සුපිරි දඟපන්දු යවන්නාගේ එංගලන්ත ගමනට නැවතීමේ තිත

80

ප්‍රබල ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් 2020 එංගලන්ත ප්‍රාන්ත පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී නොවී සිටීමට තීරණය කර තිබේ. ඔහු නියෝජනය කරන හැම්ප්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම ද මේ පිළිබඳව නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් සිටියේ නේදන්ගේ සේවය මෙම වසරේ දී ඔවුන්ට නොලැබී යාමට වැඩි ඉඩකඩක් පවතින බවයි. 

පුජාරාගේ එංගලන්ත ගමන නවතියි

ගෝලීය වසංගතයක් වන COVID-19 හමුවේ ලොව පුරා සියලු ක්‍රීඩා තරග මේ වන විට අවලංගු වී ඇත…

COVID-19 වසංගතයේ බලපෑම නිසාවෙන් මේ වන විට ක්‍රීඩා ක්ෂේත්‍රය දැවැන්ත කඩා වැටීමකට ලක්වී ඇති අතර විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ සලකා බැලීමේ දී ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ තීරණාත්මක තරගාවලි රැසක්ම දින නියමයක් නොමැතිව කල්දැමීමට සිදුවීම වඩාත් කැපී පෙනේ. 

ඒ අතුරින් එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් ශූරතාවන් ඇතුළුව ගෙන එරට දී පැවැත්වීමට සැලසුම් කර තිබූ සියලුම ජාත්‍යන්තර තරග මැයි මස 28 වනදා තෙක් නොපැවැත්වීමට එංගලන්ත ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත. ඒ පවතින තත්වය සමථයකට පත්වන තෙක් සියලු දෙනාගේම ආරක්ෂාව සඳහා ප්‍රමුඛස්ථානයක් ලබා දී ක්‍රියා කළ යුතුව ඇති නිසාවෙනි. 

32 හැවිරිදි නේතන් ලයන් මෙවර ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය සඳහා හැම්ප්ෂයර් කණ්ඩායමත් සමඟ ගිවිසුම් අත්සන් කර තිබුනේ තරගවාරයේ පළමු අර්ධය පමණක් ක්‍රීඩා කිරීමේ අරමුණෙනි. හැම්ප්ෂයර් කණ්ඩායමේ ප්‍රධාන විධායක නිලධාරී ගිල්ස් වයිට් මහතා සඳහන් කර සිටියේ නේතන් ලයන් සහ ඔහුගේ කළමනාකාරීත්වය සමඟ පැවැත්වූ සාකච්ඡාවන්ගෙන් අනතුරුව දෙපාර්ශවයේම එකඟතාව මත මෙම තීරණය ගත් බවයි. 

ක්‍රිකට් ප්‍රමාද දෝෂයට එංගලන්තයෙන් සැලසුමක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය තවදුරටත් ප්‍රමාද වීම නොවැළැක්විය…

“අපි හැමෝම මේ පහුකරන්නේ ඉතාමත් අපහසු, අභියෝගාත්මක කාල සීමාවක්. මේ සිදුවීමත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වෙලා තියෙන බලපෑම ඉතාමත් විශාලයි. හෙට දවසේ මොන වගේ තත්වයක් උදා වෙයිද කියලා අපිට කියන්න අමාරුයි. නමුත් අපි ඒ ඕනම දේකට සූදානමින් ඉන්නේ.” 

“නේතන් සහ ඔහුගේ නියෝජිතයන්ට මම ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන් තේරුම් අරන් තියෙනවා, මේ පවතින වාතාවරණය ඒතරම් යහපත් නැහැයි කියන එක. ලබන තරගවාරයේ දී නේතන්ව කණ්ඩායමට එකතු කරගන්න අපි ඉතාමත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා.” 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<