ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන, 77 වන ජාතික මල්ලවපොර ශූරතාවලිය අද (01) සිට දෙැසැම්බර් 3 වැනිදා දක්වා ක්‍රීඩා අමාත්‍යාංශ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වෙන අතර, ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන එය නිළ වශයෙන් ආරම්භ විය.  

පසුගිය ලිපි: 14වන ජාතික කඹ ඇදීමේ ශූරතාවය බද්දේගම දී

“පල්සර් පවර්”, ලෙස නම් කර ඇති මෙම තරගාවලිය මඟින්, 2017 ආසියානු මල්ලවපොර ශූරතාවලිය, 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලිය සහ 2017 වසර පුරා පැවැත්වෙන ජාතික තරගාවලිය සඳහා ද ක්‍රීඩකයින් තෝරා ගැනීම ප්‍රධාන අරමුණ වේ.

ශ්‍රී ලංකා මල්ලපොර ක්‍රීඩාවේ මෑතකාලීන දස්කම් දෙස අවධානය යොමු කිරීමේදී, ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී රිදී පදක්කම් 5ක් හා ලෝකඩ පදක්කම් 7ක් මල්ලවපොර ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට හිමිවී ඇති අතර පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සමඟ ක්‍රීඩිකාවන් 8 දෙනෙක් ද එක් වූහ.

මෙම සමාරම්භක අවස්ථාවට පැමිණි ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමන් පවසා සිටියේ, බියගම ආශ්‍රිතව ඉදිකරන ක්‍රීඩා ගම්මානයේ ප්‍රමුඛතාවය මල්ලවපොර ක්‍රීඩාවට ලබාදෙන බවත්, පුහුණුකරුවන් හා විනිසුරුවරුන් ජාත්‍යන්තර පුහුණුකරුවන් යටතේ පුහුණු කරවීම ඉදිරි වසර තුළ සිදුකරන බවත්ය.

මල්ලවපොර ක්‍රීඩාව ඇතුලුව සමස්ථ ක්‍රීඩාවම ගත් කළ පුහුණුකරුවන්ගේ තාක්ෂණික දැනුම අඩුකම නිසා එය යාවත්කාලීන කරවීම ප්‍රමුඛ කොට සලකන බවත්, ලබන වසර තුළ පුහුණුකරුවන් එක් ආයතනයක් යටතට ‍ගෙන පුහුණුකර විධිමත් ලෙස අනාගතයට මුදාහැරීම එතුමාගේ කාර්යය බවත් අමාත්‍යතුමන් වැඩිදුරටත් පැවසීය.

“අද දිනයේ දී මූලික වටයේ තරග 127ක් පැවැති අතර සමස්ථ තරගාවලිය පුරාවට තරග 210ක් පැවැත්වීමට නියමිතයි. මෙලෙස තෝරා ගන්න‍ා කණ්ඩායම් සියල්ල මල්ලවපොර පුහුණු සංචිතයට ඇතුළත් කිරීමට නියමිත අතර, තරගාවලියේ මූලික වටයේ තවත් තරග කිහිපයක් හෙට (02) දිනයේද පැවැත්වීමට නියමිතයි” යැයි ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම් M. A. C. K මල්ලවආරච්චි මහතා ThePapare.com සමඟින් පැවසීය. මෙම තරගාවලිය පිළිබඳ ThePapare.com සමඟින් වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ ලේකම්,

මෙම තරගාවලියේ පිරිමි සහ කාන්තා තරග බර පන්ති 8ක් යටතේද, කණිෂ්ඨ අංශයේ තරග බර පන්ති 10ක් යටතේද පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා දිස්ත්‍රික්ක 14ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වේ. පසුගිය වසරේ ජාතික ශූරයා වූ කටුනේරිය ක්‍රීඩා සමාජයේ සංජීව ප්‍රනාන්දු මෙවර ශූරතාවලිය සඳහා සහභාගී නොවීම කැපිපෙනෙන සිදුවීමකි.

අද දිනට ප්‍රතිඵල සාරාංශය

කිලෝග්‍රෑම්  55 කාන්තා

ස්ථානය

ක්‍රීඩිකාවගේ නම

ක්‍රීඩා සමාජය

පළමු ස්ථානය M W D M P කුමාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය S M A P සෙනරත්න ශ්‍රී ලංකා යුධ හමුදාව -A
තෙවන ස්ථානය W N N ද සිල්වා ශ්‍රී ලංකා පොලීසිය

කිලෝග්‍රෑම්  60 කාන්තා

ස්ථානය

ක්‍රීඩිකාවගේ නම

ක්‍රීඩා සමාජය

පළමු ස්ථානය W M D D K වීරභාහු ශ්‍රී ලංකා යුධ හමුදාව
දෙවන ස්ථානය P A K මධුවන්ති ශ්‍රී ලංකා ගුවන් හමුදාව
තෙවන ස්ථානය D G H M හේමන්තා පරාක්‍රම ක්‍රීඩා සමාජය

කිලෝග්‍රෑම්  63 කාන්තා

ස්ථානය

ක්‍රීඩිකාවගේ නම

ක්‍රීඩා සමාජය

පළමු ස්ථානය M W D M ප්‍රියංගා කුමාරි ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය K K D P වික්‍රමපාල ශ්‍රී ලංකා ගුවන් හමුදාව
තෙවන ස්ථානය M N ප්‍රියදර්ශනී ශ්‍රී ලංකා යුධ හමුදාව – A

කිලෝග්‍රෑම්  69 කාන්තා

ස්ථානය

ක්‍රීඩිකාවගේ නම

ක්‍රීඩා සමාජය

පළමු ස්ථානය G G Aසෙනෙවිරත්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය W N P R L ජයරත්න ශ්‍රී ලංකා පොලීසිය
තෙවන ස්ථානය R A M Nරූපසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව

කිලෝග්‍රෑම්  75 කාන්තා

ස්ථානය

ක්‍රීඩිකාවගේ නම

ක්‍රීඩා සමාජය

පළමු ස්ථානය W A C K R වීරසිංහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව
දෙවන ස්ථානය K G J M කුමාරි ශ්‍රී ලංකා යුධ හමුදාව
තෙවන ස්ථානය K G S මදුශිකා ශ්‍රී ලංකා පොලීසිය


කාන්තා අවසන් තරග කිහිපයක් හෙට (02) දිනයේදී ද පැවැත්වීමට නියමිත අතර ජ්‍යෙෂ්ඨ පිරිමි සහ කණිෂ්ඨ අංශයේ තරගද හෙට පැවැත්වෙනු ඇත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට