ICC විසින් 2019 ලෝක කුසලානයේ සංචිතය නිකුත් කරයි

8355

සත්කාරක එංගලන්තයට ලෝක ශූරතාවයත්, නවසීලන්තයට එහි අනුශූරතාවයත් හිමිකර දෙමින් 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) ලෝර්ඩ්ස් පිටියේ දී නිමාවට පත්විය. තරගාවලියේ හොඳින්ම දැක්වූ ක්‍රීඩකයින් 11 දෙනෙකු තෝරාගෙන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් කණ්ඩායමක් නම් කර තිබෙන අතර  එහි නායකයා ලෙස නවසීලන්ත නායක කේන් විලියම්සන් නම් කර ඇත. 

2019 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ චරිත සහතික

මැයි මස 30 වැනිදා ආරම්භ වූ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජූලි මස 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා…

අවසන් පූර්ව තරගවට දක්වා පැමිණි ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මේ ක්‍රීඩකයින් 11 අතරට ඇතුළත්. ඊට අමතරව අවසන් කණ්ඩායම් හතර අතරට තේරී පත් නොවුණු නමුත් තරගාවලිය පුරාවටම තුන් ඉරියව් අංශයෙන්ම දස්කම් පෙන්නූ බංගලාදේශයේ ශකීබ් අල් හසන් ද මේ අතරට ඇතුළත්.

ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මේ සංචිතය සඳහා එංගලන්ත ක්‍රීඩකයින් සිව්දෙනෙක්, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හා ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙකු හා එක් බංග්ලාදේශ ක්‍රීඩකයෙක් ඇතුලත්ව තිබෙන අතර පාකිස්තානය, ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් හා ඇෆ්ගනිස්ථානය නියෝජනය කරමින් එකඳු ක්‍රීඩකයෙක් හට හෝ මේ ක්‍රීඩකයින් එකොළහ අතරට පිවිසීමට හැකිව නොමැත.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසානයේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කළ සංචිතය,

  1. ජේසන් රෝයි (එංගලන්තය) – ලකුණු 443, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 63.28
  2. රෝහිත් ශර්මා (ඉන්දියාව) – ලකුණු 648, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 81.00
  3. කේන් විලියම්සන්: නායක (නවසීලන්තය) – ලකුණු 578, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 82.57
  4. ජෝ රූට් (එංගලන්තය) – ලකුණු 556, ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 61.77
  5. ශකීබ් අල් හසන් (බංග්ලාදේශය) – ලකුණු 606, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 86.57, කඩුලු 11, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 36.27
  6. බෙන් ස්ටොක්ස් (එංගලන්තය) – ලකුණු 465, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 66.42, කඩුලු  7, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 35.14
  7. ඇලෙක්ස් කේරි: කඩුලු රකින්නා (ඕස්ට්‍රේලියාව) – ලකුණු 375, ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 62.50, දවා ගැනීම් 20
  8. මිචෙල් ස්ටාර්ක් (ඕස්ට්‍රේලියාව) – කඩුලු 27, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 18.59
  9. ජෝෆ්රා ආචර් (එංගලන්තය) – කඩුලු 20, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 23.05
  10. ලුකී ෆර්ගසන් (නවසීලන්තය) – කඩුලු 21, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 19.47
  11. ජස්ප්‍රිට් බුම්රා (ඉන්දියාව) – කඩුලු 18, කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 20.61

පිතිකරුවන් ලෙස ජේසන් රෝයි, රෝහිත් ශර්මා, කේන් විලියම්සන්, ජෝ රූට් හා ඇලෙක්ස් කේරි යන ක්‍රීඩකයින් ඇතුළත්ව තිබෙන අතර මෙම කණ්ඩායමේ සිටින එකම තුන් ඉරියව් ක්‍රීඩකයා වන්නේ ශකීබ් අල් හසන් ය. එකඳු ප්‍රධාන දඟපන්දු යවන්නෙක් සඳහා හෝ ඉඩකඩ ලැබී නොමැති මේ කණ්ඩායමට වේගපන්දු යවන ක්‍රීඩකයින් සිව්දෙනෙක් අන්තර්ගතය.

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී, නවසීලන්තය පරාජය…

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල එක් එක් ක්‍රීඩකයින් දැක්වූ දස්කම් සැලකිල්ලට ගෙන මේ කණ්ඩායම තෝරාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් යම් කමිටුවක් පත් කර තිබුණි. 

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයින් හා වර්තමානයේ එම කාර්‍යයේ නිරත වී සිටින ඉයන් බිෂොප්, ඉයන් ස්මිත්, ඊසා ගුහා හා ක්‍රිකට් මාධ්‍යවේදීන් වන ලොව්රන්ස් බූත්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කළමනාකරු ජොෆ් ඇලර්ඩයිස් යන පුද්ගලයින් එම කමිටුවේ සාමාජිකයින් ලෙස කටයුතු කර තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<