Home Sinhala දඹුලු ක්‍රීඩකයෝ පළමු ජය ලබයි

දඹුලු ක්‍රීඩකයෝ පළමු ජය ලබයි

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

177
National Super League 2023

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ක්‍රියාත්මක දෙවැනි සතියේ අද (29) නිමා වූ දඹුල්ල සහ යාපනය අතර තරගයේ දී කඩුලු 5ක ජයග්‍රහණයක් ලබා ගැනීමට දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වුනා. එය ඔවුන් මෙම තරගාවලියේ ලැබූ පළමු ජයග්‍රහණයයි.

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුලු නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ ලකුණු 62කට දැවී ගිය අතර ඊට පිළිතුරු ලෙස දඹුල්ල ක්‍රීඩකයෝ ලකුණු 213ක් ලබා ගත්තා.

ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 151ක් පිටුපස සිටිමින් නැවත වතාවක් පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 349ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ දඹුලු ක්‍රීඩකයන්ගේ දෙවැනි ඉනිම ආරම්භ වෙන්නේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 199ක අවශ්‍යතාවක් සමගින්. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තෙවැනි දිනයට තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 154ක් ලබා සිටියා.

තරගයේ අවසන් දිනය වූ අද දඹුලු ක්‍රීඩකයෝ පිටියට පිවිසියේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 45ක් පිටුපස සිටිමින්. ඒ සඳහා සම්පූර්ණ දිනයක් සේ ම කඩුලු 6ක් ද ඔවුන් සතු වුනා.

එය ඔවුන් පන්දුවාර 12.1කට පමණක් මුහුණ දෙමින් ලබා ගත් අතර පෙර දින පිටියේ නොදැවී ලකුණු 34ක් ලබා සිටි සනෝජ් දර්ශික අද තරගය අවසන් වන විට පන්දු 112කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා සිටියා. ඔහුත් සමඟ අනෙක් අන්තයෙන් රනිත ලියනාරච්චි නොදැවී ලකුණු 10ක් ලබා ගනිමින් පිටියේ රැඳී සිටියා.

දිනයේ දැවී ගියා ක්‍රීඩකයා වූයේ අශාන් ප්‍රියංජන්. ඔහු ලකුණු 12කට දැවී ගියා අතර එම කඩුල්ලේ හිමිකාරිත්වය දිලුම් සුදීර සතු වුනා.

  • යාපනය – පළමු ඉනිම පන්දුවාර 26.5ක දී සියලුම දෙනා දැවී 62 (කසුන් අබේරත්න 16, අසිත ප්‍රනාන්දු 4/24, විශ්ව ප්‍රනාන්දු 5/14)
  • දඹුල්ල – පළමු ඉනිම පන්දුවාර 53.5ක දී සියලුම දෙනා දැවී 213 (මිනෝද් භානුක නොදැවී 67, රනිත ලියනාරච්චි 51, විශ්ව ප්‍රනාන්දු නොදැවී 25, නිපුන් මාලිංග 2/39, යසිරු රොද්‍රිගෝ 3/52, ඒහාන් මාලිංග 2/39, දිලුම් සුදීර 2/18)
  • යාපනය – දෙවැනි ඉනිම පන්දුවාර 98.5ක දී සියලුම දෙනා දැවී 349 (නවෝද් පරණවිතාන 64, රොන් චන්ද්‍රගුප්ත 67, මාධව වර්ණපුර 46, රවිඳු ප්‍රනාන්දු 64, නිපුන් මාලිංග 38, අසිත ප්‍රනාන්දු 4/63, අශාන් ප්‍රියංජන් 2/76, දුවිඳු තිලකරත්න 3/72)
  • දඹුල්ල – දෙවැනි ඉනිම පන්දුවාර 56.1ක දී කඩුලු 5ක් දැවී 204 (ඩිලාන් ජයලත් ජයලත් 34, සනෝජ් දර්ශික නොදැවී 60, මිනෝද් භානුක 55, රවිඳු ප්‍රනාන්දු 2/73, දිලුම් සුදීර 2/56

දඹුල්ල කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

Result


Team Jaffna
62/10 (26.5) & 349/10 (98.5)

Team Dambulla
213/10 (53.5) & 204/5 (56.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana lbw b Vishwa Fernando  4 15 1 0 26.67
Ron Chandraguptha  c Sanoj Darshika b Asitha Fernando  7 11 1 0 63.64
Kasun Abeyratne lbw b Vishwa Fernando  16 32 1 0 50.00
Sukitha Manoj b Asitha Fernando  0 3 0 0 0.00
Madawa Warnapura c Minod Bhanuka b Asitha Fernando  0 2 0 0 0.00
Lahiru Madushanka c Minod Bhanuka b Vishwa Fernando  10 16 2 0 62.50
Dilum Sudeera  b Vishwa Fernando  3 30 0 0 10.00
Ravindu Fernando  b Duvindu Tillakaratne 13 18 0 1 72.22
Yasiru Rodrigo c Ashan Priyanjan (l b Vishwa Fernando  5 20 1 0 25.00
Nipun Malinga c Sanoj Darshika b Asitha Fernando  0 12 0 0 0.00
Eshan Malinga not out 0 2 0 0 0.00


Extras 4 (b 1 , lb 1 , nb 0, w 2, pen 0)
Total 62/10 (26.5 Overs, RR: 2.31)
Bowling O M R W Econ
Asitha Fernando  9.5 2 24 4 2.53
Vishwa Fernando  10 5 14 5 1.40
Ranitha Liyanarachchi 4 0 18 0 4.50
Duvindu Tillakaratne 3 1 4 1 1.33
Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c Sukitha Manoj b Nipun Malinga 10 29 2 0 34.48
Leo Fransisco c Sukitha Manoj b Yasiru Rodrigo 2 8 0 0 25.00
Dilan Jayalath lbw b Yasiru Rodrigo 0 4 0 0 0.00
Ashan Priyanjan (l c Sukitha Manoj b Yasiru Rodrigo 8 15 2 0 53.33
Minod Bhanuka lbw b Eshan Malinga 67 104 7 0 64.42
Sanoj Darshika c Madawa Warnapura b Lahiru Madushanka 18 14 4 0 128.57
Ranitha Liyanarachchi c Ravindu Fernando  b Dilum Sudeera  51 73 5 3 69.86
Lakshan Sandajan c Kasun Abeyratne b Nipun Malinga 1 23 0 0 4.35
Duvindu Tillakaratne c Lahiru Madushanka b Eshan Malinga 8 17 1 0 47.06
Vishwa Fernando  not out 25 34 4 0 73.53
Asitha Fernando  st Kasun Abeyratne b Dilum Sudeera  7 8 0 0 87.50


Extras 16 (b 3 , lb 1 , nb 6, w 6, pen 0)
Total 213/10 (53.5 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Nipun Malinga 12 3 39 2 3.25
Yasiru Rodrigo 11 1 52 3 4.73
Lahiru Madushanka 8 1 33 1 4.12
Eshan Malinga 11 1 39 2 3.55
Ravindu Fernando  5 0 28 0 5.60
Dilum Sudeera  6.5 2 18 2 2.77
Batsmen R B 4s 6s SR
Navod Paranavithana lbw b Ashan Priyanjan (l 64 105 8 0 60.95
Ron Chandraguptha  c Minod Bhanuka b Asitha Fernando  67 76 10 0 88.16
Kasun Abeyratne run out (Ranitha Liyanarachchi) 8 9 1 0 88.89
Sukitha Manoj c Anuk Fernando  b Duvindu Tillakaratne 15 55 0 1 27.27
Madawa Warnapura c Dilan Jayalath b Ashan Priyanjan (l 46 128 3 0 35.94
Lahiru Madushanka lbw b Asitha Fernando  18 49 1 0 36.73
Ravindu Fernando  c Vishwa Fernando  b Duvindu Tillakaratne 64 95 6 0 67.37
Nipun Malinga c Dilan Jayalath b Duvindu Tillakaratne 38 28 5 2 135.71
Dilum Sudeera  not out 6 37 0 0 16.22
Yasiru Rodrigo c Minod Bhanuka b Asitha Fernando  5 11 0 0 45.45
Eshan Malinga c Minod Bhanuka b Asitha Fernando  0 2 0 0 0.00


Extras 18 (b 12 , lb 3 , nb 2, w 1, pen 0)
Total 349/10 (98.5 Overs, RR: 3.53)
Bowling O M R W Econ
Asitha Fernando  20.5 1 63 4 3.07
Vishwa Fernando  19 5 53 0 2.79
Ashan Priyanjan (l 20 2 76 2 3.80
Lakshan Sandakan 6 0 34 0 5.67
Duvindu Tillakaratne 24 3 72 2 3.00
Ranitha Liyanarachchi 8 2 28 0 3.50
Sanoj Darshika 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe run out (Kasun Abeyratne) 11 26 1 0 42.31
Leo Fransisco lbw b Ravindu Fernando  15 51 2 0 29.41
Dilan Jayalath c Nipun Malinga b Dilum Sudeera  34 65 3 0 52.31
Sanoj Darshika not out 60 112 4 2 53.57
Minod Bhanuka c Yasiru Rodrigo b Ravindu Fernando  55 61 9 0 90.16
Ashan Priyanjan b Dilum Sudeera  12 13 2 0 92.31
Ranitha Liyanarachchi not out 10 12 0 1 83.33


Extras 7 (b 2 , lb 0 , nb 3, w 2, pen 0)
Total 204/5 (56.1 Overs, RR: 3.63)
Bowling O M R W Econ
Nipun Malinga 5 0 16 0 3.20
Yasiru Rodrigo 2 0 3 0 1.50
Ravindu Fernando  16.1 2 73 2 4.53
Dilum Sudeera  17 4 56 2 3.29
Madawa Warnapura 1 0 4 0 4.00
Lahiru Madushanka 4 2 6 0 1.50
Navod Paranavithana 5 1 15 0 3.00
Eshan Malinga 6 0 29 0 4.83



මෙම සතියේ පැවති අනෙක් තරගය ගාල්ල සහ මහනුවර අතර කොළඹ පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී ඊයේ අවසන් වූ අතර එම තරගයෙන් කඩුලු 10ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ගාල්ල කණ්ඩායම් සමත් වුනා.

තරගාවලියේ තෙවැනි සතියේ තරග පෙබරවාරි 02 වැනිදා සිට 04 වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව යාපනය සහ කොළඹ අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ද සහ දඹුල්ල සහ මහනුවර අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සමඟින් රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<