මැරතන්, පාපැදි සහ ඇවිදීමේ වැඩි ගෞරව බස්නාහිර පළාතට

47 වැනි ජාතික මහා ක්‍රීඩා තරගාවලිය 2022

138

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන මැරතන්, පාපැදි සහ තරග ඇවිදීමේ ඉසව් පසුගිය සති අන්තයේ දී පැවැත්වුනා.

ගම්පහ නගරය කේන්ද්‍ර කර ගනිමින් මෙවර සමගාමී ඉසව් පැවති අතර සෙනසුරාදා (08) මැරතන් සහ කාන්තා පාපැදි තරගත්, ඉරිදා (09) දින තරග ඇවිදීමේ තරග සහ පිරිමි පාපැදි තරගත් පැවැත්වුනා.

ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මැරතන් ඉසව්වේ කාන්තා අදියරේ ජයග්‍රහණය හිමි කර ගත්තේ බස්නාහිර පළාත නියෝජනය කළ පී. එම්. පෙරේරා විසිනුයි. ඔහු තරගය අවසන් කිරීමට පැය 2:49.14ක කාලයක් ගත කළා.

පැය 2:54.11ක කාලයකින් තරගය අවසන් කළ මධ්‍යම පළාතේ ඩබ්. එම්. හේරත් විසින් එහි දෙවැනි ස්ථානය දිනා ගද්දී සබරගමු පළාත නියෝජනය කරන එස්.ඩී. ලියනගේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ පැය 2:57.28ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.

ලබා ගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

එම්.එස්.පී.එම්.පෙරේරා  

බස්නාහිර

පළාත

 

 

02.49: 14

ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය එච්.එම්.ඩබ්.ජී.ඩබ්.එම්.හේරත්  

මධ්‍යම

පළාත

 

 

02.54: 11

ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය  

ඒ.එල්.එස්.ඩී.ලියනගේ

 

සබරගමුව පළාත

 

 

02.57: 28

ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය  

එම්.ඒ.එන්.කේ.ප්‍රනාන්දු

 

බස්නාහිර

පළාත

 

 

03.05: 42

ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය වී.ක්‍රිෂාන්තිනී මධ්‍යම

පළාත

 

03.20: 07 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය එම්.ජී.බුද්ධිකා සබරගමුව

පළාත

03.20:15 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ඒ.අනූෂා මධ්‍යම

පළාත

03.23:50 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ඒ.එස්.එන්.බණ්ඩාර සබරගමුව

පළාත

03.25:05 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය කේ.පී.ඩී.ඩී.කලුපහන සබරගමුව

පළාත

 

03.27:28 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය එච්.ඩබ්.සී.දමයන්ති සබරගමුව

පළාත

03.37:13 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

ක්‍රීඩකයින් 45ක් දෙනෙකු සහභාගී වූ පිරිමි මැරතන් තරගයේ ජයග්‍රහණය නැගෙනහිර පළාතට රැගෙන යාමට ටී. ඩබ්. රත්නපාලට හැකි වුනේ පැය 2:25.49ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි.

උතුරු මැද පළාත නියෝජනය කළ පී. ඩී. අරුණසිරි  පැය 2:26.08ක කාලයකින් දෙවැන්නා ලෙස තරගය අවසන් කරද්දී වයඹ පළාත් ක්‍රීඩක එම්. එස්. කුමාර පැය 2:26.58ක කාලයකින් තෙවැන්නා ලෙස තරගය අවසන් කළා.

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

ටී.ඩබ්.රත්නපාල නැගෙනහිර පළාත  

02.25:49

ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ආර්.ඒ.පී.ඩී.අරුණසිරි උතුරුමැද පළාත  

02.26:08

ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය ඩබ්.එම්.එස්.කුමාර වයඹ

පළාත

02.26:58 ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය එස්.ආර්.ජී.ඒ.එස්.කුමාර මධ්‍යම

පළාත

02.31:04 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය ආර්.ඩී.එන්.එස්.කරුණාරත්න සබරගමුව

පළාත

02.34:47 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ඩී.ජී.ඩී.සදරුවන් බස්නාහිර පළාත 02.36:09 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ජී.කේ.කේ.එස්.ටී.ගුණසේකර බස්නාහිර පළාත 02.36:52 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය එම්.ටී.අයි.සම්පත් පෙරේරා මධ්‍යම

පළාත

02.38:40 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය කේ.ඒ.එස්.රත්නායක සබරගමුව පළාත 02.39:32 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය කේ.එම්.ජේ.පී.විජේරත්න උතුරුමැද පළාත 02.39:57 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

එදිනම පැවති පාපැදි තරගවලින් කාන්තා අදියර පැය 2:40.11ක කාලයකින් අවසන් කරමින් පළමු ස්ථානය බස්නාහිර නියෝජනය කළ එස්. එන්. පෙරේරා විසින් දිනා ගද්දී, පැය 2:40.11ක කාලයකින්ම ඉසව්ව අවසන් කළ බස්නාහිර ක්‍රීඩිකා ආකාශා සදමිණි දෙවැනි ස්ථානය සහ පැය 2:40.14ක කාලයකින් ඉසව්ව අවසන් කළ උතුරු මැද ක්‍රීඩිකා උදේශිනී කුමාරසිංහ තෙවැනි ස්ථානය දිනා ගත්තා.

ලබාගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

කේ.ඒ.එස්.එන්.පෙරේරා බස්නාහිර

පළාත

 

02.40:11

ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ඩබ්.ඒ.ආකාශ සදමිණි බස්නාහිර

පළාත

02.40:11 ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය උදේශිනී එන්.කුමාරසිංහ උතුරුමැද

පළාත

02.40:14 ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය ඒ.එම්.ඩී.දිල්රුක්ෂි වයඹ

පළාත

02.44:54 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය ඩබ්.ආර්.එම්.ප්‍රණාන්දු වයඹ

පළාත

02.45:55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ඊ.ඒ.නිලුකා ශ්‍යාමලී බස්නාහිර

පළාත

02.45:55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය කේ.ඩබ්.ඒ.මධුෂානි සබරගමුව

පළාත

02.45:55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ඩබ්.එන්.දිල්රුක්ෂි ඌව

පළාත

02.45: 55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය එච්.එම්.ඩී.එස්.හේරත් වයඹ

පළාත

02.45:55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය ආර්.ඩී.එන්.ඩබ්.රාජපක්ෂ බස්නාහිර පළාත 02.45: 55 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

ඉරිදා (09) පැවති පිරිමි පාපැදි තරගයට ක්‍රීඩකයින් 177 දෙනෙකු සහභාගී වූ අතර එම තරගයේ ජය පැය 03:57:36.23 ක කාලයකින් ඉසව්ව අවසන් කළ බස්නාහිර පළාත් ක්‍රීඩක ඒ. ඩී. මැඩොන්සා හට හිමි වුනා.

තරගයේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් බස්නාහිර පළාත නියෝජනය කළ ටී. සී. දයානන්ද (පැය 3:57:36.50) සහ ඩී. එස්. නුගේරා (පැය 3:59:53.42) විසින් දිනා ගත්තා.

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

එම්.ඒ.ඩී. මැඩොන්සා බස්නාහිර

පළාත

 

03.57:36:23

ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ආර්.ටී.සී.දයානන්ද බස්නාහිර

පළාත

03.57:36:50 ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය ඩී.එස්.නුගේරා බස්නාහිර

පළාත

03.57:53:42 ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය එල්.එස්.චමෝද් ද  සිල්වා බස්නාහිර

පළාත

03.59:50:35 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය ඒ.ඩී.සුරංග පෙරේරා බස්නාහිර

පළාත

04.00:49:54 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ඩබ්.ඩී.පී.එස්.වීරසිංහ උතුරුමැද

පළාත

04.00:49:59 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය පී.සී.නිර්මල ප්‍රණාන්දු බස්නාහිර

පළාත

04.00:55:61 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ජී.එන්.එස්.සිල්වා බස්නාහිර

පළාත

04.00:56:77 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය ඩබ්.එස්.ආර්.නවරත්න උතුරුමැද

පළාත

04.01:12:96 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය අයි.කේ.ආර්.ප්‍රනාන්දු බස්නාහිර පළාත 04.01:13:46 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

තරගාවලියේ තරග ඇවිදීම ඉසව්වේ කාන්තා පළමු ස්ථානය පැය 1:58.67ක කාලයකින් තරගය අවසන් කළ කල්හාරි මද්‍රිකා විසින් දිනා ගත් අතර පැය 01:53.46ක කාලයකින් ඉසව්ව අවසන් කළ දකුණු පළාතේ දිනූෂා ඩිල්හානි සහ පැය 01:57:39ක කාලයකින් තරගය අවසන් කළ දකුණු පළාත් ක්‍රීඩිකාව පී.බී. ගයානි දෙවැනි සහ තෙවැනි ස්ථාන දිනා ගත්තා.

ලබා ගත් ස්ථානය ක්‍රීඩිකාවගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

යූ.වී.කල්හාරි මද්‍රිකා  

බස්නාහිර

පළාත

 

 

01.58: 67

ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය ටී.එච්.දිනූෂා ඩිල්හානි  

දකුණු

පළාත

 

 

01.53:46

ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය පී.බී.ගයානි  

දකුණු

පළාත

 

 

01.57:39

ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය ඩබ්.එච්.එල්.කල්‍යාණි  

දකුණු

පළාත

 

01.59:22 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය ජේ.කේ.කේ.එම්.සී.දමයන්ති  

ඌව

පළාත

 

02.04:27 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ටී.වී.හසිනි ලක්ෂානි දකුණු

පළාත

02.06:07 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය සී.අයි.තැන්නහෙන්නදී ඌව

පළාත

02.16:43 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය කේ.ජ.ශානිකා අබේතිස්ස මධ්‍යම

පළාත

02.25:59 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය ජී.ජී.ඩබ්.එස්.ගලදෙණිය  

සබරගමුව

පළාත

 

02.33:04 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය ටී.යූ.වී.ඩබ්.පෙරේරා බස්නාහිර

පළාත

02.44:08 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

තරග ඇවිදීම පිරිමි ඉසව්වේ ජාතික කිරුළ ඌව පළාතට රැගෙන යාමට ඩී. රුක්මල් (පැය 01:34.08) සමත් වෙද්දී, උතුරු මැද ක්‍රීඩක රවින්ද්‍ර හේරත් (පැය 01:35:51) දෙවැනි ස්ථානය සහ වයඹ පළාත් ක්‍රීඩක සඳුන් ලක්මාල් (පැය 1:36:52) විසින් දිනා ගත්තා.

ලබාගත් ස්ථානය ක්‍රීඩකයාගේ නම පළාත වාර්තා කළ කාලය ත්‍යාග
 

1 වන ස්ථානය

ආර්.එන්.ඩී.රුක්මල් ඌව

පළාත

01.34:08 ජය සංකේතය සමග මුදලින් රු. 50,000/-ක්

 

2 වන ස්ථානය එච්.එම්.එස්.රවීන්ද්‍ර හේරත් උතුරුමැද පළාත 01.35:51 ජය සංකේතය සමග මුදලින් රු. 40,000/-ක්

 

3 වන ස්ථානය පී.එච්.සදුන් ලක්මාල් වයඹ

පළාත

01.36:52 ජය සංකේතය සමග මුදලින් රු. 30,000/-ක්

 

4 වන ස්ථානය වයි.එස්.විමලසූරිය දකුණු

පළාත

01.40:58 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු.20,000/-ක්

 

5 වන ස්ථානය ආර්.බී.එස්.කුමාර සම්පත් නැගෙනහිර

පළාත

01.41:03 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 18,000/-ක්

 

6 වන ස්ථානය ආර්.ඩී.සදරුවන් රත්නායක උතුරුමැද පළාත 01.41:35 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 16,000/-ක්

 

7 වන ස්ථානය ආර්.ඒ.සහන් චතුරංග සබරගමුව පළාත 01.43:11 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 14,000/-ක්

 

8 වන ස්ථානය ජේ.එම්.පී.වයි.සේකර නැගෙනහිර

පළාත

01.43:51 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 12,000/-ක්

 

9  වන ස්ථානය එම්.ඩබ්.ධනසිරි මධ්‍යම

පළාත

01.45:50 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 10,000/-ක්
10  වන ස්ථානය ඒ.පී.කලුපහන බස්නාහිර පළාත 01.45:54 ත්‍යාග පාර්සලය සමග මුදලින් රු. 8,000/-ක්

 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<