NSL සිව්දින තරගාවලියේ සංචිත නම් කරයි

නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2022

2087

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන 2022 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් සංචිත මේ වන විට නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙරට පවත්වනු ලබන ප්‍රධානතම දේශීය සිව්දින ක්‍රිකට් තරගාවලිය මෙයයි.

කොළඹ කණ්ඩායම සම්මු අශාන් විසිනුත්, යාපනය කණ්ඩායම සධීර සමරවික්‍රම විසිනුත්, ගාල්ල කණ්ඩායම ධනංජය ලක්ෂාන් විසිනුත් මෙහෙය වද්දී, මිනෝද් භානුක දඹුල්ල කණ්ඩායමත්, කමිඳු මෙන්ඩිස් මහනුවර කණ්ඩායමත් මෙහෙයවීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන දේශීය තරගාවලියට සහභාගී වන ක්‍රීඩා සමාජ 26කින් තෝරා ගත් ක්‍රීඩකයන් NSL තරගාවලියේ කණ්ඩායම් 5 අතර බෙදා තිබෙනවා. ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින් ද, දඹුල්ල සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින් ද බෙදී යනු ඇත.

ජාතික තේරීම් කමිටුව විසින් NSL තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සඳහා ක්‍රීඩකයින් 100කට ආසන්න ප්‍රමාණයක් සහභාගී කරවා ගැනීමට නියමිතයි.

කෙසේ නමුත් ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ සිටින ක්‍රීඩකයින් එම තරගාවලියට පසුව මේ තරගාවලිය සඳහා එක්වීමට සූදානමින් සිටින අතර විස්සයි විස්ස තරගාවලිය අවසන් වූ වහාම ටෙස්ට් තරගාවලිය ක්‍රීඩා නොකරන ක්‍රීඩකයින් මේ තරගාවලිය ක්‍රීඩා කිරීමට සූදානමින් පසුවෙනවා.

පසුගිය 19 වැනිදා යාපනය කණ්ඩායමට ශූරතාවය හිමිකර දෙමින් සාර්ථකව අවසන් වුනු NSL පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලියේ දී සංචිත බෙදා වෙන්කෙරුණු ආකාරයෙන්ම කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින් ද, දඹුල්ල සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින් ද බෙදී යනු ඇත.

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ බෙදා ඇති ආකාරය

  • කොළඔ – SSC, සැරසන්ස්, මීගමුව, සෙබස්තිනයිට්ස්, පොලිස්
  • මහනුවර – NCC, හලාවත මේරියන්ස්, Ace කැපිටල්, ගුවන් හමුදාව, කැන්ඩි කස්ටම්ස්
  • යාපනය – ටැමිල් යූනියන්, රාගම, ලංකන්, කළුතර නාගරික, බ්ලූම්ෆීල්ඩ්
  • ගාල්ල – කෝල්ට්ස්, යුද හමුදාව, පානදුර, ගාල්ල, මූවර්ස්
  • දඹුල්ල – CCC, BRC, නාවික හමුදාව, බදුරලිය, කුරුණෑගල, නුගේගොඩ

කොළඹ, දඹුල්ල, යාපනය, මහනුවර සහ ගාල්ල යන කණ්ඩායම් 5 සහභාගීත්වය ඇතිව ක්‍රීඩාංගණ 5ක දී ආරම්භ වීමට නියමිත මේ තරගාවලිය මේ මස 24 වැනිදා සිට අප්‍රේල් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු තරග දෙක එළඹෙන 24 වැනිදා ගාල්ල හා මහනුවර කණ්ඩායම් අතරත්, යාපනය හා කොළඹ කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතව තිබෙන අතර මේ තරග සියල්ලම පැවැත්වෙන්නේ ජෛව ආරක්ෂිත බුබුලක් (Bio Bubble) තුලයි.

තරගාවලියේ අවසන් පූර්ව තරග මාර්තු 31 වැනිදා හම්බන්තොට දී සහ පල්ලෙකැලේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර අවසන් මහා තරගය අප්‍රේල් 7 වැනිදා සිට 10 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

>>2022 නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන<<

තරගාවලියට එක්වන සංචිත,

මහනුවර – Kamindu Mendis (Chilaw) (නායක), Lahiru Udara (Wk) – (Ncc), Lasith Croospulle (Chilaw), Kasun Vidura Adikari (Chilaw), Oshada Fernando (Chilaw), Kavin Bandara (Ncc), Rumesh Buddika (Chilaw), Dilhan Cooray (Air Force), Sahan Arachchige (Ncc), Thikshila De Silva (Chilaw), Lasanda Rukmal (Air Force), Nipun Ransika (Ncc), Matheesha Pathirana (U-19 – Ncc), Chamika Gunasekara (Ncc), Asitha Fernando (Chilaw), Avindu Theekshana (Ncc), Ashian Daniel (Ncc), Pulina Tharanga (Chilaw), Sachindu Colombage (Ncc), Kamil Mishara (Wk) (Ncc), Pathum Nissanka (Ncc), Niroshan Dickwella (Ncc), Chamika Karunaratne (Ncc), Dushmantha Chameera (Ncc), Lahiru Kumara (Ncc), Lasith Embuldeniya (Ncc)

යාපනය – Sadeera Samarawickrama (Wk) (Tamils) (නායක), Nishan Madushka (Wk) – (Ragama), Navod Paranawithana (Tamils), Saminda Fernando (Ragama), Damith Silva (Lankans), Primosh Perera (Lankans), Santhush Gunathialke (Tamils), Ishan Jayaratne (Ragama), Nimanda Madushanka (Bloom), Dunith Wellalage (U-19 – Lankans), Ravin De Silva (U-19 – Tamils), Geeth Kumara (Lankans), Nuwan Pradeep (Tamils), Pramod M Liyanagamage (Tamils), Nipun Malinga (Ragama), Kasun Madushanka (Lankans), Vimukthi Perera (Lankans), Dilum Sudheera (Tamils), Shashika Dulshan (Ragama), Kalhara Senaratne (Ragama), Lahiru Thirimanne (Ragama), Dananjaya De Silva (Tamils), Janith Liyanage – (Ragama), Shiran Fernando (Tamils), Binura Fernando (Ragama), Jefferey Vandersay (Tamils)

දඹුල්ල – Minod Banuka (Wk) (Ccc) (නායක), Ron Chandraguptha (Ccc), Pawan Ratnayake (Ccc), Sonal Dinusha (Ccc), Leo Francisco (Wk) – (Brc), Pawan Pathiraja (Kurunegala), Ashan Priyanjana (Ccc), Lasith Abeyratne (Ccc), Ranuda Somarathne (U-19 – Kurunegala), Sameera Sandamal (Kurunegala), Dushan Hemantha (Brc), Lahiru Samarakoon (Brc), Chamindu Wijesinghe (Ccc), Amshi De Silva (Ccc), Anuk Fernando (Navy), Navin Fernando (Nugegoda), Lakshan Sandakan (Ccc), Duvindu Tillakaratne (Brc), Malinda Pushpakumara (Ccc), Umeshka Morayas (Brc), Banuka Rajapakse (Brc), Wanidu Hasaranga (Ccc), Vishwa Fernando (Ccc), Nuwan Thushara (Ccc)

ගාල්ල – Dananjaya Lakshan (Colts) (නායක), Salinda Ushan (Moors), Mohammed Shamaz (Moors) (Wk), Sangeeth Cooray (Colts), Pabasara Waduge (Moors), Hashan Dumindu (Colts), Priyamal Perera (Colts), Muditha Lakshan (Colts), Kavinda Kulasekara (Moors), Chanaka Ruwansiri (Galle Cc), Vishad Randika (Wk) – (Colts), Suminda Lakshan (Army), Kavishka Anjula (Colts), Heshan Hettiarachchi (Army), Dilshan Madushanka (Colts), Mohomed Shiraz (Colts), Nimesh, Vimukthi (Panadura), Akila Dananjaya (Colts), Chalana De Silva (Galle), Ravindu Tillakaratne (Panadura), Angelo Mathews (Colts), Dinesh Chandimal (Wk) (Army), Ramesh Mendis (Moors), Praveen Jayawickrama (Moors), Mahesh Theekshana (Army)

කොළඹ – Sammu Ashan (Ssc) (නායක), Krishan Sanjula (Wk) (Ssc), Sithara Gimhana (Wk) (Saracense), Nipun Dananjaya (Ssc), Shevon Daniel (U-19 – Ssc), Nuwanindu Fernando (Ssc), Ashen Bandara (Police Sc), Roshane Silva (Ssc), Pramod Maduwantha (Saracense), Chamindu Wickramasinghe (Ssc), Lakshitha Rasanjana (Ssc), Kalana Perera (Ssc), Kasun Rajitha (Ssc), Udith Madushan (Saracense), Nisala Tharaka (Police), Prabath Jayasuriya (Ssc), Chamika Edirisingha (Sebastinites), Kavindu Nadeeshan (Ssc), Nalin Priyadarshana (Police), Danushka Gunathilake (Ssc), Dimuth Karunarathne (Ssc), Avishka Fernando (Ssc), Kusal Mendis (Ssc), Charith Asanlanka (Ssc), Dasun Shanaka (Ssc)

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<