ආධුනික අංශයේ දිස්ත්‍රික් වොලිබෝල් ශූරයෝ ජාතික වටයට

527
ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවේ තවත් දැවැන්ත තරගාවලියක් වන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ දිස්ත්‍රික් මට්ටමේ තරග පසුගිය ඔක්තෝම්බර් මස 16 වැනිදා මහරගම නීලම්මහර ක්‍රීඩාංණයේදී ආරම්භ විය. දිස්ත්‍රික්ක 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා සිට 30 වැනිදා දක්වා මෙම අංශයේ තරග පවත්වනු ලැබීය. පසුගිය ලිපි: යුද හමුදා සංඥා බලකා සහ කපිල ක්‍රීඩා සමාජයන් පෙරමුණේ පිරිමි අංශය දිස්ත්‍රික් තරග ආරම්භ කරමින් පිරිමි අංශයේ ප්‍රථම තරගය මහරගම නීලම්මහර ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ බියගම ඕෂන් ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු අතර එහි ශූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී. කලුතර දිස්ත්‍රික්ක තරගය පැවැත්වුයේ ලකී සික්ස් ක්‍රීඩා සමාජය සහ වාසනා බේකර් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගයෙන් ලකී සික්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගන්නා ලදී. මෙම තරගය ගෝවින්න වාසනා ක්‍රීඩා පිටියේදී පැවැත්විය. මෙම දිස්ත්‍රික් තරගවලියේ තවත් තරගයක් පැවැතියේ ගම්පහ හෙයියන්තුඩුව ක්‍රීඩා පිටියේදීය. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. මාතලේ දිස්ත්‍රික්කයේ වල්ගම්වැව ශාන්ත ක්‍රීඩා සමාජය සහ කාශ්‍යප ලයන් රොක් (Lion Rock) ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් වල්ගම්වැව ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය හිමිවිය. මෙම තරගාවලියේ සමස්ථ දිස්ත්‍රික්ක 25ක් අතුරින් 24ක, පිරිමි අංශයේ ශූරයින් සහ අනුශූරයින් පහතින් දක්වා ඇත. දිස්ත්‍රික්කය ශූරතාවය අනුශූරතාවය කොළඹ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම බියගම ඕෂන් ලංකා කණ්ඩායම කලුතර ලකී සික්ස් ක්‍රීඩා සමාජය වාසනා බේකර් ක්‍රීඩා සමාජය ගම්පහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම - CLI ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මහනුවර මත්තේගම Vaugners ක්‍රීඩා සමාජය මැණික්දිවෙල රණමයුර ක්‍රීඩා සමාජය මාතලේ වල්ගම්වැව ශාන්ත ක්‍රීඩා සමාජය කාශ්‍යප Lion Rock ක්‍රීඩා සමාජය නුවරඑළිය වටගොඩ Tamil Youth ක්‍රීඩා සමාජය උඩුපුස්සැල්ලෑව “Mellodians” ක්‍රීඩා සමාජය ගාල්ල බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය ගෝනවල දීප්ති ක්‍රීඩා සමාජය මාතර දෙනියාය ක්‍රීඩා සමාජය River side ක්‍රීඩා සමාජය හම්බන්තොට වලස්මුල්ල අරුණ ක්‍රීඩා සමාජය කරන්දෙනිය රන්තරු ක්‍රීඩා සමාජය රත්නපුර සරත් James ක්‍රීඩා සමාජය කුරුවිට CSD ක්‍රීඩා සමාජය කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය රුවන්වැල්ල තැපැල් කාර්යාලීය කණ්ඩායම අනුරධපුරය සිරිමාපුර එක්සත් ක්‍රීඩා සමාජය යාය 6 අකලංක ක්‍රීඩා සමාජය පොළොන්නරුව හිඟුරක්ගොඩ ක්‍රීඩා සමාජය රන්දුනු ක්‍රීඩා සමාජය කුරුණෑගල යුධ හමුදා විජයබාහු ක්‍රීඩා සමාජය New Star “A” ගල්ගමුව, බෝයගනේ පුත්තලම මාදම්පේ New 6 ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව මොණරාගල මොණරාගල මහනාම ක්‍රීඩා සමාජය SSC ක්‍රීඩා සමාජය බදුල්ල වේවැස්ස විවේකානන්ද ක්‍රීඩා සමාජය “New Barathi” ක්‍රීඩා සමාජය ත්‍රිකුණාමලය නැගෙනතරු ක්‍රීඩා සමාජය කේවලාරි ක්‍රීඩා සමාජය මඩකලපුව රශ්මි ක්‍රීඩා සමාජය වාලච්චේන YSSC ක්‍රීඩා සමාජය අම්පාර අරුණ ක්‍රීඩා සමාජය උහන Super Kings ක්‍රීඩා සමාජය යාපනය අවරංගල් හිංදු ක්‍රීඩා සමාජය අවරංගල් Central ක්‍රීඩා සමාජය කිලිනොච්චිය පුතියභාරතී ක්‍රීඩා සමාජය කුරින්චි ක්‍රීඩා සමාජය වව්නියාව Omega line ක්‍රීඩා සමාජය වව්නියාව පොලිස් ක්‍රීඩා සමාජය මන්නාරම මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ශාන්ත මේරි ක්‍රීඩා සමාජය කාන්තා අංශය මෙම තරගාවලියේ කාන්තා ප්‍රථම තරගය පැවතියේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාල කණ්ඩායම අතරයි. මෙම තරගය ජයගන්නට සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය සමත් විය. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා ශූරියන් වන්නට කපිල ක්‍රීඩා සමාජය සමත් විය. පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය සහ පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය අතර තියුණු සටනකින් පසු නිමාවට පත් වූයේ පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය කලුතර දිස්ත්‍රික්කයේ ශූරියන් බවට පත්කරමිනි. මෙම දිස්ත්‍රික් තරගාවලියේ මාතලේ දිස්ත්‍රික් ජය හිමි කරගන්නට සමත් වූයේ පල්ලේපොල රුසිගම විද්‍යාලයයි. ඒ එම දිස්ත්‍රික්කයේම මඩවල ද්වීතීක පාසල පරාජයට පත් කරමිනි. ගාල්ල දිස්ත්‍රික් ශූරතාවය ගෝනපිනුවල Vougtax ගාමන්ට් කණ්ඩායම දිනා ගන්නා විට සීනිගම විමලබුද්ධි ක්‍රීඩා සමාජය අනුශූරියන් බවට පත්විය. මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ දිස්ත්‍රික් මට්ටමේ දිස්ත්‍රික්ක 25 අතුරින් 24ක, කාන්තා අංශයේ ශූරියන් සහ අනුශූරියන් පහතින් දැක්වේ. දිස්ත්‍රික්කය ශූරතාවය අනුශූරතාවය කොළඹ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පන්නිපිටිය ධර්මපාල විද්‍යාල කණ්ඩායම කලුතර පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය ගම්පහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම මහනුවර Omega line ක්‍රීඩා සමාජය පැල්ලේකැලේ MAS Linia ක්‍රීඩා සමාජය මාතලේ පල්ලේපොල රුසිගම විද්‍යාලය මඩවල ද්වීතීයික පාසල නුවරඑළිය හෙරමඩුල්ල Madulance ක්‍රීඩා සමාජය හෙරමඩුල්ල Madulance ක්‍රීඩා සමාජය ගාල්ල ගෝනපිනුවල Vougtex ගාමන්ට් කණ්ඩායම සීනිගම විමලබුද්ධි ක්‍රීඩා සමාජය මාතර දික්වැල්ල විජිත ක්‍රීඩා සමාජය දෙනියාය ශාන්ත මැතිව්ස් ක්‍රීඩා සමාජය හම්බන්තොට හුංගම විජයබා ක්‍රීඩා සමාජය හුංගම විජයබා පාසල් ක්‍රීඩා සමාජය රත්නපුර ඇහැළියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය වේවැල්කදුර එකමුතු ක්‍රීඩා සමාජය කෑගල්ල බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය කොටලුගොඩකන්ද කණිෂඨ විද්‍යාලය අනුරධපුරය අනුරාධපුර Central ක්‍රීඩා සමාජය සිරිමාපුර එක්සත් ක්‍රීඩා සමාජය පොළොන්නරුව විජයරාජ ක්‍රීඩා සමාජය රන්දුනු ක්‍රීඩා සමාජය කුරුණෑගල Casualine “B” ක්‍රීඩා සමාජය මාවතගම “A” ක්‍රීඩා සමාජය පුත්තලම තුඩුවාව ශාන්ත ඇන්තනී ක්‍රීඩා සමාජය මොණරාගල මැදගම පිවිතුරු ක්‍රීඩා සමාජය මැදගම සෞඛ්‍ය සේවා කණ්ඩායම බදුල්ල අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය හේවානකුඹුර දිලෙන තරු ක්‍රීඩා සමාජය ත්‍රිකුණාමලය ෆාතිමා ක්‍රීඩා සමාජය මිහිදුපුර ක්‍රීඩා සමාජය මඩකලපුව අරුණ ක්‍රීඩා සමාජය රශ්මි ක්‍රීඩා සමාජය අම්පාර උහන Super Kings ක්‍රීඩා සමාජය පැරඩයිස් ක්‍රීඩා සමාජය යාපනය කන්කසන්තුරෙයි එක්සත් ක්‍රීඩා සමාජය කෝපායි Kmb- Karis ක්‍රීඩා සමාජය කිලිනොච්චිය අතිසායම් ක්‍රීඩා සමාජය පලායි Central ක්‍රීඩා සමාජය වව්නියාව වව්නියාව සිරිසුමන ක්‍රීඩා සමාජය වව්නියාව සිරි සුමන විද්‍යාලය මන්නාරම ශාන්ත මේරි ක්‍රීඩා සමාජය තොඩ්ඩවේලි එක්සත් ක්‍රීඩා සමාජය ආධුනික අංශයේ සමස්ත ලංකා තරග හෙට (12) සහ අනිද්දා (13) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි. තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න - වොලිබෝල් ක්‍රීඩා පිටුවට

ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩාවේ තවත් දැවැන්ත තරගාවලියක් වන මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ ආධුනික අංශයේ දිස්ත්‍රික් මට්ටමේ තරග පසුගිය ඔක්තෝම්බර් මස 16 වැනිදා මහරගම නීලම්මහර ක්‍රීඩාංණයේදී ආරම්භ විය.

දිස්ත්‍රික්ක 25ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා සිට 30 වැනිදා දක්වා මෙම අංශයේ තරග පවත්වනු ලැබීය.

පසුගිය ලිපි: යුද හමුදා සංඥා බලකා සහ කපිල ක්‍රීඩා සමාජයන් පෙරමුණේ

පිරිමි අංශය

දිස්ත්‍රික් තරග ආරම්භ කරමින් පිරිමි අංශයේ ප්‍රථම තරගය මහරගම නීලම්මහර ක්‍රීඩාංණයේදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම සහ බියගම ඕෂන් ලංකා කණ්ඩායම අතර පැවැත්වුනු අතර එහි ශූරතාවය ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

කලුතර දිස්ත්‍රික්ක තරගය පැවැත්වුයේ ලකී සික්ස් ක්‍රීඩා සමාජය සහ වාසනා බේකර් ක්‍රීඩා සමාජය අතරයි. එම තරගයෙන් ලකී සික්ස් ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගන්නා ලදී. මෙම තරගය ගෝවින්න වාසනා ක්‍රීඩා පිටියේදී පැවැත්විය.

මෙම දිස්ත්‍රික් තරගවලියේ තවත් තරගයක් පැවැතියේ ගම්පහ හෙයියන්තුඩුව ක්‍රීඩා පිටියේදීය. එහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

මාතලේ දිස්ත්‍රික්කයේ වල්ගම්වැව ශාන්ත ක්‍රීඩා සමාජය සහ කාශ්‍යප ලයන් රොක් (Lion Rock) ක්‍රීඩා සමාජය අතර පැවැති තරගයෙන් වල්ගම්වැව ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය හිමිවිය.

මෙම තරගාවලියේ සමස්ථ දිස්ත්‍රික්ක 25ක් අතුරින් 24ක, පිරිමි අංශයේ ශූරයින් සහ අනුශූරයින් පහතින් දක්වා ඇත.

දිස්ත්‍රික්කය ශූරතාවය අනුශූරතාවය
කොළඹ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම බියගම ඕෂන් ලංකා කණ්ඩායම
කලුතර ලකී සික්ස් ක්‍රීඩා සමාජය වාසනා බේකර් ක්‍රීඩා සමාජය
ගම්පහ ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම – CLI ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම
මහනුවර මත්තේගම Vaugners ක්‍රීඩා සමාජය මැණික්දිවෙල රණමයුර ක්‍රීඩා සමාජය
මාතලේ වල්ගම්වැව ශාන්ත ක්‍රීඩා සමාජය කාශ්‍යප Lion Rock ක්‍රීඩා සමාජය
නුවරඑළිය වටගොඩ Tamil Youth ක්‍රීඩා සමාජය උඩුපුස්සැල්ලෑව “Mellodians” ක්‍රීඩා සමාජය
ගාල්ල බෙන්තොට සාගර ක්‍රීඩා සමාජය ගෝනවල දීප්ති ක්‍රීඩා සමාජය
මාතර දෙනියාය ක්‍රීඩා සමාජය River side ක්‍රීඩා සමාජය
හම්බන්තොට වලස්මුල්ල අරුණ ක්‍රීඩා සමාජය කරන්දෙනිය රන්තරු ක්‍රීඩා සමාජය
රත්නපුර සරත් James ක්‍රීඩා සමාජය කුරුවිට CSD ක්‍රීඩා සමාජය
කෑගල්ල රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලය රුවන්වැල්ල තැපැල් කාර්යාලීය කණ්ඩායම
අනුරධපුරය සිරිමාපුර එක්සත් ක්‍රීඩා සමාජය යාය 6 අකලංක ක්‍රීඩා සමාජය
පොළොන්නරුව හිඟුරක්ගොඩ ක්‍රීඩා සමාජය රන්දුනු ක්‍රීඩා සමාජය
කුරුණෑගල යුධ හමුදා විජයබාහු ක්‍රීඩා සමාජය New Star “A” ගල්ගමුව, බෝයගනේ
පුත්තලම මාදම්පේ New 6 ක්‍රීඩා සමාජය ශ්‍රී ලංකා යුද හමුදා සිංහ රෙජිමේන්තුව
මොණරාගල මොණරාගල මහනාම ක්‍රීඩා සමාජය SSC ක්‍රීඩා සමාජය
බදුල්ල වේවැස්ස විවේකානන්ද ක්‍රීඩා සමාජය “New Barathi” ක්‍රීඩා සමාජය
ත්‍රිකුණාමලය නැගෙනතරු ක්‍රීඩා සමාජය කේවලාරි ක්‍රීඩා සමාජය
මඩකලපුව රශ්මි ක්‍රීඩා සමාජය වාලච්චේන YSSC ක්‍රීඩා සමාජය
අම්පාර අරුණ ක්‍රීඩා සමාජය උහන Super Kings ක්‍රීඩා සමාජය
යාපනය අවරංගල් හිංදු ක්‍රීඩා සමාජය අවරංගල් Central ක්‍රීඩා සමාජය
කිලිනොච්චිය පුතියභාරතී ක්‍රීඩා සමාජය කුරින්චි ක්‍රීඩා සමාජය
වව්නියාව Omega line ක්‍රීඩා සමාජය වව්නියාව පොලිස් ක්‍රීඩා සමාජය
මන්නාරම මුල්ලිකුලම් ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය ශාන්ත මේරි ක්‍රීඩා සමාජය

කාන්තා අංශය

මෙම තරගාවලියේ කාන්තා ප්‍රථම තරගය පැවතියේ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාල කණ්ඩායම අතරයි. මෙම තරගය ජයගන්නට සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය සමත් විය. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ කාන්තා ශූරියන් වන්නට කපිල ක්‍රීඩා සමාජය සමත් විය.

පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය සහ පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය අතර තියුණු සටනකින් පසු නිමාවට පත් වූයේ පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය කලුතර දිස්ත්‍රික්කයේ ශූරියන් බවට පත්කරමිනි.

මෙම දිස්ත්‍රික් තරගාවලියේ මාතලේ දිස්ත්‍රික් ජය හිමි කරගන්නට සමත් වූයේ පල්ලේපොල රුසිගම විද්‍යාලයයි. ඒ එම දිස්ත්‍රික්කයේම මඩවල ද්වීතීක පාසල පරාජයට පත් කරමිනි. ගාල්ල දිස්ත්‍රික් ශූරතාවය ගෝනපිනුවල Vougtax ගාමන්ට් කණ්ඩායම දිනා ගන්නා විට සීනිගම විමලබුද්ධි ක්‍රීඩා සමාජය අනුශූරියන් බවට පත්විය.

මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ දිස්ත්‍රික් මට්ටමේ දිස්ත්‍රික්ක 25 අතුරින් 24ක, කාන්තා අංශයේ ශූරියන් සහ අනුශූරියන් පහතින් දැක්වේ.

දිස්ත්‍රික්කය ශූරතාවය අනුශූරතාවය
කොළඹ සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය පන්නිපිටිය ධර්මපාල විද්‍යාල කණ්ඩායම
කලුතර පානදුර අගමැති බාලිකා ක්‍රීඩා සමාජය පොතුපිටිය ලකී සික්ස් ක්‍රීඩා සමාජය
ගම්පහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම
මහනුවර Omega line ක්‍රීඩා සමාජය පැල්ලේකැලේ MAS Linia ක්‍රීඩා සමාජය
මාතලේ පල්ලේපොල රුසිගම විද්‍යාලය මඩවල ද්වීතීයික පාසල
නුවරඑළිය හෙරමඩුල්ල Madulance ක්‍රීඩා සමාජය හෙරමඩුල්ල Madulance ක්‍රීඩා සමාජය
ගාල්ල ගෝනපිනුවල Vougtex ගාමන්ට් කණ්ඩායම සීනිගම විමලබුද්ධි ක්‍රීඩා සමාජය
මාතර දික්වැල්ල විජිත ක්‍රීඩා සමාජය දෙනියාය ශාන්ත මැතිව්ස් ක්‍රීඩා සමාජය
හම්බන්තොට හුංගම විජයබා ක්‍රීඩා සමාජය හුංගම විජයබා පාසල් ක්‍රීඩා සමාජය
රත්නපුර ඇහැළියගොඩ ධර්මපාල ක්‍රීඩා සමාජය වේවැල්කදුර එකමුතු ක්‍රීඩා සමාජය
කෑගල්ල බෝයගම සිරිපැරකුම් ක්‍රීඩා සමාජය කොටලුගොඩකන්ද කණිෂඨ විද්‍යාලය
අනුරධපුරය අනුරාධපුර Central ක්‍රීඩා සමාජය සිරිමාපුර එක්සත් ක්‍රීඩා සමාජය
පොළොන්නරුව විජයරාජ ක්‍රීඩා සමාජය රන්දුනු ක්‍රීඩා සමාජය
කුරුණෑගල Casualine “B” ක්‍රීඩා සමාජය මාවතගම “A” ක්‍රීඩා සමාජය
පුත්තලම තුඩුවාව ශාන්ත ඇන්තනී ක්‍රීඩා සමාජය
මොණරාගල මැදගම පිවිතුරු ක්‍රීඩා සමාජය මැදගම සෞඛ්‍ය සේවා කණ්ඩායම
බදුල්ල අඹගස්දෝව ජනාධිපති විද්‍යාලය හේවානකුඹුර දිලෙන තරු ක්‍රීඩා සමාජය
ත්‍රිකුණාමලය ෆාතිමා ක්‍රීඩා සමාජය මිහිදුපුර ක්‍රීඩා සමාජය
මඩකලපුව අරුණ ක්‍රීඩා සමාජය රශ්මි ක්‍රීඩා සමාජය
අම්පාර උහන Super Kings ක්‍රීඩා සමාජය පැරඩයිස් ක්‍රීඩා සමාජය
යාපනය කන්කසන්තුරෙයි එක්සත් ක්‍රීඩා සමාජය කෝපායි Kmb- Karis ක්‍රීඩා සමාජය
කිලිනොච්චිය අතිසායම් ක්‍රීඩා සමාජය පලායි Central ක්‍රීඩා සමාජය
වව්නියාව වව්නියාව සිරිසුමන ක්‍රීඩා සමාජය වව්නියාව සිරි සුමන විද්‍යාලය
මන්නාරම ශාන්ත මේරි ක්‍රීඩා සමාජය තොඩ්ඩවේලි එක්සත් ක්‍රීඩා සමාජය

ආධුනික අංශයේ සමස්ත ලංකා තරග හෙට (12) සහ අනිද්දා (13) මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතයි.

තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් ක්‍රීඩා පිටුවට