පාකිස්තානු ප්‍රබලයින් කිහිප දෙනෙක්ට කොන්ත්‍රාත්තු අහිමි වෙයි

113
Pakistan Cricket

පාකිස්තානු ක්‍රිකට් ආයතනය ඊයේ (13) දිනයේ 2020/21 තරග වාරය සඳහා ඔවුන්ගේ නිල මධ්‍යම කොන්ත්‍රාත්තු හිමි ක්‍රීඩකයින්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කළ අතර ඒ සඳහා ක්‍රීඩකයින් 25ක් ඇතුලත්ව ඇත.

බාබර් අසාම්ට උසස් වීමක්

පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ නව එක්දින නායකයා ලෙස බාබර් අසාම් පත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය..

නසීම් ශා සහ ඉෆ්තිකාර් අහමඩ් යන ක්‍රීඩකයින් දෙදෙනා පළමු වතාවට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මධ්‍යම ක්‍රීඩක කොන්ත්‍රාත්තුව සඳහා තේරී පත්ව තිබෙන අතර මොහොමඩ් අමීර්, වහබ් රියාස්, හසන් අලී, ඇතුළු ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් කොන්ත්‍රාත්තු සඳහා ඇතුළත්ව නොමැති වීම සුවිශේෂී වේ.

වයස අවුරුදු 16 දී පළමු වරට පාකිස්තානු ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ නසීම් ශා දැනට කඩුලු 5 අවස්ථාවක් සහ කඩුලු ත්‍රිත්වයේ අවස්ථාවක් සාර්ථක කර ගත් ලොව ළාබාලතම ක්‍රිකට් ක්‍රීඩකයා ද වේ. 

ඔහුට අමතරව ෆකාර් සමාන්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක් සහ උස්මාන් ශීන්වාරි යන ක්‍රීඩකයින් ද එම කාණ්ඩය යටතට කාණ්ඩ ගත වී ඇත. 

“අපි මේ මධ්‍යම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින්ව තෝරාගත්තේ යම් කිසි පදනමක් ඇතිව විශේෂයෙන් ගෙවී ගිය මාස 12ක කාලය තුල දී එහෙම නැතිනම් ගෙවී ගිය වසර තුල දී දක්වපු දස්කම් අනුව තමයි අපි මේ මේ ක්‍රීඩකයින්ව තෝරා ගත්තේ සහ කාණ්ඩ ගත කළේ.” යැයි පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මිස්බා උල් හක් පැවසීය. 

Video – අපේ ක්‍රිකට් ගොඩ දාන විදිහ ගැන සංගා කියයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ ආගිය තොරතුරු සහ ඉදිරි තොරතුරැ ගැන කතා කරන්න ThePapare.com ක්‍රිකට්..

“කලින් කොන්ත්‍රාත්තුවේ දී ඉහළ තැනක ඉඳලා පහළට වැටුණු ක්‍රීඩකයින් වගේම පහළ කාණ්ඩයක ඉඳලා ඉහළට ආපු ක්‍රීඩකයින් කිහිප දෙනෙකුත් මේ ක්‍රීඩකයින් 25 අතරේ ඉන්නවා. එකට ගොඩක්ම බලපෑවේ ඔවුන් ගෙවී ගිය කාලයේ දක්වපු දස්කම් තමයි. ඒ වගේම කලින් කොන්ත්‍රාත්තු තිබ්බ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ට මෙවර කොන්ත්‍රාත්තු ලැබිලා නැහැ. මේ සියල්ලම තීරණය වෙලා තියෙන්නේ දස්කම් මත තමයි. වෙන දෙයක් නැහැ.” යැයි වැඩිදුරටත් අදහස් දැක්වූ මිස්බා පැවසීය.

2020/21 තරග වාරය සඳහා පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ මධ්‍යම කොන්ත්‍රාත් ලැයිස්තුව මෙසේයි.

  • A කාණ්ඩය: බාබර් අසාම්, අසාර් අලී, ශහීන් ශා අෆ්රිඩි
  • B කාණ්ඩය: අබිඩ් අලී. අසාද් ශාෆීක්, හැරිස් සොහෙයිල්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන්, සෆ්රාස් අහමඩ්, අසාද් ශාෆීක්, හැරිස් සොහෙයිල්, මොහොමඩ් අබ්බාස්, මොහොමඩ් රිස්වාන්, සෆ්රාස් අහමඩ්, ශදාබ් ඛාන්, ශාන් මසූඩ්, යසීර් ශා
  • C කාණ්ඩය: ෆකාර් සමාන්, ඉෆ්තිකාර් අහමඩ්, ඉමාම් උල් හක්, නසීම් ශා, උස්මාන් ශීන්වාරි 
  • නැගී එන කාණ්ඩය: හයිඩර් අලී, හැරිස් රෆුෆ්, මොහොමඩ් හස්නේයින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<