බංග්ලාදේශයට නව වේගපන්දු පුහුණුකරුවෙක් 

94

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නව වේගපන්දු පුහුණුකරු ලෙස ඔටිස් ගිබ්සන් මහතා පත්කර තිබේ. ඒ හිටපු දකුණු අප්‍රිකානු ජාතික චාර්ල් ලැන්ග්වෙල්ඩ්ට් පසුගිය දෙසැම්බර් මාසයේ දී එම ධූරයෙන් ඉවත්වීමෙන් අනතුරුවයි. 

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකාව සමඟ එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට….

හිටපු බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු ‍යවන්නෙකු වන ඔටිස් ගිබ්සන් මහතා 50 හැවිරිදි වියෙහි පසුවෙයි. ඒ මහතා වසර දෙකක් සඳහා තම කණ්ඩායම සමඟින් එක්වූ බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. 

ගිබ්සන් මහතා මීට පෙර එංගලන්ත කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර ඔහු බටහිර ඉන්දීය කොදෙව් සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් වල ප්‍රධාන පුහුණුකරු ලෙස ද කටයුතු කර ඇත. ගිබ්සන් මහතා එළඹෙන සිකුරාදා බංග්ලාදේශ කණ්ඩායම සහභාගී වන පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට නියමිතය. 

“ඔහු විශාල වගේම වටිනා අත්දැකීම් රැසක් කණ්ඩායමට එක් කරනවා. ඔහු ලොව පුරාම ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම පුහුණුකරු ලෙස කටයුතු කරලා තියෙනවා. ඔහුට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ළඟින් සේවය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා.” යයි බංග්ලාදේශ විධායක අධ්‍යක්ෂක නිස්මුඩීන් චවුද්‍රි මහතා පැවසීය. 

“මම හිතනවා ඔහු බංග්ලාදේශ කණ්ඩායම සහ බංග්ලාදේශ පුහුණුකරු අංශයට වැදගත් එක්වීමක් වේවි.” 

ඔටිස් ගිබ්සන් මහතා බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ කමිලා වොරියර්ස් කණ්ඩායම සමඟින්ද මීට පෙර කටයුතු කර ඇත. 

බංග්ලාදේශ කණ්ඩායම මීළඟ තරගාවලිය සඳහා එළඹෙන බදාදා පාකිස්තානය බලා පිටත්වීමට නියමිතය. ඒ විස්සයි විස්ස තරග තුනක් සඳහා යි. මෙම තරගාවලිය ජනවාරි මස 24 වනදා සිට 27 වනදා දක්වා ලාහෝර් හිදී පැවැත්වේ. 

ප්ලෙසිස් සමුගැනීමට සූදානම්?

එංගලන්ත – දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දකුණු අප්‍රිකානු ප්‍රබල….

බංග්ලාදේශ කණ්ඩායම පෙබරවාරි මාසයේ දී ටෙස්ට් තරගාවලියක් සඳහා පාකිස්තානයට පැමිණීමට නියමිත අතර එහි දෙවන තරගය අප්‍රේල් මාසයේ දී පැවැත්වේ. එම තරගයට පෙර ඔවුන් එක්දින තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිතය.  

කෙසේවෙතත් මෙම පාකිස්තාන තරග සංචාරය සඳහා ක්‍රීඩකයන් කිහිපදෙනෙකු සහභාගී වීම ප්‍රතික්ෂේප කර ඇති අතර දඟපන්දු පුහුණුකරු වන ඩැනියල් විටෝරි, පිතිකරණ පුහුණුකරු නීල් මැකෙන්සි සහ පන්දු ‍රැකීමේ පුහුණුකරු වන රයන් කුක් ද එම සංචාරය සඳහා සහභාගී වීම ප්‍රතික්ෂේප කර තිබේ.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<