ෂායි හොප්, කෝලිගේ වාර්තාගත ඉනිමේ සැර බාල කරයි

989

ඉන්දීය නායක විරාත් කෝලිගේ වාර්තාගත ඉනිමට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ බටහිර ඉන්දිය කොදෙව් යොවුන් ක්‍රීඩක ෂායි හොප්, කෝලි කෙරෙහි තිබූ අවධානය තරගයේ අවසන් පන්දුවේ දී වෙනතකට හැරවීමට ඊයේ (24) විශාඛාපට්නම් හිදි නිමා වූ ඉන්දීය – බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි එක්දින තරගයේ දී සමත් විය. ඒ තරගය ලකුණු සම වීමෙන් නිමා වීම නිසා ය.

බංගලියෝ දෙවැනි තරගයේ දි ම සිම්බාබ්වේට පහර දෙයි

සංචාරක සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන …..

දකුණතින් පන්දුවට පහර දුන් හොප් අවසාන පන්දුව දක්වාම සටන් කරමින් ජයග්‍රහණය තමන් සන්තක කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ වූයේ තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් එක් ලකුණක් මදි වීමෙනි. මේ ආකාරයෙන් නිමා වූ ලොව 41 වැනි තරගය ලෙසින් මෙම තරගය ඉතිහාසට එක් විය.

තරගයේ අවසන් පන්දු වාරයේ දී බටහිර ඉන්දිය කොදෙව්වන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් අවශ්‍ය වුවද ඔවුන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 13ක් පමණි. කොදෙව් – ඉන්දීය එක්දින තරග ඉතිහාසයේ ලකුණු සම වීමෙන් නිමා වූ දෙවැනි තරගය වූයේ මෙයයි. මීට ප්‍රථම දෙරට අතර එක්දින තරගයක් ලකුණු සම වීමෙන් නිමා වී තිබෙන්නේ 1991 වසරේ දෙසැම්බර් 06 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම ය.

මෙම තරග ප්‍රතිඵලයත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම එක්දින ජාත්‍යන්තර තරග 10ක තරගවල ලකුණු තත්ත්වයන් සමකර ගනිමින් එම ලැයිස්තුවේ පළමු ස්ථානයට අද පත් වීමට ද සමත් විය. එහි දෙවැනි ස්ථාන ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව සතු වෙන්නේ ය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තේ ය. ඒ අනුව පිටියට පිවිසියේ රෝහිත් ෂර්මා සමඟින් ෂිකර් ධවාන් ය. පෙර තරගයේ දී දැවැන්ත ඉනිමක් ගොඩ නැගූව ද ෂර්මාට මේ තරගයේ දී ලකුණු 4කින් සීමා වීමට සිදු විය. ධවාන්ට ද ලබා ගත හැකි වූයේ ලකුණු 29ක් පමණි.

රවිඳුගේ කඩුලු 10 මාරිස් ස්ටෙල්ලා ජය වේගවත් කරයි

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් …..

ඉනිමේ තෙවැනි කඩුල්ලේ දී විරාත් කෝලි සහ අම්බති රායුදු ලකුණු 139ක සබඳතාවක් ගොඩ නගමින් ඉන්දීය ඉනිමේ ලකුණු පුවරුව කළ එළි කළහ. රායුදු පන්දු 80කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් තම ඉනිම නිමා කර ගත්තේ ය.  

ඉන්දීය කණ්ඩායමේ නායක විරාත් කෝලි අද තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 10 000 වැනි ලකුණ රැස් කිරීමට සමත් වූයේ ලෝකයේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් එම වාර්තාවට ළඟා වූ පළමුවැන්නා බවට පත් වෙමිනි. ඔහු ඒ සඳහා වැය කරන ලද ඉනිම් සංඛ්‍යාව 205කි.

එම ලැයිස්තුවේ පළමුවැනියා වී සිටියේ ඉන්දීය ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් ය. ඔහු තරග 259ක දී එම දක්ෂතාව කර තිබුණි. තෙවැනි ස්ථානය ද ඉන්දීය ක්‍රීඩක සව්රව් ගංගුලි සතු වෙන්නේ ය. ඒ තරග 263කින් පෑ දක්ෂතා හේතුකොට ගෙන ය.

පෙර තරගයේ දී ද ශතකයක් රැස් කළ කෝලි අද රැස් කළේ තම එක්දින තරග දිවියේ 34 වැනි ශතකයයි. පන්දු 129කට මුහුණ දුන් කෝලි හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 157ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ඈෂ්ලි නුර්සෙ සහ ඔබෙට් මැකෝයි කඩුලු 2 බැගින් දවා ගත් අතර කෙමර් රොච් සහ මාලන් සැමුවෙල්ස් ද කඩුල්ල බැගින් දවා ගත්හ.

හඹා යන ඉනිමේ දී ෂායි හොප් විසින් රැස් කරන ලද නොදැවුණ ලකුණු 123 ලකුණු සම වීමෙන් නිමා වූ තරගයක  දී පිතිකරුවෙක් විසින් රැස් කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව ද විය. ඊට පෙර එම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරිත්වය රැඳී තිබුණේ 1995 වසරේ දී හරාරේ ක්‍රීඩාංගණයේ දී පාකිස්තානයේ සයීඩ් අන්වර් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද නොදැවුණ ලකුණු 102යි.

හොප් තම නොදැවුණ ඉනිම වෙනුවෙන් පන්දු 134කට මුහුණ දුන් අතර හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ තරගයේ ලකුණු සම වීමට අවසන් පන්දුවේ දී ලබා ගත් ලකුණු 4ක් ද සමඟිනි. මෙම ඉනිම හොප්ගේ එක්දින තරග ඉතිහාසයේ හොඳම ලකුණු සංඛ්‍යාව ද විය. මීට පෙර මෙම වාර්තාව රැඳී තිබුණේ බුලවායෝ හි දී 2016 නොවැම්බර් මස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රැස් කරන ලද ලකුණු 101යි.

ඔහුට අමතරව බටහිර ඉන්දීය කොදෙව් ඉනිම ගොඩ නැගීම වෙනුවෙන් ශිම්රොන් හෙට්මයර් ද අගනා ලකුණු 94ක් එක් කළේය. ඒ වෙනුවෙන් පන්දු 64කට මුහුණ දුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 7කින් තම ඉනිම සරසා ගත්තේ ය. හෙට්මයර් ඊයේ රැස් කළේ තම එක්දින තරග දිවියේ 2 වැනි අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී කුල්දිප් යාදව් ලකුණු 67කට කඩුලු 3ක් දවා ගනිද්දී මොහොමඩ් ෂාමි, උමේෂ් යාදව් සහ යුස්වේන්ද්‍ර චාහල් කඩුල්ල බැගින් බෙදා ගත්හ.  

පෙර තරගයේ සේ ම මෙම තරගයේ ද තරගයේ වීරයා සම්මානය විරාත් කෝලි විසින් දිනා ගත්තේ ය.

සිංහ පැටවු අවදි වී මහත්වරුන්ට හොඳ හැටි සංග්‍රහ කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වූ තරග 5කින් සමන්විත ….

ඉන්දියාව; කඩුලු 6ක් දැවී 321 (50): ෂිකර් ධවාන් 29, විරාට් කෝලි නොදැවී 157, අම්බති රායුදු 73, මහේන්ද්‍ර සිං දෝනි 20, ඈෂ්ලි නුර්සෙ 2/46, ඔබෙට් මැකෝයි 2/71

බටහිර ඉන්දිය කොදෙව්; කඩුලු 7ක් දැවී 321 (50): චන්ද්‍රෙපෝල් හෙම්රාජ් 32, ෂායි හෝප් නොදැවී 132, ශිම්රොන් හෙට්මයර් 94, කුල්දීප් යාදව් 3/67

දෙරට අතර පැවැත්වෙන තෙවැනි එක්දින තරගය මේ මස 27 වැනිදා දිවා/රාත්‍රි තරගයක් ලෙසින් පූනේ හිදි පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ උණුසුම් පුවත් බෙදා ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<