Galle Gladiators​ට තවත් හිමිකරුවන් දෙදෙනෙක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

677

එළඹෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදිනු ලබන කණ්ඩායමක් වන Galle Gladiators කණ්ඩායමට තවත් සම හිමිකරුවන් දෙදෙනෙක් සම්බන්ධ වී තිබෙනවා.

Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir යන මහත්වරුන් දෙදෙනා මේ කණ්ඩාය​මේ හිමිකාරිත්වය දර​ණ Nadeem Omar සමඟ එක්වුණු නව සම හිමිකරුවන් වෙනවා.

  • Aziz Abdul Rahim Kassamali සහ Majid Bashir දෙදෙනා මෙහි සම හිමිකරුවන් වීමට කැඳවා තිබෙන්නේ Nadeem Omar විසින්.
  • පාකිස්තාන සුපර් ලීග් (PSL) හි Quetta Gladiators කණ්ඩායමේ හිමිකරු වන්නේ ​ද Nadeem Omar මහතායි.
  • Galle Gladiators කණ්ඩායමේ සමස්ත තක්සේරු ක​ළ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 82ක්.
  • Andre Fletcher, Andre Russell, Shahid Afridi සහ තවත් ජාත්‍යන්තර ක්‍රිකට් තරු රැසක් Galle Gladiators සඳහා එකතු කර ගැනීම ඔවුන්ගේ කණ්ඩායමේ දැක්ම වෙනවා.

පළමු වරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් දැක්වූ Galle Gladiators එහි අවසන් මහා තරගය දක්වා පැමිණ අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුනා. එවර කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කරනු ලැබුවේ හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක Wasim Akram මහතායි.

පළමු තරග වාරයේ දී කණ්ඩායමේ නායකත්වය දැරුවේ පාකිස්තානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Shahid Afridi විසින් වුවත් නොවැළැක්විය හේතුවක් නිසා ඔහුට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුන නිසා ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ හට එහි නායකත්වය හිමි වුනා.

PSL තරගාවලියේ හි Quetta Gladiators කණ්ඩායමේ ද හිමිකරු වන Omar මහතා සුප්‍රසිද්ධ පාකිස්තානු ව්‍යාපාරික විධායක නිලධාරියෙකු වන අතර ඔහු හිටපු ක්‍රීඩකයෙක් ද වෙනවා. ඔහු 2020 ඔක්තෝම්බර් මාසයේ සිට පාකිස්තානු scrabble සංගමයේ සභාපති ලෙස ද, 2018 මැයි සිට කරච්චි නගර ක්‍රිකට් සංගමයේ සභාපති වශයෙන් ද කටයුතු කරනු ලබනවා. ඔහු පාකිස්තානු ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා ද වෙනවා.

“LPL හි ඉදිරි තරගාවලිය අපට ඉතාමත් තීරණාත්මකයි, විශේෂයෙන් අපි පසුගිය තරගාවලියේ සටන් කළ ආකාරයට පසුව. Azam Khan, ධනංජය ලක්ෂාන් සහ සහන් ආරච්චිගේ වැනි තරුණ ක්‍රීඩකයින්ගේ කැපී පෙනෙන දස්කම් කිහිපයක් අපි දැකගත්තා.

LPL හි මීළඟ අදියරට එන විට අපට අවශ්‍ය වන්නේ ඉතාමත් හොඳ සටනක් ලබා දී LPL කුසලානය දිනා ගැනීමයි. ගාල්ල අවට ප්‍රේක්‍ෂකයින්ගෙන් අපට විශාල සහයෝගයක් ලැබුනත්, ඔවුන්ට ක්‍රීඩාංගණ තුළට යාමට ඉඩක් ලැබු​ණේ නැහැ. නමුත් ඔවුන් අපේ කණ්ඩායම හැකි උපරිමයෙන්ම දිරිගැන්වූ බව අපිට සමාජ මාධ්‍ය තුල දී දැකගැනීමට පුළුවන් වුනා”, යැයි Galle Gladiators හි ප්‍රධාන හිමිකරු වන Nadeem Omar මහතා මාධ්‍ය නිවේදනය සඳහා අදහස් දක්වමින් පවසා තිබෙනවා.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ජෛව ආරක්‍ෂිත බුබුලක් තුල පැවති ලංකා ප්‍රිමියර් ලීගයේ පළමු අදියර 2020 නොවැම්බර් 26 සිට දෙසැම්බර් 16 දක්වා රූපවාහිනිය, ඩිජිටල් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා මිලියන 557ක ජනතාවක් වෙත සමීප වුනා.

එම පළමු තරගාවලිය අවසානයේ දී LPL හි කණ්ඩායම්වල තක්සේරු ක​ළ වටිනාකම් පහත පරිදි වුනා,

  • Jaffna Stallions – ඇමරිකානු ඩොලර් මිලියන – 3.98
  • Galle Gladiators – ඇමරිකානු ඩොලර් මිලියන – 3.82
  • Dambulla Viiking (Dambulla Giants) – ඇමරිකානු ඩොලර් මිලියන – 3.54
  • Colombo Kings – ඇමරිකානු ඩොලර් මිලියන – 3.44
  • Kandy Tuskers  – ඇමරිකානු ඩොලර් මිලියන – 3.19

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<