ආසියාව ජය ගත් කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 තෙක් මූල්‍ය සහය

155

පදක්කම් 11ක් සමඟින් ජපානයේ ජීෆු හිදී අවසන් වුන 2018 ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දස්කම් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල තෙක් මූල්‍ය ආධාර ලබා දීමට තීරණය කර තිබේ.  

2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ ද?

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය……..

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති උත්සවයක දී මේ බව නිවේදනය කළ අතර එම උත්සවයට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු හා ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටියහ.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මේ වැඩසටහනට අනුව යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මසකට රුපියල් 75,000 බැගින් 2024 ඔලිම්පික් උළෙල තෙක් ලැබෙන අතර ඔවුන්ගේ පුහුණුකරුවන්ට ද මසකට රුපියල් 20,000 බැගින් හිමි වනු ඇත. ඇක්සස් හෝල්ඩින්ග්ස්, ෆෙයාර්වේ හෝල්ඩින්ග්ස්, සෙලින්කෝ ලයිෆ්, සොෆ්ට්ලොජික් රක්ෂණ සමාගම ඇතුළු පෞද්ගලික සමාගම් රැසක් හා නම හෙළි නොකළ දානපතියෙකු විසින් මෙම අනගි කර්තව්‍ය සඳහා අරමුදලක් පිහිටුවා තිබේ.

කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ, සචිනි දිව්‍යාංජලි, රොමේෂි අත්තිඩිය, කෙටි දුර ධාවන ශූරි අමාෂා ද සිල්වා, මැදි දුර ධාවන ශූරි දිලිෂි කුමාරසිංහ, බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති, මීටර 400 ක්‍රීඩකයින් වන අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, රවිෂ්ක ඉන්ද්‍රජිත් හා පබාසර නිකු යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනා එළඹෙන වසර හයක කාලය තුල මසකට රුපියල් 75, 000 මූල්‍ය සහය ලබනු ඇත.

පැරා තරගාවලියේ වැඩි දස්කම් වෙල්ලස්සට

ජාතික පැරාලිම්පික් කමිටුව මගින් සංවිධානය කරන්නට යෙදුණු ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලිය ඊයේ (21) සුගතදාස ධාවන…..

එම උත්සවයේ දී අදහස් දක්වමින්  ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා මේ වැඩසටහන පිළිබඳ ඉමහත් ප්‍රසාදය පල කළේය.

“ඉතිහාසයේ පළමු වතාවට ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියක පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ඉලක්ක කරගෙන ආධාර ලැබෙන්නේ, මීළඟ වසර හය දක්වා දියත් වන මෙවැනි වැඩපිළිවෙළක් පළමු වතාවටයි මේ රටේ ක්‍රියාත්මක වන්නේ, අද ආධාර ලබන මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දැන් විශාල අභියෝගයක් තිබෙනවා, අපි මීට පෙර දුටුවා කනිෂ්ඨ වයස් කාණ්ඩවල දස්කම් දක්වන ක්‍රීඩකයින් වසර කිහිපයකට පසු සොයාගත නොහැකි සේ අතුරුදහන් වෙනවා, උදාහරණයක් ලෙස 2012 ආසියානු කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව පදක්කම් හතක් ජයග්‍රහණය කළා, අවාසනාවකට එම පදක්කම් ලාභීන්ගෙන් කිසිවෙකු මේ වන විට ක්‍රීඩාවේ නිරත වන්නේ නැහැ, මේ නව දෙනාට එළඹෙන ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට අවශ්‍ය සහය සමඟින් දැන් හොඳ වේදිකාවක් සකසා දී තිබෙනවා.”

මෙම ආධාර වැඩසටහන ආරම්භ කිරීමට මුල් වූ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අවස්ථාව අමතමින් මෙසේ අදහස් දැක්විය. “ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දී අප පදක්කම් නවයක් ජය ගත්තා, අපි තේරුම් ගත්තා පෞද්ගලික අංශයේ සහය ද සමඟ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2024 තෙක් සහය දී රැක බලාගත යුතුයි කියා, ඩන්කන් වයිට්ට පසු සුසන්තිකා ජයසිංහ පමණයි ඔලිම්පික් පදක්කමක් දිනුවේ, නමුත් මේ වැඩසටහන් සමඟ අප බලාපොරොත්තු වෙනවා තවත් ශූරයින් බිහි කරන්න”

අමාත්‍යවරයා මේ යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.”මම බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ ලැබෙන මුදල් ඔබේ ක්‍රීඩාව වැඩි දියුණු කරගන්න යොදාගන්න කියලා, අපි රටක් විදියට ක්‍රීඩාවට ආර්ථික අපහසුතා බාධාවක් නොවන ආකාරයට ක්‍රීඩකයින්ට සහය දෙන්න ඕන, අපි මේ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටේ සම්පත් ලෙස සලකා ඔවුන් ආරක්ෂා කරන්න ඕන.”

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<