Multan Sultans පළමු PSL ශූරතාවය දිනා ගනියි

පාකිස්තානු සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2021

90
PSL Twitter

6 වැනි වරට පැවැත්වුණු පාකිස්තානු සුපර් ලීග් (PSL) ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට Multan Sultans මෙරට වේලාවෙන් අද (25) සමත් වුනා. එහි දී ඔවුන් හමුවේ ලකුණු 47කින් පරාජයට පත්වෙමින් එහි අනුශූරතාවය දිනා ගත්තේ Peshawar Zalmi කණ්ඩායමයි.

Abu Dhabi හිදී පැවති මේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් Peshawar Zalmi කණ්ඩායමේ ආරාධනාවට අනුව Mohammad Rizwanගේ නායකත්වයෙන් යුත් Multan Sultans පළමුව පන්දුවට පහර දුන්නා. එහි දී ඔවුන් සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී එහි දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 206ක් ලබා ගත්තා.

Sohaib Maqsood පන්දු 35ක් සඳහා මුහුණ දෙමින් නොදැවී ලකුණු 65*ක් ලබා ගන්නා විට පන්දු 21කට මුහුණ දුන් Rilee Rossouw වේගවත් ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේ දී Peshawar Zalmi වෙනුවෙන් Sameen Gul සහ Mohammad Imran කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

තවත් ක්‍රිකට් පුවත්:

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Peshawar Zalmi සිය නියමිත පන්දුවාර විස්ස අවසානයේ දී කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 159ක් පමණයි. 4 පහර සහ 6 පහර 3ක් එල්ල කළ Shoaib Malik ලකුණු 48ක් ලබා ගන්නා විට සහ 39 හැවිරිදි Kamran Akmal ලකුණු 36ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Imran Tahir ලකුණු 33කට කඩුලු 3ක් බිද හෙළුවා. ඊට අමතරව Blessing Muzarabani සහ Imran Khan අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියා.

තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා – Sohaib Maqsood (Multan Sultans)

  • Multan Sultans – 206/4 (20): Sohaib Maqsood 65*, Rilee Rossouw 50, Shan Masood 37, Sameen Gul 2/26, Mohammad Imran 2/47.
  • Peshawar Zalmi – 159/9 (20): Shoaib Malik 48, Kamran Akmal 36, Rovman Powell 23, Imran Tahir 3/33, Blessing Muzarabani 2/26, Imran Khan 2/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<