96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ වටිනාකම

631

ජාතික මලල ක්‍රීඩාවේ “මෞලි මංගල්‍ය” ලෙස අප හඳුන්වනු ලබන 96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (3) සිට 5 වැනිදා (හෙට) දක්වා කොළඹ සුගතදාස පිටියේ දී පැවැත්වේ.

ආසියාව ජය ගත් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 තෙක් මූල්‍ය සහය

පදක්කම් 11ක් සමඟින් ජපානයේ ජීෆු හිදී අවසන් වුන 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 ඔලිම්පික්…..

96 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය නැවතත් කොළඹ සුගතදාස පිටියට පැමිණෙන්නේ වසර 4කට පමණ පසුවයි. සුගතදාස පිටියේ ධාවන පථයේ සිදු කරනු ලැබූ ප්‍රතිසංස්කරණ කටයුතු නිසාවෙන් ගෙවී ගිය වසර 4 පුරාවට ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ එම පිටියේ දී පැවැත්වීමට නොහැකි විය. 2014 වර්ෂයේ දී පැවති 92 වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය අවසන් වරට සුගතදාස පිටියේ දී පවත්වා ඇත.

නවීකරණය කටයුතු අවසන් වීමෙන් පසුව පසුගිය මැයි මස දී මේ ධාවන පථය නැවතත් මලල ක්‍රීඩා ඉසව් සඳහා භාවිතා කිරීම ආරම්භ කළ අතර මෙවර පැවැත්වෙන 96වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ක්‍රීඩා ඉසව් 38ක් වෙනුවෙන් ක්‍රීඩකයින් 600ක් , ක්‍රීඩිකාවන් 200ක් හා නිලධාරීන් 100කට ආසන්න ප්‍රමාණයක් මේ සඳහා සහභාගී වීමට නියමිතයි. මෙවර පැවැත්වෙන මේ උත්කර්ෂවත් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය දක්වනු ලැබේ.

>>96වන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තරග කාලසටහන<<

මේ මස මැද දී එනම් අගෝස්තු මස 18 වැනිදා ඉන්දුනීසියාවේ දී ආරම්භ වන ආසියානු ක්‍රීඩා තරගාවලියට සිය දස්කම් කෙසේ ද යන්න උරගා බැලීමට මෙය හොඳ අවස්ථාවක් වන අතර එම දස්කම් අනුව කොපමණ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් ආසියානු ක්‍රීඩා තරගාවලියේ මලල ක්‍රීඩා ඉසව් සඳහා සහභාගී කිරීමට හැකි ද යන්න ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය වෙත යම් දල අවබෝධයක් මේ තරගාවලිය අවසානයේ දී ලබා ගැනීමට හැකිය.

මීටර 800 ධාවන තරග නියෝජනය කරන ඉඳුනිල් හේරත් හා මැරතන් ධාවන ක්‍රීඩිකා හිරුණි විජේරත්න යන දෙදෙනාම පිළිවෙළින් කෙන්යාවේ හා ඇමරිකාවේ සිය පුහුණුවීම් කටයුතු වල නිරත වෙන අතර ඒ නිසාවෙන් ඔවුන් මෙවර පැවැත්වෙන ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී නොවෙනු ඇත.

මීටර 400 පිරිමි ධාවන තරගය ද මෙවර ඉතාමත් උණුසුම් මුහුණුවරක් ගනු ඇත්තේ අරුණ දර්ශන, කාලිංග කුමාර වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඒ තරග ඉසව්ව නියෝජනය කරන නිසාවෙනි. ඊට අමතරව පසිඳු කොඩිකාර, අංජන ගුණරත්න, දිලීප් රුවන්, අජිත් ප්‍රේමකුමාර යන ක්‍රීඩකයින් ද එම ඉසව්ව නියෝජනය කරනු ලැබේ.

එහි දී හොඳම දස්කම් දක්වන ක්‍රීඩකයින් පස්දෙනා ආසියානු ක්‍රීඩා තරගාවලියේ 4X400 ධාවන ඉසව්ව සඳහා තරග වදිනු ලබන ක්‍රීඩකයින් ලෙස  තෝරාගනු ඇත. කාලිංග කුමාර තත්පර 46.80ක කාලයක් පසුගිය දිනවල පැවති පුහුණු තරග අතරතුර වාර්තා කර ඇති අතර අරුණ දර්ශන තත්පර 46.55ක කාලයකින් ඒ ඉසව්ව සඳහා තිත් තබා ඇත.

2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ ද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ. තරගාවලිය එළඹෙන අගෝස්තු 18 වැනිදා සිට සැප්තැම්බර් 3 වැනිදා දක්වා…

මීටර 800 කාන්තා ධාවන තරග ඉසව්වේ දී ගයන්තිකා අබේරත්න හා නිමාලි ලියනාරච්චි යන ක්‍රීඩිකාවන් ද්විත්වය අතර ඉතාමත් හොඳ සටහනක් ප්‍රේක්ෂක අප ඔබ සැමට නැරඹීමට හැකි වනු ඇති අතර ඔවුන් දෙදෙනාම මිනිත්තු 2යි තත්පර 3කට අඩු කාලයකින් මේ තරග ඉසව්ව අවසන් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඔවුන් දෙදෙනාම ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තේරී පත්වීමට වැඩි ඉඩකඩක් තිබෙන අතර යොවුන් ක්‍රීඩිකාවක් දිලිෂි කුමාරසිංහ ද 02.04.53 යන දක්ෂතාවයක් මෑත කාලයේ දක්වා තිබෙන නිසා ඇය ද මීටර 800 කාන්තා ධාවන තරග ඉසව්වේ දී වැඩි අවධානයක් දිනා ගනු ඇත.

96 වන මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ දෙවන (අගෝස්තු 4) හා තෙවන (අගෝස්තු 5) දිනයන් වල සජීවී විකාශනය ඔබ වෙතට සමීප කිරීමට ThePapare.com සූදානමින් සිටින අතර තරගාවලියේ සියලුම තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<