එංගලන්ත වේගපන්දු යවන්නෙක්ට ශ්‍රී ලංකා සංචාරය මග හැරේ

95

ආබාධයක් නිසා එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් හට එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අහිමි වන බව වාර්තා වෙනවා.

මට පීඩනයක් තිබුණේ නෑ – ක්වින්ටන් ඩී කොක්

මේ මස මුලදී එංගලන්තයට එරෙහිව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක දී එක් ලකුණක තියුණු …

30 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක මාර්ක් වුඩ් එංගලන්තයේ දීර්ඝ දකුණු අප්‍රිකානු සංචාරයේ දී ඉතා හොඳ දස්කම් දක්වන්නට සමත් වුනේ ටෙස්ට් තරගාවලියේ දී එංගලන්තය ලැබූ තරග 3-1ක ජයග්‍රහණයට සහය දෙමින්. ඔහු වොන්ඩරර්ස් හිදී පැවැත්වුණු දෙවන තරගයේ දී කඩුලු නවයක් දවා ගන්නට සමත් වුනා.

කෙසේ වෙතත් විස්සයි විස්ස තරගාවලිය අතරතුර දී මාර්ක් වුඩ් ආබාධයකට ලක්ව තිබෙන අතර ඔහුට ජුනි මස වන තුරු විවේක ගැනීමට සිදු වනු ඇති ද වාර්තා වෙනවා. ඔහු ලන්ඩනයේ දී පරීක්ෂණ කිහිපයකට භාජනය කර ඇති අතර ඔහුගේ මාංශපේශි ඉරියාමක් එම පරීක්ෂණවලින් හඳුනාගෙන තිබෙනවා. ජූලි මස පැවැත්වුණු ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී ද ඔහු මේ ආබාධයටම ලක් වුනා.

එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් හා ජෝෆ්රා ආචර් ද ආබාධයන්ට ලක්ව සිටින අතර ඔවුන් ද ශ්‍රී ලංකා සංචාරයට සහභාගී වන්නේ නැහැ. වුඩ් වෙනුවට ලැන්කැෂයර් කණ්ඩායමේ සාකිබ් මොහොමඩ් නම් කර තිබෙන අතර එළඹෙන සඳුදා එංගලන්තය කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<