශන් ඩීනෝ මැසිනොද් ක්‍රීඩකයාව තල්ලු කිරීමකට ලක් කල බව පවසා එයද නොසලකා හැරීමට විනිසුරු තීරණය කරන ලදී.

සාර්ථකව එල්ල කල අනෙක් ප්‍රහාර වලක්වා ගැනීමට සත්කාරක පාසල සමත් විය. මේ අවස්තාව වන විට 10කට අඩු වූ බෙනඩික් කණ්ඩායම ක්‍රීඩා කරමින් සිටියේ 12ක් වූ මැසිනොද් කණ්ඩායම සමගය. මන්දයත් අබාධයට ලක්ව ඉවත් වූ රහීම් හා ඔහු වෙනුවට ඇතුල් කල ක්‍රීඩකයා යන දෙදෙනාම ක්‍රීඩා කරමින් සිටි නිසාය. නමුත් තත්වය ඉක්මනින් නිවැරදි කර ගැනීමට බලධාරීන් සමත් වීමත් සමඟම තරඟය නැවත සාමාන්‍ය අතට හැරුනි.

ප්‍රමුදිතගෙන් අවසන් මිනිත්තුවේදී දිස් වූ ප්‍රභල තනි ආක්‍රමණයක් සමඟින් තරඟයේ කාලය අවසන් වූයේ නිහාල් මෙන්ඩිස් අනුස්මරණ කුසලාන තරඟයේ ජය ගෝල 2-1ක් ලෙස සත්කාරක මැසිනෝද් කණ්ඩායමට ලබා දෙමිනි.

තරඟයේ වීරයා – ප්‍රමුදිත ගුනසේකර

වාර්ථා වූ ගෝල:

  • ද මැසිනොද් විද්‍යාලය – දුශාන් ෆොන්සේකා 02′, ප්‍රමුදිත ගුනසේකර  49′
  • ශා. බෙනඩික්ට් විද්‍යාලය – හරායින් පෙරේරා 12′

කහ කාඩ්පත්  ප්‍රමුදිත ගුනසේකර 12′, රහීම් ඩීන් 69′, රවිදු ප්‍රනාන්දු 79′

රතු කාඩ්පත්මලිදු මෙන්ඩිස් 69′

 විනිසුරු අදහස් 

“අද ඉතා අලංකාර තරඟයක් පැවැත්වුනා. පසුගිය තරඟ වලට වඩා හොඳින් අපේ කණ්ඩායම සෙල්ලම් කලා. ලබන වසරේ අපි සත්කාරකත්වය දීමේදී මීට වඩා හොඳින් සූදානම් වීමට බලාපොරොත්තු වෙනව” බෙනඩික් පුහුණුකරු ඩාමඩාර්න්

“කණ්ඩායම් දෙකම හොඳ තරඟයක යෙදුනා. අපිට අවස්තා කිහිපයක් මගහැරුනද, මම සතුටු වෙනවා මේ ප්‍රතිඵලය සමග. එසේම නායකයෙකු ලෙස රංජු ක්‍රීඩා කරන අවසන තරඟය මෙලෙස ජය ගැනීමට හැකි වීම ගැන තවත් සතුටුයි” මැසිනොද් පුහුණුකරු රෝහිත කොස්තා.

තවත් පාපන්දු ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට

Replay: St.Benedict's v De Mazenod