ක්‍රිකට් ලෝක කුසලාන විශේෂ අතිරේකය 2- පිටියේ නොමැකෙන පුද්ගලයින් (1975-87)

270

මේ ලෝකයේ පහළවූ විශිෂ්ඨතම ක්‍රිකට් සැණකෙළිය ක්‍රිකට් ක්‍රීඩාවේ කැපී පෙනෙන පුද්ගලයන් රැසක් බිහි කිරීමට සමත් විය. මෙම ලිපිය, ක්‍රිකට් ලොව ඉමහත් නමක් ඉසිලූ වීරයන් පිලිබඳ කෙටි ආවර්ජනයකි. 

 

ග්ලෙන් ටර්නර් (නවසීලන්ත කණ්ඩායම)

ඔහු විශිෂ්ඨයෙකු කීවෝතින් වැරදි නැත. ඔහු 70 දශකයේ නවසීලන්ත කණ්ඩායමේ සිටි පළපුරුදුම ක්‍රීඩකයා ය. 1975දී නවසීලන්ත කණ්ඩායම් නායකයා ලෙස පළමු ලෝක කුසලාන තරඟය නියෝජනය කල ඔහු, තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියාද විය. ලකුණු 333ක් සමඟ ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 166.5ක් විය. ජූනි 7වැනිදා බර්මින්හැම්හි පැවති නවසීලන්තය හා නැගෙනහිර අප්‍රිකානු තරඟයේදී ඔහු නොදැවී ලකුණු 171ක් රැස් කරගත්තේ ය. මෙය ඔහු රැස් කරගත් වැඩිම ලකුණු සංඛ්‍යාවද විය. 1983 ලෝක කුසලාන තරඟාවලිය අවසානයේ ඔහු ලෝක කුසලාන ඉණිම 14ක් අවසානයේ රැස් කරගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 612ක් වූ අතර,  ඔහුගේ ලකුණු ලබාගැනීමේ වේගය 61.20ක් විය.

 

ගෝර්ඩන් ග්‍රීන්නිඩ්ජ් (බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම)

1975 ලෝක කුසලානය සඳහා රෝයි ෆෙඩ්‍රික්ස් සමඟ ආරම්භක පිතිකරු ලෙස එක් වන මොහු වසර 4කට පසු ඩෙස්මන්ඩ් හේන්ස් සමඟ ශක්තිමත් ආරම්භක පිතිහරණයක නියැළුනේ ය.1979 තරඟාවලිය ආරම්භ කල ග්‍රීන්ඩිජ් කඩුළු 9ක ජයග්‍රහණයක් ඉන්දියාව හමුවේ අත් කරගත් අතර, ඔහු මෙහිදී හේන්ස් සමඟ ලකුණු 138ක සබඳතාවක්ද පවත්වා ගත්තේ ය. අර්ධ අවසාන පූර්ව තරඟයේදී ලකුණු 132ක් ඉලක්කයක් හමුවේ ඔහු ලකුණු 73ක් රැස් කර ගැනීමට සමත් විය. තරඟාවලිය අවසානයේ ලකුණු 253ක් රැස් කර ගනිමින් ඔහු තරඟාවලියේ වැඩිම ලකුණු ලබන්නා බවට පත් විය. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 84.33ක් විය. 1983 දී ඔහු ලැරී ගෝමස් සමඟ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ලකුණු 195*ක සබදතාවක් පවත්වා ගෙන ගියේ ය. 1983දී ඔහු ලකුණු 250 ක් රැස් කරගනිමින් ඔහු ක්‍රීඩා කල සමස්ත ලෝක කුසලාන තරඟ ලකුණු ප්‍රමාණය ලකුණු 591ක් බවට පත් කරගත්තේ 45.46ක ලකුණු ලබා ගැනීමේ වේගයකිනි.

 

ඩේවිඩ් බූන් (ඔස්ට්‍රේලියානු කණ්ඩායම )

ටැස්මේනියාවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එක් වූ, කැපීපෙනෙන රැව්ලක් සහ ශරීරයක් ඇති ඩේවිඩ් බූන් ඔහුගේ පළමු ලෝක කුසලාන තරඟාවලියක ක්‍රීඩා කරන්නේ 1987 ඇලන් බෝඩර්ගේ නායකත්වය යටතේ ය. ගියෝෆ් මාර්ශ් සමඟින් ආරම්භක පිතිකරු ලෙස සහභාගී වන මොහු තරඟාවලිය අවසානයේ අර්ධ ශතක 4ක් ද සමඟ රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 447කි(වේගය 55.87). අර්ධ අවසාන තරඟයේ දී පකිස්තාන කණ්ඩායමට එරෙහිව කඩුළු 8ක් දැවී රැස් කරගත් ලකුණු 267ට, ඔහු ලබාගත් ලකුණු 65 ඉමහත් රුකුලක් විය. එපමණක් නොව එංගලන්ත කණ්ඩායම හමුවේ ඔහු ලබාගත් ලකුණු 75 ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කඩුළු 7ක ජයග්‍රහණයට මාහත්සේ ප්‍රයෝජනවත් විය. 1987 අවසාන තරඟයේදී ඔහු තරඟයේ වීරයා බවටද පත් විය. 1989 අළු බඳුන තරඟාවලියට පසු නැවතත් 1992 ලෝක කුසලාන තරඟාවලිය සඳහා එංගලන්තයට පැමිනෙන ඔහු, නවසීලන්ත කණ්ඩායමට එරෙහි පළමු තරඟයේදිම ශතකයක් වාර්තා කිරීමට සමත් විය. තරඟ 16කදී ශතක 2ක් හා අර්ධ ශතක 5ක් රැස් කරගත් බූන් ලකුණු 815ක් (වේගය 54.33) රැස් කරගනිමින් ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ නොමැකෙන පුදිගලයෙකු බවට පත් විය.

 

විවියන් රිචාර්ඩ්ස් (බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම)

“විව් රිචර්ඩ්ස්” හට එතෙක් සිටි ක්‍රිකට් ශුරයින් අතර ප්‍රමුඛස්ථානයක් ගැනිම ඉතා ලෙහෙසි කාර්ය‍යක් විය. ඇන්ටිගුවානු ජාතික මෙම අසහාය ක්‍රිඩකයා තමාට එරෙහිව පන්දු යවන ඕනැම ක්‍රිඩකයෙකු විනාශ කිරිමට වග බලා ගත්තේය. කෙසෙනමුත් විව් රිචර්ඩ්ස් සැම විටම ක්‍රිඩා පිටියේ දස්කම් පැවේ පන්දු රැකිමෙන්ය. 1975දි අවසාන තරගයේ ඔහු දුවද්දි දවාගැනිම් 3ක් ලබා ගත්තේය. ඔහුගේ පන්දුවට පහර දිමේ දස්කම් සැමට දැකගැනිමට හැකි වුයේ 1979දි අවසන් තරගයෙදිය. කොදෙව්වන් එම අවසන් තරගයේදි කඩුළු 4ක් දැවි  ලකුණු 99ක් පමණක් රැස් කර සිටියේය. විව් රිචර්ඩ්ස් හා කොලිස් කින්ග් එක්ව ලකුණු 139ක් රැස් කලේය. විව් රිචර්ඩ්ස් නොදැවි ලකුණු 138ක් රැස් කල අතර ඔහු 1979දි ලෝක කුසලානයේදි ලකුණු 217ක් රැස් කලේ 108.5ක සාමන්‍යයක් රදවාගමින්ය. ලැරි ගෝමස් හා එක්ව ඔහු ලකුණු 132ක් රැස් කල අතර විව් රිචර්ඩ්ස් පමණක් ලකුණු 80ක් රැස් කරමින් පකිස්ථානය සමග පැවැති අවසන් පුර්ව තරගයෙන් ජය තහවුරු කර ගැනිමට සමත් විය. 1983දි රිචර්ඩ්ස් ලකුණු 367ක් ද 87දි ලකුණු 391ක් ලබා ගත්තේ ලංකාවට එරෙහිව කරච්චි හිදි ලකුණු 181ක් රැස් කරමින් ය. ශතක 3ක් හා අර්ධ ශතක 5ක් සමගින් රිචර්ඩ්ස් ලෝක කුසලාන තුලදි ලබා ගෙන ඇත. ඔහු ලෝක කුසලාන ඉනිම් 20කදි ලකුණු 63.31ක සාමාන්‍යයක් ලබා ගෙන ඉදිරියෙන්ම සිටියි.

 

ක්ලයිව් ලොයිඩ් (බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම) – නායක 

තොරතුරු හා වාර්තා පසෙකලා බැලුවොතින් ක්ලයිව් ලොයිඩ් යනු ක්‍රිකට් ලෝක කුසලාන ආරම්භක යුගයේ සිටි බොහෝ සෙයින් කැපීපෙන චරිතය යි. අඩ් 6යි අඟල් 5ක උසකින් යුක්ත වූ මොහු කොදෙව් කණ්ඩායම ක්‍රිකට් කුසලාන අවසාන තරඟ 3කට රැගෙන ගියේය. 1970 යුගයේදී කොදෙව් කණ්ඩායමේ නායකත්වය ඉසිලූ දෙවතාවක් ලෝක කුසලානය ජයග්‍රහණය කල මෙම නායකයා පිටියේදී විශේෂ අවධානයක් ලබා ගැනීමට සමත් වූයේ ඔහුගේ මනා පෞශත්වය නිසාවෙනි. 1975දී කුසලානය ජයග්‍රහණය කිරීමට ඔහු රැස් කරගත් ශතකය මනා රුකුලක් විය. 1983 ලෝක කුසලානයේදී 5 වතාවක් උඩ පන්දු රැකගනීමට සමත් වූ ඔහු, ලෝක කුසලාන ඉණිම 11ක් ඇතුලතදී ලකුණු 393ක් රැස් කර ගත්තේ ය.

 

ග්‍රැහැම් ගූච් (එංගලන්ත කණ්ඩායම)

එංගලන්ත කණ්ඩායමේ සිටි පිතිකරුවන් අතරින් මහත්සේ අවධානයට ලක් වූ ක්‍රීඩකයෙකු වූ මොහු ලෝක කුසලාන ඉතිහාසයේ තවත් එක් අවාසනාවන්ත පුද්ගලයෙකු යැයි කීවෝතින් නිවැරදිය. ක්‍රිකට් කුසලාන අවසාන තරඟ තුනක ක්‍රීඩා කල ඔහු, එම තුන් වතාවේම පරාජය වූ කණ්ඩායමේ ක්‍රීඩා කල හෙයින් ඔහු තරඟ 21ක් තුල ලබාගත් සම්පූර්ණ ලකුණු වූ 897 (වේගය 44.85) යහපත් අවධානයක් නොලැබුණි. 1979 කුසලානයේදී ලකුණු 210 රැස් කර ගත් ඔහුගේ වේගය වූයේ 52.5කි. 1983 තරඟාවලියේ ඔහු ක්‍රීඩා නොකලත්, 1987 ලෝක කුසලාන තරඟාවලියේ තරඟ 8කදී ලකුණු 471ක් (වේගය 58.87) ලබා ගනිමින් තරඟයේ වැඩිම ලකුණු ලබන්නා විය. අර්ධ අවසාන පූර්ව තරඟයේ ඉන්දියාවට එරෙහිව ලබාගත් ලකුණු 115ද මීට ඇතුලත් විය.

 

ඉම්‍රාන් ඛාන් (පකිස්තාන කණ්ඩායම)

1992 ලෝක කුසලාන ආරම්භයෙදි අවසාන ස්ථානයේ සිට මුලටම පැමිණිමට තම කණ්ඩායමට නායකත්වය දුන් ඔහුව කිසිකෙනෙකුටවත් අමතක නොවෙනු ඇති. ඔහු තම මංගල තරගය ක්‍රිඩා කලේ 1975දිය. එම තරගයෙදි කඩුළු 5ක් දවා ගත් ඔහු නැවතත් එම වික්‍රමය 1979දි ප්‍රදර්ශනය කලේය. පිත්තෙන් ලකුණු 283ක් 1983දි ඔහු රැස් කලේ ලංකාවට එරෙහිව ශතකයක්ද රැස් කරමින්ය. ඔහුගේ සාමාන්‍ය 70.75ක් විය. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතා සියල්ලන්ටම පෙන්වුයේ තරගාවලියේදි උඩ පන්දු 4ක් රැක ගනිමින්ය. ක්‍රේග් මැක්ඩර්මොට් හට පමණක් දෙවැනි වෙමින් 1987දි ඔහු කඩුළු 17ක් ලබා ගත්තේය. ඔහු ලෝක කුසලාන තරග වලදි ලකුණු 666ක් හා කඩුළු 34ක් ලබා ගෙන ඇති අතර ඔහුගෙ තුන් ඉරියව් සාමාන්‍ය වන්නේ 19.26කි. එය දෙවැනි වන්නේ මැක්ග්‍රාත්ට පමණි.

ක්‍රිඩා දිවියේ අවසාන අදියරයේදි, එනම් 39වන වියේදි ඔහු තම කණ්ඩායම ලැබු එකම ලෝක කුසලාන ජයට නායකත්වය දිමට 1992දි සමත් විය. තමන්හට ලැබෙන සියළු මුදල් තම  මව සිහිපත් කොට පිළිකා රොහලක් ඉදිකිරිමට ඔහු තිරණය කලේ කුසලානය මෙල්බර්න් අහසට එසවිමට පෙරය.

 

කපිල් දේව් (ඉන්දියානු කණ්ඩායම)

කපිල් දේව් හා ඔහුගේ කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය කැළඹීමට සමත්වූ කණ්ඩායමකි. ඔහුගේ කාලසීමාව ඇතුලත, කපිල් දෙව් ඉණිම 20ක් ඇතුලත ලකුණු ලබා ගැනීමේ වේගය 115.14ක් ද අතැතිව ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ දැනට වර්තා ගත වැඩිම ලකුණු වන ලකුණු 669ක් රැස් කර ගත්තේ ය. 1983දී සිම්බාබ්වේ-ඉන්දියා තරඟයේ ඉන්දියානු කණ්ඩායම පස් දෙනෙකු දැවී ලකුණු 17ක් ලබා ගෙන සිටියදී පිටියට පිවිසෙන කපිල් දෙව් පන්දු 138කින් ලකුණු 175ක් රැස් කර ගත්තේ ය. අවසාන තරඟයේ ඔහු රැක ගත් පන්දුව නිසාවෙන් විවියන් රිචර්ඩ්ස් දැවී යාම ඉන්දියානු කණ්ඩායමේ ජය තීරණය කලේය. දේව්ගේ ජයග්‍රාහී ගිම්හානය ඇතුලත ඔහු ලකුණු 303(වේගය 60.6), කඩුළු 12 (වේගය 20.41), උඩ පන්දු 7 හා දැඩි නායකත්වය  ප්‍රබල කොද්විවන් පරාජය කිරීමට ඉවහල් විය.

 

රොඩ් මාර්ශ් (ඔස්ට්‍රේලියානු කණ්ඩායම)

මෙම කාල සීමාවෙ විශිෂ්ටතම ක්‍රිඩක පෙලට ඕස්ට්‍රේලියානු කඩුළු රකින ක්‍රිඩක රොඩ් මාර්ෂ් සිටිම අත්‍යාවශ්‍ය වෙයි. තම කාලයේ සිටි විශිෂ්ටතම කඩුළු රකින්නෙකු වූ ඔහු, ටෙස්ට් පිටියේදි කඩුළු 355ක් රැක් ඇත. ඔහුගේ පන්දු රැකිම් සැමගේ කතාබහට මෙන්ම අවධානයටද ලක්විය. 1975 දි තරග 5කදි ඔහු කඩුළු 10ක් දවා ගත්තේ උඩ පන්දු 9ක් හා කඩුල්ල පිටුපස සිට එක් වරක් කඩුළු බිද දමමින්ය. 1979දි ලෝක කුසලානය ඔහුට මග හැරුනද, 1983දි ඔහු නැවත් දවා ගැනිම් 8කට සම්බන්ධ වි ලෝක කුසලාන ඉනිම් 11කදි කඩුළු 18ක් ලබා ගැනිමට සම්ත් විය. ඔහුගෙ කඩුළු ලබා ගැනිමේ වෙගය තරගයකදි 1.636 විය. ඔහු තම අවසන් ලෝක කුසලානයෙදි පිත්තෙන් දස්කම් පැවේ තරග 6කදි ලකුණු 142ක් ලබා ගනිමින්ය.

 

ජාවෙඩ් මියන්ඩාඩ් (පකිස්තනු කණ්ඩායම)

මොහු ක්‍රිකට් ලෝක කුසලාන 6ක ක්‍රීඩා කල පළමු ක්‍රීඩකයා ලෙස ඉතිහාස ගත විය. 1975 කුසලානයේ ක්‍රීඩා කිරීමට 18 හැවරදි ජාවෙඩ් ම්යන්ඩාඩ් එංගලන්තයට පැමිනියේ ය. ඔහුගේ 1983 ලෝක කුසලානයේ ලකුණු ලබාගැනීමේ වේගය වූ 43.32 ඔහු ලබා ගන්නේ ඉණිම 30ක් ඇතුලතදී ය. වයසත් සමඟ පරිණත වන මියන්ඩාඩ් තරඟ 6ක් ඇතුලතදී ලකුණු 220ක් 1983 ලෝක කුසලාන තරඟාවලියේදී රැස් කර ගත්තේ ය. 1987 ලෝක කුසලාන ආරම්භක තරඟයෙදී ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් වාර්තා කරන ඔහු, අර්ධ අවසාන පූර්ව තර්ඟයේදී ඉතා අපහසු ලකුණු 70ක් රැස් කර ගත්තේය. 1987දී ඔහු වාර්තා කල සම්පූර්ණ ලකුණු වූයේ ලකුණු 274කි. ඔහුගේ කුසලාන සිහිණය සැබෑ වෙන්නේ 1992 ලෝක කුසලානය පකිස්තානය විසින් ජයග්‍රහණය කිරීමත් සමඟය, මෙම තරඟාවලියේදී ඔහු ලකුණු 437ක් (වේගය 62.42) රැස් කර ගත්තේ ය. අව්සාන මහා තරඟයේ මියන්ඩාඩ් හා නායක ඉම්‍රාන් ඛාන් අතර 138ක සබදතාව ශක්තිමත් කිරීමට මියන්ඩාඩ් රැස් කල ලකුණු 58 ඉමහත් රුකුලක් විය.

 

ඇන්ඩි රොබර්ට්ස් (බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම)

පන්දු යවන්නන්ගේ බළඇණියේ බර්නාඩ් ජුලියන්, කීත් බොයිස්, ජෝල් ගාර්නර් හා මයිකල් හෝල්ඩින් සමග පෙරමුණේ සිටිමට ඇන්ඩි රොබර්ට්ස් සමත් විය. සෑම පිතිකරුවකුටම තර්ජනයක්  වූ මොහු පිතිකරුවන්ගෙන් දුරස්ව සිටියේ යාර 22කින් පමණි. 1975දි කඩුළු 8ක් බිද හෙළු මොහු ඉන් නොනැවති 79දි කඩුළු 7ක්ද, 83දි කඩුළු 11ක්ද තම නමට එක් කලේය. ලෝක කුසලාන තර 16කදි කඩුළු 26ක් ලබා ගත් ඔහුගේ සාමාන්‍යය 21.23 වන අතර ලෝක කුසලාන ඉතිහාසයේ හොදම දළ ලකුණු වෙගය වන 3.24 ද හිමි වන්නේ ඔහුටය. ඔහුගේ වෙගයට  ඕනැම ප්‍රබල පිතිකරුවෙකු මෙල්ල කිරිමේ හැකියාව තිබිණි.

 

අබ්දුල් කදීර් (පකිස්තානු කණ්ඩායම)

පකිස්ථානය තුලින් විශිෂ්ට දග පන්දුයවන්නන් බිහි වි ඇති අතර අබ්දුල් කාඩිර් ඒ අතරින් ප්‍රමුඛ තැනක් ගනියි. මොහු ටික කලකින් දග පන්දු යැවිම අති දක්ශ ලෙසින් ප්‍රගුණ කලේය. ඔහුගෙ ගුග්ලි පන්දුව, ෆ්ලිපර් පන්දුව හා ටොප් ස්පින් පන්දුවට මුහුණ දිමට ප්‍රබල පිතිකරුවන්ද අදිමදි කලේය. 1983දි නවසීලන්තයට එරෙහිව මංගල එක්දින වරම් ලැබු ඔහු පලමු තරගයෙදිම කඩුළු 4ක් දවා ගත්තේ ලකුණු 21කටය. ලීඩ්ස් හිදි ශ්‍රි ලංකාවට එරෙහිව තම පිලේ කඩුළු රකින්නා සමග එක්ව ලකුණු 44කට කඩුළු 5ක් බිද දැමිය.මෙම තරගාවලියේදි ඔහු කඩුළු 12ක් තම නම ඉදිරියෙන් ලියාගත් අතර, 1987 දි තරග 5කදි ඔහු තව කඩුළු 12ක් දව ගත්තේ  3.55ක දළ ලකුණු වෙගයක් පවත්වා ගනිමින්ය. ඔහු රාවල්පින්ඩි හිදි එංගලන්තයට එරෙහිව ලකුණු 31කට ලබා ගත් කඩුළු 4 සියල්ලගේ අවධානයට ලක් විය. ඔහුගෙ කෙටි කාලයේදි ලෝක කුසලාන කඩුලු 24ක් ලබා ගැනිමට ඔහු ක්‍රිඩා කලේ ඉනිම් 13ක් පමණි. මෙවැනි කෙටි කාලයක් ක්‍රිඩා කලද, ඔහු කිසිද නොමැකෙන නාමයක් ක්‍රිකට් ක්‍රිඩාව තුලින් දිනා ගත්තේ එවකට සිටි විශිෂ්ට දග පන්දු යවන්නෙකු ලෙසින්ය.