පාකිස්තාන ක්‍රීඩකයෙකුට හෙපටයිටීස්

381
AFP

පාකිස්තානයේ නැගී එන දඟපන්දු යවන ක්‍රීඩක ශාදාබ් ඛාන් එංගලන්ත තරග සංචාරය සඳහා නම් කළ සංචිතයෙන් ඉවත් කළ බව පසුගිය දා ThePapare.com අප ඔබ වෙත වාර්තා කළෙමු.

එහි සඳහන් වූ පරිදි ඔහුට වයිරස් උණ රෝගයක් වැලඳී ඇති බව පැවසිනි. ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව සිදු කළ පරීක්ෂණයකින් පසුව අනාවරණය වී ඇත්තේ ඔහුට හෙපටයිටීස් රෝගය වැලඳී ඇති බවයි. දන්ත වෛද්‍යවරයකුගේ ජීවාණුහරණය නොකළ උපකරණයක් නිසා ඔහුට මෙම රෝගය වැලඳී ඇති බව හෙළිවී ඇත. ඒ අනුව ඔහු ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වීමට හෙපටයිටීස් සමඟින් සටන් කරමින් සිටියි.

පාකිස්තාන ක්‍රීඩකයෙකු ලෝක කුසලානය අස්සේ අසනීප වෙයි

පාකිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක ශඩාබ් ඛාන්ට එළඹෙන එංගලන්ත තරග සංචාරය අහිමි වී තිබේ. ඒ, ඔහු අසනීප තත්ත්වයකින් පසු වීම…

20 හැවිරිදි මේ දඟපන්දු යවන්නා තවමත් පාකිස්තාන ලෝක කුසලාන සංචිතයේ සිටියි. රාවල්පිණ්ඩි හිදී දන්ත වෛද්‍යවරයකු ලබා ගත් ප්‍රතිකාරයක දී ඔහුට මෙම රෝගය වැලඳී ඇත.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ එංගලන්තයේ වෛද්‍යවරයකු ශාදාබ්ගේ රෝගී තත්වය පරීක්ෂා කිරීමෙන් පසුව ඔහුට සති දෙකක විවේකයක් ලබා දිය යුතු බව තීරණය කර ඇත.

“හෙපටයිටීස් හා වකුගඩු රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වන Patrick Kennedy විසින් ශාදාබ්ව පරීක්ෂා කරනු ලැබුවා. පසුව ඔහුට ප්‍රතිකාර ලබා දී විවේක ගන්වනු ලැබුවා” පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

සති දෙකක විවේකයකින් අනතුරුව නැවතත් ඔහුගේ රෝගය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර එහි ප්‍රතිඵල අනුව ශාදාබ් ලෝක කුසලානය සඳහා සුදුසු ශාරීරික යෝග්‍යතාවකින් යුක්ත දැයි නිගමනය කරනු ඇත.

ආත්ම විශ්වාසය නංවන ශබ්දය ගැන සචින් කියයි

සචින් ටෙන්ඩුල්කාර්, එදා මෙදාතුර ලොව පහල වූ විශිෂ්ට පිතිකරුවෙකි. 2019 ලෝක කුසලානයට පෙර ඉන්දියානු කණ්ඩායමේ ආත්ම විශ්වාසය…

ශාදාබ් හා තවත් 14 දෙනෙකුගෙන් යුත් ලෝක කුසලාන සංචිතය පසුගිය මාසයේ දී පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුණි. නමුත් කණ්ඩායම්වලට මැයි 23 දක්වා සංචිතය වෙනස් කිරීමේ හැකියාව පවතී.

ශාදාබ් ඛාන් පාකිස්තාන කණ්ඩායමට එක්වන්නේ 2017 වසරේ දී ය. එම වසරේ සිට පාකිස්තාන කණ්ඩායමේ දඟපන්දු බලඇණිය ශක්තිමත් කිරීමට ඔහුගෙන් ඉටු වූ සේවය අති මහත් වේ. මේ දක්වා එක්දින තරග 34කට පාකිස්තානය නියෝජනය කර ඇති ශාදාබ් එහි දී කඩුලු 47ක් දවාගෙන ඇත. පාකිස්තාන විස්සයි විස්ස සංචිතයේ ද තම ආධිපත්‍යය පතුරවා ඇති ශාදාබ් විස්සයි විස්ස තරග 32ක දී කඩුලු 44ක් ලබාගෙන ඇත.

ලෝක කුසලානයට සහභාගි වන පාකිස්තාන සංචිතය

සෆ්‍රාස් අහමඩ්, ෆකාර් සමාන්, ඉනාම් උල් හක්, බාබර් අසාම්, ශාදාබ් ඛාන්, ශොහීබ් මලික්, ෆහීම් අශ්‍රෆ්, ශහීන් අෆ්‍රිඩි, හසන් අලී, අබීද් අලී, මොහොමඩ් හෆීස්, ඉමාඩ් වසීම්, ජුනයිඩ් ඛාන්, මොහොමඩ් හස්නයින්, හැරිස් සොහෙයිල්.

2019 ක්‍රිකට් වසන්තය හෙවත් ක්‍රිකට් ලෝක කුසලානය මැයි මස 30 වැනි දින එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<